ගිරුවා අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය අළුත්නුවර දැඩිමුණ්ඩ දේවාල භූමි පරිශ්‍රයේ ඉදිකොට තිබෙයි.

ගිරුවා අම්බලම
අලුත්නුවර ගිරුවා අම්බලම
සාමාන්‍ය තොරතුරු
තත්ත්වයසංරක්ෂිත
ගෘහනිර්මාණ ශෛලියඅම්බලම
පිහිටීමඅලුත්නුවර, කෑගල්ල
රටශ්‍රී ලංකාව
නාමකරණයන්පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය[1]

ඉදිකිරීම සංස්කරණය

දෙවන පරාක්‍රමභාහු රජුගේ (ක්‍රි.ව. 1236-1276) අගමෙහෙසිය වූ සුනේත්‍රාදේවී බිසව විසින්, අලුත්නුවරට පැමිණෙන බැතිමතුන් සහ මහ මග ගමන්කරන්නන්ගේ පහසුව සැළසීම උදෙසා, මෙම අම්බලම ඉදිකල බව සඳහන් වෙයි.[2]

අම්බලමෙහි වහල ගල් කණු 16ක් මත රඳවා තිබෙන අතර, එම කුළුණු පළමු බුවනෙකභාහු රජුගේ සමයට අයත් යැයි විශ්වාස කෙරේ

සංරක්ෂණය සංස්කරණය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්, මෙම අම්බලම සංරක්ෂණය කිරීමට පියවර යොදා තිබෙයි.

මූලාශ්‍ර සංස්කරණය

  1. "Gazette". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 162. 2 මැයි 1975.
  2. "රජ කාලේ අම්බලම්". ලංකාදීප. 15 ජනවාරි 2012. 2014-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ගිරුවා_අම්බලම&oldid=594786" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි