ජෝසුන්හි දන්ජොං රජ

ජොසොන්හි දන්ජොං (23 ජූලි 1441 – 24 දෙසැම්බර් 1457, රාජ්‍ය සමය 1452 - 1455) යනු ජොසොන් රාජවංශයේ හයවන රජුයි. ඔහුගේ මාමණ්ඩිය (පසුව සේජෝ රජු බවට පත් වූ) විසින් ඔහුට සිහසුන අත්හැරීමට බලකොට යොංවොල් ප්‍රාන්තය වෙත පිටුවහල් කරන ලදී. පසුව එහිදී ඔහුව ඝාතනය කෙරුණු අතර, ශේෂයන් භූමදාන කරන ලදී.[1]

යි හොං-වි
ජොසොන්හි රජ
රාජ්‍ය සමය1452 මැයි 14 – 1455 ජූනි 11
පූර්වප්‍රාප්තිකයාජොසොන්හි මුන්ජොං
අනුප්‍රාප්තිකයාජොසොන්හි සේජෝ
උපත1441 ජූලි 23
මරණය1457 දෙසැම්බර් 24 (16 වියැති)
යොංවොල් ප්‍රාන්තය, ගංවොන් පළාත, ජොසොන්
වල්ලභයාජොංසුන් අගබිසව
මරණාපර නාමය
කොරියාවේ මහා දන්ජොං ගොග්‍යුයි ඔන්මුන් සුන්ජොං අන්ජං ග්යුංසුන් දොන්හ්යෝ රජ
단종공의온문순정안장경순돈효대왕
端宗恭懿溫文純定安莊景順敦孝大王
විහාර නාමය
දන්ජොං
වංශයජොන්ජු යි
පියාජොසොන්හි මුන්ජොං
මවහ්යොන්දොක් අගබිසව
ජෝසුන්හි දන්ජොං රජ
හංගුල්단종
හන්ජා端宗
ප්‍රතිශෝධිත රෝමානුකරණයදන්ජොං
මැකූන්–‍රයිෂවර්තන්චොං
උපන් නාමය
හංගුල්이홍위
හන්ජා李弘暐
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉ හොං-වි
මැකූන්–‍රයිෂවර්ඉ හොංවි
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

රාජ්‍ය සමය සංස්කරණය

ඔහුගේ උපතින් දි‍නකට පසුව, ඔහුගේ මව වූ හ්යුන්දොක් අගබිසව (1418 ~ 1441) මියගියා ය. දන්ජොං රජු සිය පියා වූ ජොසොන්හි මුන්ජොං රජුගෙන් පසු රජකමට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 12කි. රාජ්‍ය පාලනයට ඔහු ලාබාල වැඩි වූ බැවින්, රාජධානියේ රජය එහි ප්‍රධාන අමාත්‍ය හ්වංබෝ ඉන් සහ ඔහුගේ උප-ප්‍රධාන අමාත්‍ය සෙන්පති කිම් ජොංසෝ යටතට පත් විය.

1453දී, රජුගේ මාමණ්ඩිය වූ ජොසොන්හි සේජෝ විසින් මෙහෙයවූ කුමන්ත්‍රණයක් මගින් රජය සේජෝ අතට පත් විය. මෙහිදී සේජෝ විසින් මහා සේජොං රජුගේ රාජසභාවේ සේවය කළ බොහෝ විද්වතුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් සිය සිහසුනට පත්වීමේ අපේක්ෂාවට සහාය වන ලෙස ඉල්ලා සිටියේ ය. හ්වංබෝ ඉන් සහ කිම් ජොංසෝව අල්ලාගෙන ග්යොංබොක්ගුං මාලිගයේ දොරටුව ඉදිරිපිට දී මරාදමන ලදී. 1455දී දන්ජොංව බලයෙන් පහකොට යොංවොල් ප්‍රාන්තය වෙත පිටුවහල් කරන ලදී.

එම වර්ෂයේම, මාලිගයේ අමාත්‍යවරුන් සය දෙනෙක් දන්ජොංව නැවත සිහසුනට පත්කිරීමට උත්සාහ ගත්ත ද, ඔයුන්ගේ සැලසුම හෙලීවීමෙන් පසු වහාම ඔවුනට දඬුවම් පැමිණවිණි. මෙය තම පාලනයට බාධාවක් වේ යැයි සතූ සේජෝ රාජසභාවේ අවවාද පිළිගත් අතර, දන්ජොං තනතුරෙන් නිදහස් කරන ලදී. 1457දී, දන්ජොං පිටුවහල් කළ භූමියේ ඔහුගේ නිවස තුළ දී ඝාතනය කෙරිණි.

පිටුවහල් කළ කාලෙය් දන්ජොංගේ පදවිය අහෝසි කෙරුණු අතර, පසුව ඔහුව හැඳින්වූයේ "නොසන් කුමරු" (노산군) යන නාමයෙනි. සුක්ජොං රජ සමයේ, විද්වතුන් විසින් ඔහුගේ තනතුර යළි පිහිටුවීමට යෝජනා කළ අතර, 1698දී නිලයෙන් පහත හෙළුණු නොසන් කුමරු මරණාපරව නිලයෙන් ඔසවා තැබිණි. එහිදී ඔහුට "දන්ජොං" යන මරණාපර නාමය ලබා දී, එතැන්සිට දන්ජොං රජු ලෙස හඳුන්වන ලදී.

පවුල සංස්කරණය

  • පියා: මුන්ජොං රජු (문종)
  • මව: අන්දොං ක්වොන් වංශයේ හ්යොන්දොක් අගබිසව (현덕왕후 권씨,12 මාර්තු 1418 – 24 ජූලි 1441)
  • බිසෝවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
  1. යෝසන් සොං වංශයේ ජොංසුන් අගබිසව[2] (정순왕후 송씨, 1440 – 4 ජූනි 1521)[3][4][5]
  • දරුවන් නැත
  1. කිම් සුක්-උයි (숙의 김씨)
  • දරුවන් නැත
  1. ක්වොන් සුක්-උයි (숙의 권씨)
  • දරුවන් නැත

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය සංස්කරණය

  • කොරියාවේ මහා දන්ජොං ගොංග්‍යුයි ඔන්මුන් සුන්ජොං අන්ජං ග්යුංසුන් දොන්හ්යෝ රජ
  • 단종공의온문순정안장경순돈효대왕
  • 端宗恭懿溫文純定安莊景順敦孝大王

මේවාත් බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. ලී, ජොං-බොං (1 ජූනි 2011). "අ හැම්ලට් රිච් ඉන් හිස්ට්‍රි ඇන්ඩ් ආට්". ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 27 ජනවාරි 2013.
  2. ඇගේ සැමියාගේ ධුරයෙන් පහකොට නෙරපීමෙන් පසු ඇයව බිසෝ කුමරිය තනතුර දක්වා පහත හෙළිණි. 1698 නොවැම්බර් 6 ඇයව නැවත තනතුරෙහි ප්‍රතිෂ්ඨාපනය කෙරිණි.
  3. අභ්‍යන්තර කුමාර යෝර්යැං (여량부원군) හෙවත් සොං හ්යොන්-සූගේ (송현수) සහ අභයන්තර කුමරුගේ බිසෝකුමරිය වූ යොහ්‍යුං මින් වංශයේ යෝහ්‍යුං ආර්යාවගේ (여흥부부인 민씨) දියණියයි. සොං ගෝගේ (송거) නැගණියයි. සොං බොක්-වොන්ගේ (송복원) මිණිපිරියයි. සොං ජොං-සූගේ (송정수) ලේලියයි. සොං යොංගේ (송영) නෑනණ්ඩියයි.
  4. එසේම ඇය ප්‍රධාන කුමරු යොංග්‍යොංගේ බිසෝ කුමරියගේ ලේලිය ද වේ.
  5. 1454 ජනවාරි 22 විවාහ කරගන්නා ලදී
ජෝසුන්හි දන්ජොං රජ
උපත: 23 ජූලි 1441 මරණය: 24 දෙසැම්බර් 1457
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
මුන්ජොං
ජොසොන්හි රජ
14 මැයි 1452 – 11 ජූනි 1455
අනුප්‍රාප්තික
සේජෝ
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_දන්ජොං_රජ&oldid=400815" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි