ටීවී අසාහි කෝපරේෂන් (株式会社テレビ朝日, කබුශිකි-ගයිෂා තෙරෙබි අසාහි) යනු ජපානයේ රූපවාහිනී ජාලයකි. එය EX හෙවත් ටෙලි-අසා (テレ朝, තෙරෙ අසා) ලෙසද හඳුන්වනු ලබයි. ඕල්-නිපෝන් නිව්ස් නෙට්වර්ක් ආයතනයද එයට අයත් සමාගමකි.

ටීවී අසාහි හෝල්ඩින්ස් කෝපරේෂන්
株式会社テレビ朝日ホールディングス
පූර්වගාමියාNihon Educational Television Co., Ltd.
Asahi National Broadcasting Co. Ltd.
ස්ථාපිතයටෝකියෝ, ජපානය (නොවැම්බර් 1, 1957 (1957-11-01))
මූලස්ථානය9-1, රොප්පොන්ගි, මිනාටෝ, ටෝකියෝ, ජපානය
කර්මාන්තයසන්නිවේදනය, තොරතුරු
ආදායමSteady¥235,398 million (FY 2010)
මෙහෙයුම් ආදායමIncrease¥9,851 million (FY 2010)
ශුද්ධ ආදායමIncrease¥7,013 million (FY 2010)
මුළු වත්කම්Increase¥309,871 million (FY 2010)
මුළු සමකොටසIncrease¥242,863 million (FY 2010)
සේවකයන්1,148 (as of June 30, 2011)
මූලකාරකAsahi Shimbun (24.83%)
උපාංගයන්ටීවී අසාහි කෝපරේෂන්
වෙබ්අඩවියtv-asahihd.co.jp/
විකුණනු ලබන්නේසැකිල්ල:Tyo
ටීවී අසාහි කෝපරේෂන්
株式会社テレビ朝日
ස්ථාපිතයටෝකියෝ, ජපානය (ඔක්තෝබර් 15, 2013 (2013-10-15))
මූලස්ථානය9-1, රොප්පොන්ගි, මිනාටෝ, ටෝකියෝ, ජපානය
කර්මාන්තයසන්නිවේදනය, තොරතුරු
සේවාවන්රූපවාහිනී විකාශය, වැඩසටහන් නිෂ්පාදනය
මූලකාරකටීවී අසාහි හෝල්ඩින්ස් කෝපරේෂන්
වෙබ්අඩවියtv-asahi.co.jp
ටීවී අසාහි වර්තමාන මූලස්ථානය

ටීවී අසාහි මූලස්ථානය ටෝකියෝ නුවර රොප්පොන්ගි, මිනාටෝ හි පිහිටා ඇත. ෆුමිහිකෝ මකි විසින් නිර්මාණය කරන ලද මෙම නව මූලස්ථානයට නාලිකාව ගෙනෙනු ලැබූයේ 2003 වසරේදී ය. නමුත් 1986 සිට 2003 දක්වා එහි මූලස්ථානය වූ "ටීවී අසාහි සෙන්ටර්" හි තවමත් නිෂ්පාදන මැදිරි පිහිටා ඇත.

ඉතිහාසය සංස්කරණය

 
ටීවී අසාහි පැරණි මූලස්ථානය

ටීවී අසාහි ජාලය, නිහොන් එඩියුකේෂනල් ටෙලිවිෂන් කොම්පැනි ලිමිටඩ් ලෙස 1957 නොවැම්බර් 1 දින ආරම්භ විය. එය අදායම් ඉලක්ක කරගත් අධ්‍යාපනික නාලිකාවක් විය. එහි ආරම්භක විකාශන බලපත්‍රය අනුව එහි විකාශන කාලයෙන් අවම වශයෙන් 50%ක් අධ්‍යාපනික වැඩසටහන් සඳහාද, විකාශන කාලයෙන් 30% ළමා අධ්‍යාපනික වැඩසටහන් සඳහාද වෙන්කළ යුතු විය.

කෙසේවෙතත් එහි අදායම් ඉලක්ක කරගත් විකාශන ක්‍රමවේදය අසාර්ථක තත්වයට පත්විය. එමනිසා 1960 වසරේදී මෙම නාලිකාව සාමාන්‍ය වැඩසටහන් ආකෘතියක් ඇති නාලිකාවක් බවට පත්කෙරිණි. ඒ අනුව කාටූන් වැඩසටහන් සහ විදේශීය චිත්‍රපට මුල් කාලයේදී විකාශය විය. මෙම නාලිකාව විසින් එම වැඩසටහන් ළමයින් සඳහා වූ අධ්‍යාපනික වැඩසටහන් ලෙස දක්වමින් බලපත්‍රයේ අඩංගු කරුණු සාධාරණීකරණය කළේය. නාලිකාවේ නමද NET ලෙස වෙනස් කෙරිණි.

වසර 7කට පසු 1967දී NET නාලිකාව විසින් පළමුවරට වර්ණ රූපවාහිනී වැඩසටහනක් විකාශය කරන ලදී. මෙම නාලිකාව සාමාන්‍ය වැඩසටහන් නාලිකාවක් බවට පත්වීම සම්පූර්ණ වූයේ 1973 නොවැම්බර් මාසයේදීය. ඒ එවකට පැවති "ටෝකියෝ චැනල් 12" නාලිකාව සමග සාමාන්‍ය වැඩසටහන් නාලිකාවක් සඳහා වූ බලපත්‍රයකට ඉල්ලුම් කිරීමත් සමගය. ඒ සමගම නාලිකාවේ නාමය "NET ජෙනරල් ටෙලිවිෂන්" ලෙස වෙනස් කල අතර පසුව එය "අසාහි නැෂනල් බ්‍රෝඩ්කාස්ටින් කොම්පැනි, ලිමිටඩ්" බවට පත්විය.

1996 වසරේදී ඕල්-නිපොන් නිව්ස් නෙට්වර්ක් නාලිකාව අරාම්භ කිරීමට අසාහි රූපවාහිනී ජාලය කටයුතු කරන ලදී. ඒ සමගම නාලිකා ජාලය තුල ප්‍රතිසංස්කරණ රැසක් සිදුකරන ලදී. නාලිකාවේ ලාංඡනයද ජාතික නාලිකාවක් සේ හැඟෙන පරිදි වෙනස් කෙරිණි. 2003 ඔක්තෝබර් 1 වෙනිදා ටීවී අසාහි ජාලය සිය මූලස්ථානය "ටීවී අසාහි සෙන්ටර්" හි සිට නව ගොඩනැගිල්ලට ගෙන එනු ලැබීය.

ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් ඇතුළු ජනප්‍රිය වැඩසටහන් රැසක් ඉදිරිපත් කිරීම නිසා ටීවී අසාහි ජපානය තුල ඉතා ජනප්‍රිය විය. ආරම්භයේදී ජනප්‍රියත්වය අතින් ජපානය තුල හතරවන ස්ථානයේ සිටි අසාහි නාලිකාව 2005 වන විට දෙවන ස්ථානයට පත්වූයේ ෆුජි ටෙලිවිෂන් නාලිකාවට පමණක් දෙවෙනි වෙමිනි.

2011 ජුලි 24 වන දින ජපානයේ ඇනලොග් විකාශයන් අත්හිටුවන තුරුම අසාහි නාලිකාව ජපානයේ දිස්ත්‍රික්ක 47න් 44කම ඇනලොග් විකාශයන් සිදුකළේය. අසාහි ජාලය සතුව ප්‍රාදේශීය නාලිකා රැසක් ද පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=ටීවී_අසාහි&oldid=352226" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි