ජාතික රිපබ්ලිකන් පක්ෂය

ජාතික රිපබ්ලිකන්වරු යනු එක්සත් ජනපදයෙහි දේශපාලන පක්ෂයකි. ජෝන් ක්වින්සි ඇඩම්ස්ගේ (1825–1829) පාලන සමයෙහිදී, ජනාධිපතිවරයාගේ පාක්ෂිකයන් හැඳින්වුනේ ඇඩම්ස්ගේ මිනිසුන් හෝ ජැක්සන්-විරෝධින් ලෙසය. 1828 වසරේදී, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙසින්, ඇන්ඩෲ ජැක්සන් තේරී පත්වූ විට, මෙම කණ්ඩායම විරුද්ධ පක්ෂයෙහි කොටසක් බවට පත් විය. "ජාතික රිපබ්ලිකන්" යන පදය භාවිතයේ පවතින්නේ, වසර 1830 දින වකවානුවෙහි සිටය.

ජාතික රිපබ්ලිකන් පක්ෂය
ආරම්භය1824 (1824)
විසුරුවාහැරුම1833 (1833)
පූර්වප්‍රාප්තියඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂය,
ෆෙඩරලිස්ට් පක්ෂය
වෙතට ඒකාබද්ධය විග් පක්ෂය
මතවාදයසම්භාව්‍ය ලිබරල්වාදය
කාර්මිකරණය
නවීකරණය
එක්සත් ජනපදයේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

වසර 1825 දී ජෝන් ක්වින්සි ඇඩම්ස් ජනාධිපති ධූරයට පත් වීමට පෙර සිටදීම, දශකයකට වැඩි කාල සීමාවක් තුල පැවති එකම ඇමරිකානු දේශපාලන පක්ෂය වූ ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂය, බිඳී යාම ඇරඹුනේ, එහි අධස්ථලය සහ අනන්‍යතාව අහිමිකර ගනිමිනි. අපේක්ෂකයන් තොරා ගැනීමට එහි දේශපාලන බල මණ්ඩල තවදුරටත් රැස් නොවූයේ ඒවාට වෙනත් අභිරුචියන් තිබූ නිසාය. 1824 මැතිවරණයෙන් පසුව, ඇඩම්ස්ට පක්ෂපාති සහ ඇන්ඩෲ ජැක්සන්ට පක්ෂපාතී ලෙසින්, කණ්ඩායම් දෙකක් පෙල ගැසිනි. ( ඩැනියෙල් වෙබ්ස්ටර් සහ ඇඩම්ස් වුව වැනි), බොහෝ පූර්ව- ෆෙඩරලිස්ට් පාක්ෂිකයන් ඇතුළුව, ඇඩම්ස්-පාක්ෂික දේශපාලනඥයින්, ක්‍රමයෙන් විකාසයට පත් වූයේ ජාතික රිපබ්ලිකන් පක්ෂය තැනීම කෙරෙහි වූ අතර, ජැක්සන්ට පක්ෂපාතිත්වය දැක්වූ දේශපාලනඥයෝ, නූතන ඩිමොක්‍රටික් පක්ෂය සංස්ථාපනය කිරීමට, පසුකාලීනව උපකාරී වූහ.

ජෝන් ක්වින්සි ඇඩම්ස් වෙත පක්ෂපාතිත්වය දැක්වූ තත් කාර්ය හවුල් සන්ධානය, 1828 වසරෙහිදී යළි-පත්වීම උදෙසා ඔහුගේ උත්සාහය ව්‍යර්ථව පරාජයට පත්වීමත් හා සමගම බිඳී ගියේය. නව ජනාධිපති ජැක්සන් හට එල්ලවූ ප්‍රධාන විපක්ෂය වූයේ, හෙන්රි ක්ලේ විසින් තනා ක්‍රියාත්මක කරවූ ජාතික රිපබ්ලිකන් පක්ෂය හෝ ජැක්සන්-විරෝධීන් වූහ. ඇඩම්ස්වාදීන්ගේ ජාතිකවාදී දර්ශනයම දැරූ එයට අවශ්‍යවූයේ, ජාතික සම්පත් භාවිතා කරමින් ප්‍රබල ආර්ථිකයක් ගොඩනැංවීමයි. ජාතික වශයෙන් මුදල් යෙදවෙන අභ්‍යන්තර දියුණුකිරීම් සහ ආරක්ෂණවාදී අයබදු ක්‍රමයකින් සමන්විත වන හා, වේගවක් ආර්ථික සංවර්ධනයක් වෙත අනුග්‍රහය දක්වන, ක්ලේගේ ඇමරිකානු ක්‍රමය එහි පදනම විය. වඩාත් වැදගත් ලෙසින්, පක්ෂයේ අභිප්‍රාය වූයේ, විවිධ පළාත් වල වෙනස්වූ අපේක්ෂාවන් බද්ධ කරමින්,ජාතික සමගිය සහ එකමුතුකම නැංවීමය. ජාතික රිපබ්ලිකන් පක්ෂය විසින් ඒකාබද්ධ රජ්‍යය දුටුවේ සංයුක්ත, ඓන්ද්‍රීය සමස්තයක් ලෙසිනි. එබැවින්, ජාතික අපේක්ෂාවන් සඳහා, ඔහු විසින් නිමැවුනු විස්තීර්ණ දෘෂ්ටිකෝණය වෙනුවෙන්, උත්කෘෂ්ට ලෙසින් ක්ලේ සැලකීමට පොදු ජනයා උත්සුක වූහ. අනෙක් අතට, ජාතික අපේක්ෂාවන් පසෙක ලා, ප්‍රාදේශීය අවශ්‍යතා සැපිරීමට ඡන්ද ආයාචනා කිරීම සිදුකරන, "පක්ෂ" දේශපාලනඥයන් ලෙසින් හඳුනාගත්තවුන්, ඔවුන් විසින් හෙළදකිනු ලැබීය.[1] 1831 වසරෙහි අගභාගයෙහිදී, ජාතික සම්මේලනයක් පැවැත්වූ පක්ෂය, ජනාධිපතිධූරය සඳහා ක්ලේගේ නමද, උපජනාධිපති ධූරය සඳහා ජෝන් සාජන්ට්ගේ නමද යෝජනා කළහ. මැසානික්-විරෝධින්, කලකිරුනු ජැක්සනියානුවන් සහ, දශකයකට පෙර අවසන් දේශපාලන ක්‍රියාකාරිත්වයෙහිදී ෆෙඩරලිස්ට්වරුන් ලෙසින් සිටියවුන් හා සමගින්, ජාතික රිපබ්ලිකානුවන්ගේ සමගි සන්ධානයක් ගොඩනගා තරග වැදුනු ක්ලේගේ පරාජයෙන් අනතුරුව, වසර 1833-34 කාලසීමාවේදී විග් පක්ෂය බිහිවුනි. මෙම කෙටි කාලසීමාවෙහිදී, අනෙකුත් කුඩා පක්ෂ සමග සන්ධානගතවූ එය, ජනාධිපති ජැක්සන් සහ ඔහුගේ ප්‍රතිසංස්කරණයන්ට විරුද්ධව, විග් පක්ෂය තැනීය.

මැතිවරණ වසර ප්‍රතිඵලය නාම යෝජනා ලද්දෝ
ජනාධිපති උප ජනාධිපති
1828 පැරදුනි ජෝන් ක්වින්සි ඇඩම්ස් රිචඩ් රෂ්
1832 පැරදුනි හෙන්රි ක්ලේ ජෝන් සාජන්ට්

මෙයද බලන්න සංස්කරණය

සටහන් සංස්කරණය

  1. බ්‍රවුන් (1985), පි. 20.

ආශ්‍රිත සංස්කරණය

  • තෝමස් බ්‍රවුන්; පොලිටික්ස් ඇන්ඩ් ස්ටේට්ස්මන්ෂිප්: එසේස් ඔන් ද ඇමරිකන් විග් පාටි. කොලොම්බියා විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 1985.
  • කැරල්, ඊ. මැල්කම්; ඔරිජින්ස් ඔෆ් ද විග් පාටි ඩියුක් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 1925. පරිච්ඡේදය 1
  • මයිකල් එෆ්. හෝල්ට්; ද රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද ඇමරිකන් විග් පාටි: ජැක්සෝනියන් පොලිටික්ස් ඇන්ඩ් ද ඕන්සෙට් ඔෆ් ද සිවිල් වෝ. 1999
  • රොබට් වී. රෙමිනි, හෙන්රි ක්ලේ: ස්ටේට්ස්මන් ෆො ද යූනියන් (1993)