ග්ලූකෝස් යනු [කාබන්|C]6[හයිඩ්‍රජන්|H]12[ඔක්සිජන්|O]6 යන [අණුක සූත්‍රය] සහිත සරළ [සීනි] වර්ගයකි. සත්ත්වයන්ගේ රුධිරයෙහි [රුධිර සීනි] ලෙසින් ග්ලූකෝස් සංසරණය වෙයි. [ප්‍රභාසංස්ලේෂණය] තුලදී ජලය සහ කාබන් ඩයොක්සයිඩ් වෙතින් එය තැනෙන අතර, සූර්යාලෝකය වෙතින් එය සඳහා ශක්තිය ලබා ගනියි. මෙම ශක්තිය මුදා හරිනු ලබන, ප්‍රභාසංස්ලේෂණ ප්‍රතික්‍රියාවෙහි ප්‍රතිවර්තනය, [සෛලීය ශ්වසනය] සඳහා ශක්ති ප්‍රභවයකි. ජීවියාට අවශ්‍ය විටෙකදී භාවිතයට ගනු සඳහා, ශාක තුල [පිෂ්ටය] ලෙසින්ද සත්ත්වයන් තුල [ග්ලයිකොජන්] ලෙසින්ද, [බහුඅවයවය|බහුඅවයවයක්] ලෙසින් ග්ලූකෝස් ගබඩා කෙරෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ග්ලූකෝස්&oldid=653831" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි