චමින්ද වාස්

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා


වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝසෆ් චමින්ද වාස් (1974 ජනවාරි 27 මත්තුමගල දී උපත ලැබීය) ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර ඔහු ‍රටෙන් මතු වුණ හොඳම වේග පන්දු යවන්නා ලෙස සලකනු ලැබේ. BBC ගුවන් විදුලි සේවයෙහි විශේෂ ටෙස්ට් තරඟ සඳහා සංඛ්‍යාලේඛනඥ සහ ලකුණු ගණන් බලන්නෙකු වන බිල් ෆ්‍රින්ඩල්ට අනුව ඔහුගේ අදහස වන්නේ චමින්ද යනු ඔහුගේ අවසන් නම වන අතර එම නිසා ඔහුගේ නමෙහි මුලකුරු WPUJC ලෙස කියවිය යුතු බවය. 2004 වර්ෂයේ දී ඔහු ICC කුසලාන සමාරම්භක උළෙලේ දී ලෝක ටෙස්ට් ශූරතා සහ එක්දින XI තරග සඳහා තෝරා ගනු ලැබීමෙන් සිය දක්ෂතා සඳහා නමක් දිනා ගත්තේය. ඔහු නැවත වතාවක් 2005 ත්‍යාග ප්‍රදානයේ දී ලෝක ටෙස්ට් XI ශූරතා තරඟය සඳහා තෝරා ගනු ලැ‍බුණි.

චමින්ද වාස්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම Warnakulasuriya Patabendige Ushantha Joseph Chaminda Vaas
අපනාමය Vasy
උස 5 අඩි 10 අඟල් (1.78 m)
පන්දුවට පහර දීමේ ශෛලිය Left-handed
පක්දු යැවීමේ ශෛලිය Left arm fast
භූමිකාව Opening Bowler
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායම Sri Lanka
ටෙස්ට් මංගලාවතරණය (වරම 63) 26 August 1994 සඳහා Pakistanට එරෙහිව
අවසාන ටෙස්ට් තරගය 20 July 2009 සඳහා Pakistanට එරෙහිව
එදිජා මංගලවාතරණය (cap 75) 15 February 1994 v India
අවසාන එදිජා තරගය 27 August 2008 v India
එදිජා කමිස අංකය. 22
Domestic team information
වසර කණ්ඩායම
1990/91– Colts Cricket Club
2003 Hampshire
2003/04 Uva
2005 Worcestershire
2007 Middlesex
2007/08-2009/10 Deccan Chargers
2010–2012 Northamptonshire (squad no. 6)
වෘත්තීමය සංඛ්‍යායන
තරගාවලිය Test ODIs FC LA
තරග 111 322 227 412
රැස්කල ලකුණු ගණන 3,089 2,025 6,223 3,220
පිතිකරණයේ සාමාන්‍යය 24.32 13.68 25.82 16.59
100s/50s 1/13 0/1 4/29 0/8
වැඩිම ලකුණු ගණන 100* 50* 134 76*
පන්දු යැවීම් 23,438 15,775 41,266 19,411
කඩුලු 355 400 772 506
පන්දු වැවීමේ සාමාන්‍යය 29.58 27.53 24.64 26.63
ඉනිමකදී කඩුලු 5 12 4 34 4
තරගයකදී කඩුලු 10 2 n/a 4 n/a
හොඳම පන්දු යැවීම 7/71 8/19 7/28 8/19
පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් 31/– 60/– 57/– 83/–
මූලාශ්‍රය: CricketArchive, 24 December 2012

දිවියේ විශේෂ අවස්ථා සංස්කරණය

කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වූයේ 1994 දීය. ඔහු ඔහුගේ අන්තර්ජාතික ක්‍රිකට් දිවියේ ප්‍රථම වසරේදීම නැපියර්හිදී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට උදව් විය. එය ශ්‍රී ලංකා කණ්ඩායම මව් රටෙන් පිටදී ලබාගත් ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය විය. එහිදී වාස් ප්‍රථම ඉණිමේදී 5 - 42 ද දෙවන ඉණිමේ දී 5 – 43 ද ලබා ගත්තේය.

2001 – 02 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ජයගත් තරඟාවලියකදී ඔහු විසින් කඩුළු 26 ක් ලබා ගන්නා ලදී. මෙයට එක් තරඟයකදී ලබාගත් කඩුළු 14 ක් ද ඇතුළත් වේ. එවැනි දක්ෂතාවක් පෙන්වා තිබෙන්නේ උප මහාද්වීපයේ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු විසින් පමණි. අනෙක් තැනැත්තා වන්නේ ඉම්රාන් ඛාන්ය. ළඟදී ඔහුව ඇෆ්‍රො ඒෂියා කුසලානයට තෝරාගත් මුත් රටට වී තිබුණු පොරොන්දුවීම් මත එයින් ඉවත් විය.

2007 ජුනි 26 ඔහු ඔහුගේ ප්‍රථම ටෙස්ට් ශතකය බංග්ලාදේශයට එරෙහිව කොළඹදී වාර්තා කරන ලදී. එහිදී ඔහු නොදැවී එම ලකුණු 100 රැස් කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම 577 – 6 ක්ම තිබියදී ඉණිම අත්හිටුවීය.

"https://si.wikipedia.org/w/index.php?title=චමින්ද_වාස්&oldid=412889" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි