ජේම්ස්, සෙබඩීගේ පුත්

සෙබෙත්ගේ පුත් ශාන්ත ජාකොබ් ජේසුස් වහන්සේගේ එක් ශ්‍රාවකයෙකි. ඔහු සෙබඩි හා සලෝමි යන දෙදෙනාගේ පුත් වු අතර ශුද්ධවර ජොහාන්ගේ සහෝදරයා විය. ධර්ම දූත ජේම්ස් ගෙන් වෙන් කිරීම සඳහා ඔහුව සාන්තුවර මහා ජා‍කොබ් යන නමින් හැඳින්වේ. ඔහු ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරට පළමුවෙන්ම සම්බන්ධ වු අයෙකි. ජාකොබ් සංක්ෂිප්ත ශුභාරංචිය සඳහන් කරන පරිදි ජේසුස් වහන්සේ ජාකොබ් හා ජොහාන්ට කතාකොට සංචාරය කිරීමට ආරාධනා කළේ ඔවුන් දෙදෙනා තම පියා සමඟ මුහුදු වෙරළේ සිටිය දී ය. මාර්ක්ට අනුව ජේම්ස් හා ජෝන් හඳුන්වන්නේ ගිගිරුමේ පුතණුවන් යනුවෙනි. ධර්ම දූතවරුන්ගේ ක්‍රියා පොතේ 12:1-2 වර්ථාවන් අනුව හෙරො‍ද් රජු විසින් ජේම්ස්ව කඩුවෙන් ඇණ මරා දමනු ලැබුවේය.

tiny globe
රෙම්බ්රන්ට් නම් ශාන්ත ජාකොබ් ධර්ම දූතවරයා හා ප්‍රාණපරිත්‍යාගවරයා
මරණය 44 ජුදෙව් (Judea) හිස ගසා දැමීම
ගෞරවය දැක්වීම සියළුම ක්‍රිස්තු ධර්මයන්
ප්‍රධාන සිද්ධස්ථානය සන්තියාගෝ ද කොස්පොස්තලා දේවස්ථානය. ගලිසියා (ස්පාඤ්ඥය)
මංගල්‍යය ජුලි 25 උපලක්ෂණය රැලිබෙල්ලා, සංචාරකයින්ගේ හිස්වැස්ම, පශුවෛද්‍යවරුන්, අසරුවන්, ලොම් වෙළඳන්
අනුග්‍රහය ඖෂධ‍වේදියන්, ගුආතමාලා නිකරගුවා, ස්පාඤ්ඤය, සන්තියාගෝ ද ක්වෙරේතරෝ


ඔහුගේ මළ සිරුර ගලිසියේ (ස්පාඤ්ඤයේ) සන්තියාගෝ ද කොම්පොස්තලාහි, තැන්පත් කර ඇති බවට තොරතුරු ලැබි ඇත. ඔහුගේ භූමිදාන නගරය, කතෝලික ධර්මයේ තුන්වන ශුද්ධ වු නගරය හැටියට පිළිගෙන ඇත. (ජේරුසලම් හා රෝමය යන නගරයන්ට පසුව). මෙම ශාන්තුවරයාගේ සොහොනට යන වන්දනා ගමන යුරෝපියානු කතෝලිකයන් අතරේ ප්‍රධාන හා ප්‍රසිද්ධත්වයකට පත් වු වන්දනා ගමනකි. එම නිසාම මොහුව වන්දනාගමන්වල නියැලෙන්නන්ගේ එක් ආරක්ෂක මුනිවරයෙකු ලෙස පිළිගෙන ඇත.


සටහන් සංස්කරණය

James son of Zebedee
"https://si.wikipedia.org/w/index.php?title=ජේම්ස්,_සෙබඩීගේ_පුත්&oldid=469297" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි