කේසරියා ස්තූපය වනාහි ඉන්දියාවේ බිහාර් හි චම්පාරන් (නැගෙනහිර) දිස්ත්‍රික්කයේ පැට්නා සිට 110 කිලෝමීටර (68 mi) දුරින් කේසරියා නම් ප්‍රදේශයේ පිහිටි බෞද්ධ ස්තූපයකි. මෙම ස්තූපයේ මුල්ම ඉදිකිරීම ක්‍රි.පූ. 3වන සියවසට අයත් යැයි සැලකේ.[1] කේසරියා ස්තූපයේ විෂ්කම්භය 400 අඩි (120 m) පමණ වන අතර එය 104 අඩි (32 m) පමණ උසකට විහිද පවතියි.[1]

කේසරියා ස්තූපය
කේසරියා ස්තූපය
කේසරියා ස්තූපය is located in ඉන්දියාව
කේසරියා ස්තූපය
ඉන්දියාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීම India
භූගෝලීය ඛණ්ඩාංක26°20′03″N 84°51′17″E / 26.334140°N 84.854762°E / 26.334140; 84.854762ඛණ්ඩාංක: 26°20′03″N 84°51′17″E / 26.334140°N 84.854762°E / 26.334140; 84.854762
අනුබැඳියාවබුද්ධාගම
ජනපදයබිහාරය
උස (උපරිම)104ft

ඉතිහාසය සංස්කරණය

 
කේසරියා හි බුද්ධ ප්‍රතිමාවක්

මෙම ස්ථානය පිළිබඳ ගවේෂණ 19වන සියවසේ මුල් කාලයේ ආරම්භ වූ අතර 1814 දී කර්නල් මැකෙන්සීගේ මූලිකත්වයෙන් සොයාගත් මෙම ස්ථානයේ විධිමත් කැනීම් කටයුතු 1861-62 අතර කාලයේ ජනරාල් කනිංහැම්ගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී. 1998 දී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ (ASI) පුරාවිද්‍යාඥ කේකේ මොහොමඩ්ගේ මූලිකත්වයෙන් ද මෙහි කැනීම් සිදුකරන ලදී.[1] අශෝක ස්තම්භ ශීර්ෂයක නටබුන් හමුවීම හේතුවෙන් මුල් කේසරියා ස්තූපය අශෝක (ක්‍රි.පූ. 250 පමණ) රජ සමයට අයත් යැයි සැලකේ.[2]

වෛශාලියෙහි ලිච්ඡවීන් විසින් බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතුව නිදන් කර තැනූ ස්තූපය පිළිබඳ වන විස්තරය හා මෙම ස්ථානය සැසඳෙන බැවින් ස්තූප ගොඩැල්ලේ මුල්ම ඉදිකිරීම් බුද්ධ කාලයට අයත් විය හැක.[1]

වර්තමානයේ දක්නට ඇති ස්තූපය ක්‍රි.ව. 200 සහ 750 අතර කාලයේ ගුප්ත රාජවංශ යුගයට අයත් ය. ප්‍රදේශයේ ජනයා මෙම ස්තූපයට "දේවාලය" යැයි වහරති.

ඉන්දීය පුරාවිද්‍යා අධිකාරිය විසින් මෙම ස්තූපය ජාතික වැදගත්කමක් ඇති ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථානයක් වුවද, කේසරියාව තවදුරටත් සංවර්ධනය කළ යුතුව ඇති අතර, ස්තූපයේ විශාල පෙදෙසක් තවමත් වනගහනයෙන් වැසී ඇත.[3]

 
ස්තූපයේ පැනොරාමා දර්ශනයක්

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 Le Huu Phuoc, Buddhist Architecture, Grafikol 2009, pp.169-171
  2. Buddhist Architecture, Lee Huu Phuoc, Grafikol 2009, p.140-174
  3. "Kesaria Stupa – World's Tallest Buddhist Stupa". www.earthismysterious.com. සම්ප්‍රවේශය 18 මැයි 2020.


සැකිල්ල:India-struct-stub

"https://si.wikipedia.org/w/index.php?title=කේසරියා_ස්තූපය&oldid=455939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි