ගුවන් යානා ගෙන යන නෞකා


මෙවැනි යානාවක මුලික කාර්යභාරය වන්නේ යුධ නැවක් ලෙස ක්‍රියා කරමින් මුහුදේ අහස් යානාංගනයක් ලෙස ක්‍රියා කිරීමය. මෙමඟින් නාවුක හමුදාවකට හමුදා අංගනයක නොසිට සිය ගුවන් බලය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසේ. මෙවැනි සුපිරි නෞකා නිපදවු‍යේ නැවක සිට බැලුන ගුවන් ගත කරමින් යුධ බිමේ ඔත්තු බැලූ ප්‍රාථමික යානාවල සිටය. දැනට මේ නැව් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන කැරකැවෙන අවර පෙති සහිත යානා විසිතිස් ගණනක් දැරිය හැකි සුවිසල් යානාය.

tiny globe

19 වැනි හා 20 වැනි සියවසේදී මුලින්ම ඔත්තු බැලීම සඳහා නියමුවන් සහිත බැලුන ගුවන් ගත කෙරිණ. 1903 දී යානයක් ගුවන් ගත කළ අතර 1910 ඇමරිකා එක්සත් ජනපද නෞකාවක් වූ  Cruiser ප්‍රථම ගුවන් යානය ගුවන් ගත කළේය.මෙසේ මුහුදු ගුවන් යානා ගුවන් ගත කිරීම් සිදුවූ අතර බ්‍රිතාන්‍යයේ සිය HMS Engadine නෞකාවද එයින් එක් යානයකි. ප්‍රථම වරට සමතලා මතුපිට සහිත විශාල නැව් නිපදවීම්ද ආරම්භ විය. 1920 වන විට මෙවැනි නෞකා නිෂ්පාදනය වේගවත් වූ අතර බ්‍රිතාන්‍යයේ HMS Hermes Hosho සහ ඇමරිකා එක්සත් ජනපදයේ Lexington නෞකාවද ඒ අතරට එක්විය.II වැනි ලෝක යුද්ධයේ දී විවිධ වර්‍ගවල ගුවන් යානා රඳවන යානා භාවිතා කළේය. ඇමරිකා එක්සත් ජනපදෙයේ පරිවාර යානාවක් වන Barnes නෞකාවද නිදවුයේ II වැනි ලෝක යුධ සමයේ ය.

මෙම බොහොමයක් නෞකා ගුවන් යානාංග ලෙස නිපදවුවද තවත් සමහරෙක් නිපදවුයේ පැවති වෙළඳ නෞකා වෙනස් කරමින් ය. ඒවා ද්විත්ව කාර්ය ‍යානා ලෙස වැඩි දියුණු කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදයට අයත් Independence නෞකාව සැහැල්ලු ගුවන්යානා ගෙන යන නෞකාවකට වඩා යුධමය කටයුතු වෙනුවෙන්ම නිපදවූ පරිවාර ගණයේ යානාවක් විය. මෙම යානා යුධමය කටයුතු සඳහාම නිපදවූ නිසා වැඩි වේගයකින් යුතු නෞකාවක් විය.

යුධමය හදිසි තත්ත්වය උදෙසා පරිවර්තනය කරන ලද සමහර නෞකා වලට කැටපෝල්ට් ක්‍රමයෙන් ගුවන් යානා රඳවා ගත නොහැකි වන්නේ ඒවා වෙළඳ නැව් පරිවර්තනය කරමින් නිපදවා ඇති නිසාය. මේවාට උදාහරණ ලෙස බ්‍රිතාන්‍ය එස්.එස් Michael E නෞකාව හැඳින්විය හැකිය.

The Japanese seaplane carrier Wakamiya conducted the world's first naval-launched air raids in 1914.

මෙම නෞකා හදිසි අවස්ථාවලදී යොදා ගත හැකි වෙළඳ නෞකා විය. (MACs) බ්‍රිතාන්‍යයට අයත් MV Empire Mac Alpine නෞකාව මෙවැනි එක් යානාවක් විය . එය ධාන්‍ය ගෙනයාමට යොදා ගත් නෞකාවකි.

රාජකීය ජපන් හමුදාව විසින් සිය බිඳවැටුණු මුහුදු බලය තර කර ගැනිම සඳහා මෙවැනි නෞකා නිපදවීම සිදු කරන ලදී.

1943 දී මෙවැනි යානා 2 ක් නිපදවා ඇති අතර එය battle of midway සදහා යොදාගෙන ඇත. මෙම වෙනස සිදුකර ඇත්තේ නැවේ උඩ කොටස ඉවත්කර ගුවන් යානා නැවැත්වීමට අවශ්‍ය කැටපෝලට් ඇමුණුමක් මෙම යානාවලට ඇතුලත් කර යානාංගනයක් ලෙස සකස් කිරීමෙනි.

බර යානයක් වූ ජපානයේ Mogami නෞකාවද මෙවැනිම වෙනස්කමකින් නිපදවා ඇත. මෙම වෙළඳ නැව් යුධ නැව් බවට පත්කිරීම එතරම් සාර්ථක කාර්යයක් වුයේ නැත.

ප්‍රංශ Surcouf හා ජපාන 1 - 400 යන නෞකා ප්‍රහාරක ගුවන් යානා ගෙන යන සබ්මැරීන නෞකා ය. මේවාට Aichi M6A Seiran ගුවන් යානා ත්‍රිත්වයක් රැගෙන යා හැකිය. මේවා එතරම් සාර්ථක නොවු යුධ යානා වූ අතර 1920 ගණන්වල දී නි කෙරිණි.

නැව් පංතියේ ප්‍රමුඛයා ලෙස නාවික හමුදා විසින්මෙවැනි යානා හඳුන්වන ලබන්නේ අතර පෙරදී මේ තැන ලැබී තිබුනේ යුධ නැවටය. කෙසේ වුවද යුද්ධයේදී ගුවන් බලය පිළිබඳ අදහස් මුලින්ම කරළියට ආවේ II වැනි ලෝක යුධ සමයේ දීය . මේ නිසා යුධ ගුවන් යානාවල හැකියාවෙ,කාර්යක්ෂමභාවය හා දුර පිළිබඳව සිතන්නට පෙළඹී ඇත.ටොන් 75000 ක් බර Super carrier නෞකාව මෙම සියලු නෞකාවල අග රැජින ලෙස දැක්විය හැකිය. මෙවැනි බොහෝමයක් නැව් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන අතර යාත්‍රා කරන්නේ මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈතක සිටය.

ඇමරිකානු එක්සත් ජනපද Tarawa හා බ්‍රිතාන්‍ය HMS Ocean යන නෞකාද පහර දෙන යානා රැගෙන යන ඒවාය. ඒවායේ විශාල ගණනක් හෙලිකොප්ටර් රැගෙන යා හැකිය. මෙම ද්විත්ව හැකියා ඇති යානාවලට කමාන්ඩෝ යානා රැගෙන යාමේ (V STOL යානා ) හැකියාව ද ඇත.

මෙම නැව්වලට වෙඩිබලයක් නොමැති වීම නිසා මෙවැනි යානා සතුරන්ට ඉලක්ක විය හැකිය. අනෙක් නැව්වලින්, ගුවන් යානා සබ්මැරීන හෝ මිසයිල හෝ සතුරු ආක්‍රමණ ඇතුලත්වේ. ප්‍රධාන ගණයේ යුධ නැව් වලට අමතරව මෙම නැව් සදහාද 20 වන සියවසේ විශාල ලෙස මුදල් වැයකරමින් විශාල ගුවන් යානා ගෙන යාහැකි ලෙස නිපදවා ඇත.ඇමරිකානු එක්සත් ජනපදයේ හමුදාව සතු Nimitz නෞකාව II වැනිලෝක යුධ සම‍‍යේ තිබූ Enterprise හා සැසදීමේ දී සිව් ගුණයක විශාලය. පසුගිය වසර කීපය තුළ නිපද වූ යුධ ගුවන් යානාවල ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වුවද ඒවායේ තත්ත්වය,ගෙන යන ගුන් යානා වල ප්‍රමාණය විශාල නොවීය.


ප්‍රහාරක ගුවන් යානා රැදවුම් නෞකා සංස්කරණය

 
ප්‍රහාරක ගුවන් යානා රැදවුම් නෞකාවක්

ඇමරිකා එක්සත් ජනපද ජෝන් එෆ්. කෙනඩි, ‍ජෝන් ස්ටෙනිස්, ප්‍රංශයට අයත් චාල්ස් ඩිගෝල්, බ්‍රිතාන්‍ය HMS ඕෂන් යන නෞකා සහ පරිවාර යානා සමූහය 2002 සිට සක්‍රීය සේවයට යොදවා ඇත. යුධ අවස්ථාවකදී මෙම නැව් සමූහය එකිනෙකට ආසන්නව යාත්‍රා කරයි. නාවික හමුදාව සතු අති විශාලම නෞකා වන්නේ ප්‍රහාරක ගුවන් යානා රැඳවුම් නෞකාවන්ය. Nimitz රැඳවුම් නෞකාව බලගන්වන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 2 කින් හා වාෂ්ප ටර්බයින 2 කිනි. මෙම නෞකාව අඩි 1092 (මීටර් 333) ක දිගින් යුක්ත වන අතර වටිනාකම පවුම් බිලියන 4.5 කි. ලොව වැඩිම ප්‍රහාරයක ගුවන් යානා රැඳවිය හැකි නෞකා සතුවන රාජ්‍යය නම් ඇමරිකා එක්සත් ජනපදයයි. ලොව සුපිරි එවැනි යානා සහිත එකම රටද ඇමරිකා එක්සත් ජනපදය වන්නේය. ඇමරිකාව තවත් එවැනි යානා 02 ක හිමිකරුවෙක් වීමට ආසන්න සිටින අතර ඉන් එකක් අධි සුපිරි යානයක් ද වන්නේය. මෙවැනි යානා එක්සත් ජනපදය ආරක්ෂාව අතින් ලොව සුපිරි බලවතා බව පෙන්වන කදිම සාක්ෂි වේ. දැන් ප්‍රංශය සතුවද චාල්ස් ඩී ගෝල් ‍යානා රඳවන නෞකාව (R - 91) ක් ඇත. ඇමරිකාව හැරණු කළ එවැනි සුපිරි යානයක් සතු ලොව එකම රට බවට ගෞරවය හිමිවන්නේ ප්‍රංශයටය.


ලොව රටවල් 9ක මෙවැනි ප්‍රහාරක ගුවන් යානා රඳවන නෞකා 21 ක් සක්‍රීයව යාත්‍රාවේ යොදවා ඇත. එම රටවල් නම් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය,ප්‍රංශය,රුසියාව,ඉන්දියාව, ඉතාලිය, ස්පාඤ්ඤය, බ්‍රසීලය හා තායිලන්තය යන රටවල්ය. මීට අමතරව රුසියානු නිෂ්පාදනයක් වන චීනයේ Varyag නෞකාවද සක්‍රීය තත්ත්වයේ පවතී. නමුත් නාවික විශ්ලේෂකයන්ට අනුව චීනය මෙම යානය භාවිතා කරන්නේ අනාගත නෞකා තටාකයේ ප්‍රවර්ධනයට විනා යුධ කටයුතු සඳහා නොවේ.


එක්සත් ජනපදය, බ්‍රසීලය, උතුරු කොරියාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, චීනය,ඉන්දියාව ජපානය,ඔස්ට්‍රේලියාව,චිලී දේශය,සිංගප්පුරුව හා ප්‍රංශයද බහු කාර්ය හෙලිකොප්ටර් යානා ප්‍රවාහනය කල හැකි නෞකා භාවිතා කරයි.


මෙම ගුවන් යානා රඳවන සුපිරි නෞකා යාත්‍රා කරන්නේ පරිවාර නෞකා සමූහයක්ද කැටුවය. ඒ ආරක්ෂාව සඳහා මෙන්ම අනෙකුත් ප්‍රායෝගික අවශ්‍යතාද නිසාය. මෙවැනි නෞකා ‍පොකුරක් හදුන්වන්නේ සංග්‍රාම නෞකා සමුච්චය ලෙසයි.


21 වන සියවසේ මුල් භාගයේද මෙම නෞකා වල ගුවන් යානා 1250 ක් තරම් ගෙනයාමේ හැකියාව පැවතිණ. ඇමරිකානු යුධ නෞකා වලට ගුවන් යානා 1000 ම ගෙන යාමේ හැකියාව ඇත. බ්‍රිතාන්‍ය හා ප්‍රංශය‍මෙම හැකියාව ඇත. බ්‍රිතාන්‍ය හා ප්‍රංශයටද මෙම හැකියාව වර්ධනය කර ගැනීමේ උත්සාහයක යෙදී සිටී. නමුත් දැනට මෙම හැකියාවේ සුපිරි බලවතා ඇමරිකාවයි.


ගුවන් පථ සහිත නෞකා සංස්කරණය

මුහුද මැද තනා ඇති ගුවන් පථ ලෙස මෙම යුධ නෞකා හැඳින්විය හැකිය. ගුවන් ගත කිරීම් නැවේ ඉදිරි පස කොටසේ ඇති ගුවන් පථයේදීත් පතිත කිරීම් නැවේ පසුපස ඇති ගුවන් පථ වලිනුත් සිදු කරයි. ගුවන් යානා ගුවන් ගත කිරීමේ වේගය පාලනය කර ගැනීම සඳහා නෞකාව පැයට කිලෝමීටර 60 ක වේගයක් රඳවා ගත යුතුය. මෙමඟින් නෞකාවට සාපේක්ෂව යානාව දැරිය යුතු වේග පාලනයක් සිදු කරයි. සමහර නෞකා වාෂ්ප බලයෙන් ක්‍රියා කරන කැටපෝල ඇමුණුමක් මඟින් ගුවන් යානයේ එන්ජිම් වලට අවශ්‍ය වේගය ලබා දීමේ සහායක කාර්යක නියලී සිටී.


නමුත් සාම්ප්‍රදායික නෞකාවල ඇති කොක්කක් ගුවන් පථයේ ඇති කම්බි වල දැවටීමට සැලැස්වීමෙන් යානය කෙටි දුරකින් පතිත කිරීමට (landing) හැකි වේ. හෙලිකොප්ටර් සහ VISTOL (සිරස්/ කෙටි දුර ගුවන් ගත කරන යානා) ඒවායේ ඇති පාවීමේ හැකියාව ප්‍ර‍යෝජනයට ගෙන යානය ගොඩ බෑම සඳහා උපකාරී කර ගනී


සාම්ප්‍රදායික යානා ( ඇමුණුම් කොක්කත් සහිත ) LSO (ගුවන්යානා ගොඩබෑමට උදව් වන නිලධාරියෙකුගේ සහය ලබා ගනී. එමඟින් ලබාගන්නා දත්ත මඟින් නියමුවා යානය ගොඩ බෑම සිදු කරයි.


විශේෂයෙන් ගුවන් පථ හදුන්වාදීමට පෙර එනම් 1950 ගණන් වලට පෙර ඉහත නිළධාරියා LSO යොදා ගත්තේ වර්ණ කරන ලද පුවරුය. 1950 පසු දර්පණ මඟින් ගුවන් පථයේ ඈත දර්ශන මඟින් ගොඩ බෑමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන ලදී. කෙසේ වුවද LSO නිළධාරියා රේඩියෝ ඇමතුම් මඟින් අවශ්‍ය උපදෙස් ලබා දීමේ ක්‍රියාවලිය තවමත් සිදුවේ.


මෙම ප්‍රහාරක යානා ගෙන යන නෞකා වල ඇති ගුවන් පථ ලොව අනාරක්ෂිතම ගුවන් පථ වේ. ඇමරිකානු නෞකාවල නැවියන් වර්ණ කබා පැළදීමෙන් තම සේවා අනන්‍යතාව පවත්වාගෙන යයි. සුදු කබා හැදි නැවියන් ආරක්ෂාව පිළිබඳ වගකීම් දරයි. රතු කබා හදින්නන් ආයුධ භාරව ක්‍රියා කරයි. දම් කබා කරුවන්ගේ කාර්යය වන්නේ Q ජෙට්යානාවල ඉන්ධන අංශයයි. කහ කබා කරුවන් නැව හසුරුවන්නන් ලෙස ක්‍රියා කරයි. උදාරහණයක් ලෙස විදින්නා (Shooler) හෙවත් නියමුවා අදින්නේ කහ කබායකි. Handler - නැමිති නාවිකයාද අදින්නේ කහ කබායක් වන අතර ගුවන් පථයේ මැද ඇති කුඩා ඉඩ කොටසේ සිට ගුවන් යානා ගොඩ බැස්සවීමෙත්, ගුවන් ගත කිරීමේත් සහාය ලබා දේ. air boss නමැත්තාද කහ කබායක් ඇද සිටියි. ඔහු මෙහෙයුම් අට්ටා‍ලයේ මෙහෙයුම් විනිසුරු ලෙස කටයුතු කරයි.


ඉතා සංක්ෂිප්තව පවසතොත් මෙම සුපිරි නෞකා ගුවන් ගත කිරීම්, ‍ගොඩ බෑම් දිස් වන්නේ සියුම්ව අධ්‍යයනය කරන ලද බැලේ සංදර්ශනයක් ලෙසය.


නැවේ කපිතාන් හෝ රිය අද්මිරාල්වරු වර්ණ කබා නොපළදති. කපිතාන් හා සහාය ‍නාවිකයනුත් ඔවුන්ගේ කාර්ය ඉටු කරන්නේ මෙහෙයුම් වේදිකාවට පහලින් ඇති වේදිකාවක සිටය.


නෞකාවේ නැවත‍ගොඩබැසීමේ පථ වරායෙන් පිටත නැවේ දිගු අතට වන්නට පිහිටුවීම ආරම්භ කළේ 1950 ගණන් වලට පසුවය. මෙම කොටසේ මූලික කාර්යභාරය වන්නේ ගුවන් පථයේ ඇති කම්බි වල නොදැවටුන යානාව නැවත ගුවන් ගතවීමෙදී නැවේ නවතා ඇති ගුවන් යානාවල ගැටීම වැළැක්වීමය. මේ මඟින් ගුවන් යානා ගුවන් ගතවීම හා බැස්සවීම එකවර කිරීමේ අවස්ථාව සැලසී ඇත.

 
F/A - 18 Hornets - Nimitz Hony S Toumen

ගුවන් යානා ගෙන යන සුපිරි නෞකාවේ මෙහෙයුම් වේදිකාව හා අනෙක් වේදිකාව ඇත්තේ දිවයින (island) නම් වු ඉතා කුඩා ඉඩකය. අනතුරක දී සාමාන්‍යයෙන් නැවියන් නැව වම් අත පැත්තට හැරවීමේ සංසිද්ධිය මුල් කරගෙන මෙ මෙහෙයුම් වේදිකාව ස්ථාන ගත කර ඇත්තේ නැවේ වම් පැත්තට වන්නටය. සුපිරි නෞකාවල මෙම 'දිවයින' (island) ඉතා සුවිශේෂ වන අතර මෙම අංශයෙන් තොර නැව් ඇත්තේ ඉතා අල්පයකි.


බ්‍රිතාන්‍යයේ නාවික හමුදාව මඟින් (fight deck) Ski Jump ramp හිම තරණ බෑවුම් අටලුවක් වැනි උපාගංයක් නිෂ්පාදනය කර ඇති අතර ඇමරිකානු යානාවල මෙය යොදා ගැනීමට නොහැක්කේ ඒවා බර හා විශාල නිසාය. එමෙන්ම E2 Hawkeye සහ F/A -18E/F Super Hornet වැනි යානා බර හා විශාල මෙන්ම ගුවන් යානා පථයේ වැඩි දුරක් යාමේ අවශ්‍යතාවක් එම යානාවලට ඇත.


සටහන් සංස්කරණය

Aircraft carrier
"https://si.wikipedia.org/w/index.php?title=ගුවන්_යානා_ගෙන_යන_නෞකා&oldid=538155" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි