කෙවින් ජෙෆ්රි ක්ලාශ් (උපත සැප්තැම්බර් 17, 1960) යනු ඇමරිකානු රූකඩ ශිල්පියෙක් සහ හඞ නළුවෙකු වන අතර ඔහු විසින් පණ පෙවූ චරිත අතර එල්මෝ, ක්ලිෆඩ්, සහ හූට්ස් දි අවුල් වෙති. ජීවිතයේ මුල් අවදියෙහිම රූකඩ ශිල්පය පිළිබඳ රුචිකත්වයක් දැක්වූ ක්ලාශ්, ඔහු ජීවත්වූ නගරය මේරිලන්ඩ්හී බැල්ටිමෝර්හී ප්‍රාදේශීය ළමා රූපවාහිනී වැඩසටහන් වල අභිවාහනය ඇරඹුවේ ගැටවරයෙක්ව සිටියදීය. 1980 ගණන් වල මුල් අවදියෙහිදී , ඔහු කැප්ටන් කැන්ගරුහී අභිවාහනය අරඹා, 1984දී සෙසමි ස්ට්‍රීට්හී අභිවාහනය ඇරඹීය. එල්මෝ අභිවාහනය කල තෙවන රූකඩ ශිල්පියා වූ හෙතෙම, එම චරිතය නිසා මහත් ජනප්‍රියත්වයට පත්ව, වැඩ සටහන සඳහා විධායක නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු බවට පත් විය. ක්ලාශ් විවිධ ඉදිරිපත් කිරීම් වල ක්‍රීයාකළ අතර ඔහු සෙසමි ස්ට්‍රීට් යන රුකඩ චරිතය 2012 වර්ශය අග භාගයේදී අත්හැර දමන ලදී. මන්ද ඔහුට බාල වයස්කරුවන් හා ලිංගික හැසිරීම් පිළිබඳ චෝදනා එල්ල වීම නිසාය. නමුත් ඔහු ඒවාට පිළිතුරු නොදුන්නේය.

කෙවින් ක්ලාශ්
උපත
කෙවින් ජෙෆ්රි ක්ලාශ්

සැප්තැම්බර් 17, 1960 (1960-09-17) (වයස 63)
වෙනත් නම්කෙවින් ජෙෆ්රි ක්ලාශ්
රැකියාවනළුවෙක්, රූකඩ නටවන්නෙක්, හඩ නළුවෙක්, විකටයෙක්
සක්‍රීය වසර1981 සිට වර්තමානය
කලත්‍රයා(යන්)2003 දී දික්කසාද විය
දරුවන්එක් දියණියක් (උපත 1993)

2006 දී ක්ලාශ් "My Life as a Furry Red Monster" නමින් ස්වයං චරිතාපදානයක් ලියන ලදී. 2011 වර්ශයේදී "Being Elmo: A Puppeteer's Journey" යන වාර්ථා ච්ත්‍රපටය සඳහාද අදහස දක්වන ලදී.

ආරම්භක අඩවිය සංස්කරණය

කෙව්න් ක්ලාශ් උපත ලැබුවේ 1960 සැප් 17, බල්ටිමොර්, මර්ය්ලන්ඩ්. ඔහුගේ දෙමව්පියන් වූයේ ජෝජ් ක්ලාශ් හා ග්ලේඩ්ස් ක්ලාශ් යන අයය. ඔහු ළමයින් 4 ක් ඇති පවුලක 3 වැනි දරුවා විය. ක්ලාශ් කුඩා කල සිටම අත් රූකඩ ශිල්පය ගැන දැනුමක් තිබුණු අතර ඔහු කුඩා කල සිත් ගත් ළමා වැඩසටහන් වූයේ කුක්ල, ෆ්‍රන් සහ ඔල්ලී සහ සෙසමි ස්ට්රීට් ය. ඔහුගෙ පළමු රූකඩය වුයේ මිකී මවුස්ගේ පිටපතක් වන අතර ඔහු එය වයස අවුරුදු 10 දී නිර්මාණය කරන ලදී. ඔහුට වයස අවුරුදු 12 ක් වන විට ඔහුගෙ පියාගේ ලෝම වැස්මක් භාවිතා කරමින් වඳුරු රූකඩයක් නිර්මාණය කලේය. ඔහුගේ පළමු රඟ දැක්වීම ඔහුගේ මවගෙ දිවා සුරුකුම් මධයස්ථානයේ ඉදිරිපත් කරන ලදී.

නව යොවුන් වියට පිවිසෙන විට ඔහු වෙළඳ දැන්වීම්, ප්‍රචලිත සංගීතය හා ඔහුගේ මිතුරන් පිළිබඳව රූකඩ 90 කට ආසන්න ප්‍රමානයක් නිර්මාණය කරන ලදී. පාසල් කාලයේදීම බල්ටිමොරෙ නගරය පුරා තිබූ පාසල්, පල්ලි, අසරණයන්ට මුදල් එකතු කරන ස්ථාන සහ පොදු උත්සව වල තම දක්ෂතා ඉදිරිපත් කළේය. ක්ලාශ් උත්සව දිනයකට සහභාගි වෙමින් සිටියදී බල්ටිමොරෙ හි ප්‍රසිද්ධ රූපවාහිනී පුදුගලයෙකු වූ ස්ටු කෙර්‍ර ඔහුව හඳුනාගන්නා ලදී. ක්ලාශ්ගේ පළමු උපදේශකයා ස්ටු කෙර්‍ර වූ අතර ඔහු ක්ලාශ්ව චැනල් 2 හි ප්‍රදර්ශනය කරමින් තිබූ ළමා අංගයක් වන කබූස් රඟ දැක්වීම සඳහා තෝරා ගන්නා ලදී. ඔහු ඇමරිකාවේ රූපවාහිනී ළමා කථාවක් වූ රොම්පෙර් රූම් සඳහාද රූකඩ නිර්මාණය කරන ලදී. වයස අවුරුදු 17 දී ක්ලාශ්ට තවත් රූකඩ නටවන්නෙකු වූ කෙර්මිට් ලව් මුණගැසිනි. ක්ලාශ්ගේ මීළඟ මග පෙන්වන්නා වූයේ ඔහුය. 1979 දී කෙර්මිට් ලව් ගේ නිර්දේශනය පරිදි සෙසමි ස්ට්රීට් කථාවේ කුකී මොන්ස්ටර් චරිතය නිරූපනය කලෙය. ක්ලාශ්ට මීළඟට මුණගැසුනේ ජිම් හෙන්සම් ය. පසුව ජිම් හෙන්සම් ක්ලාශ්ගේ ප්‍රධානියා, උපදේශකයා මෙන්ම මිතුරා බවටද පත්විය.

වයස අවුරුදු 19 දී ක්ලාශ් කැප්ටන් කැන්ගරු හි රූකඩ නටවන්නෙකු විය. කැප්ටන් කැන්ගරුහි නිශ්පාදකයා ක්ලාශ්ගේ රූකඩ නිර්මාණ තම කථාමාලාව සඳහා යොදාගත්තේය.1984 දී ක්ලාශ් රූපවාහිනී ප්‍රදර්ශන 2 ක වැඩ කරමින් සිටි බැවින් ජිම් හෙන්සම්, ද ඩර්ක් ක්රිස්ටල් චිත්‍රපටයන්ට කළ ආරාධනය අතහැර දැමීමටද සිදුවිය.

වෘත්තිය සංස්කරණය

1984 දී කැප්ටන් කැන්ගරු කථාමාලා 29 කින් පසුව අත්හරින ලදී. එමඟින් ක්ලාශ්ට තවත් ව්‍යාපෘති ගනනාවක වැඩකිරීමේ භාගය උදාවේ. ලබ්ය්‍රින්ත් චිත්‍රපටය හා සෙසමි ස්ට්රීට් ඒවා අතර වේ. ක්ලාශ් 1983 දී සෙසමි ස්ට්රීට් හි 10 වන පර්ච්ඡේදයට සම්බන්ධ විය. ඔහුගේ මුල් අවධියේ චරිත වූ " හුට්ස් ද අවුල්", "ද ඉන්ටෑන්ට් බේබි නටාෂා" සහ "ඉන්වෙන්ටර් ඩොක්ටර් නොබෙල් ප්රයිස්" සඳහා සැක්සෆෝන් සංගීතය යොදාගන්නා ලදී. එල්මො රඟ දැක්වූ ශිල්පීන් අතර රිචර්ඩ් හන්ට් ද විය. නමුත් බොරු හඞක් යොදාගනිමින් ක්ලාශ් චරිතයට කල සංවර්ධනය චරිතය ජනතාව අතරට ගෙන යාමට සමත් විය. ඔහු එල්මො ගේ චරිතය සඳහා ඔහුගේ පෞරුෂය, ඔහුගේ දෙමව්පියන්ගේ පෞරුෂය මෙන්ම ඔහුගෙ මවගෙ පෙර පාසල් දරුවන්ගේ ක්‍රීයාකාරකම්ද යොදාගන්නා ලදී. ක්ලාශ්ගේ මිතුරෙකුවූ ෆ්‍රන්ක් ඔස් ක්ලාශ්ට ලබාදුන් උපදෙස නම් සෑම චරිතයකටම විශෙෂ යමක් සොයාගැනීම යන්නයි. එය පිළිපදිමින් ක්ලාශ් එල්මොගේ චරිතෙයෙ හරය සඳහා ආදරය යොදාගත්තේය.

1996 දී "ටිකී මී එල්මො" උන්මාදය සමඟම එල්මො හී ජනප්‍රීයතාව තවතවත් වැඩිවිය. එමෙන්ම සෙසමි ස්ට්රීට්හි ක්ලාශ්ගේ වගකීමද වැඩිවිය. ඔහු සෙසමි ස්ට්රීට් සඳහා නව පුද්ගලයින් බඳවා ගැනීමද, කුසලතා පරීක්ෂා කිරීම් හා එහි රූකඩ නටවන්නන් පුරුදු පුහුණු කිරීම් ද සිදු කළේය. පසුව ඔහු සෙසමි ස්ට්රීට් හි ජේෂ්ඪ රූකඩ නටවන්නන් සම්බන්ධීකාරක, ලේඛක, අධ්‍යක්ෂක සහ සම නිෂ්පාදක යන තනතුරුද හෙබවීය. එමෙන්ම ඔහු සෙසමි ස්ට්රීට්හි ජාත්‍යන්තර සම නිෂ්පාදන සඳහා රූකඩ නටවන්නන් පුරුදු පුහුණු කිරීම් ද සිදු කළේය. ඔහු 1985 දී ෆොල්ලොව් තට් බිර්ඩ් යන චිත්‍රපටයට තම දායකත්වය ලබා දුනි. 2007 දී සෙසමි ස්ට්රීට් කථාමාලාවේ ජේෂ්ඪ නිර්මාණ අනුශාසක තනතුරට පත් කරන ලදී.

1990 දී ක්ලාශ් ටීනේජ් මුටන්ට් නින්ජ ටුර්ට්ලෙස් චිත්‍රපටය සඳහා නිර්මාණ දායකත්වය ලබාදුණි. ඔහු ජිම් හෙන්සොන් ප්‍රඩක්ෂන්ස් සමග නිශ්පාදන කිහිපයකම ක්‍රීයාකල අතර ක්ලිෆොර්ඩ් ඒවා අතර වේ. ඒමෙන්ම ෆ්‍රන්ක් ඔz ගේ මිස් පිගී, ෆොzzඊ බේර්, සෑම් ද ඊගල්, සහ ඈනිමල් වැනි චරිත තුලින් සඳහා තම දායකත්වය ලබාදුනි. එමෙන්ම ඔහු මපට්ස් ෆ්‍රොම් ස්පේස්, ද මපට්ස්' විzඅර්ඩ් ඔෆ් ඔz යන චිත්‍රපට වලද මපට්ස් ටුනයිට් යන රූපවාහිනීකථා මාලාවටද දායකත්වය ලබා දුනි.

ගැරී බ්‍රොෂෙක් විසින් හා ලුවී හෙන්රි මිෂෙල් විසින් සම-කතෘත්වය දැරූ හා මයි ලයිෆ් ඈස් අ ෆියුරි රෙඩ් මොන්ස්ටර්: වට් බීං එල්මෝ හෑස් ටෝට් මී අබවුට් ලයිෆ්, ලව් ඇන්ඩ් ලාෆිං අවුට් ලවුඩ් ලෙසින් නම් දැරූ, තම ස්වයං-චරිතාපදානය, 2006දී ක්ලාශ් විසින් ප්‍රකාශයට පත් කෙරුණි.[1]බීං එල්මෝ: අ පපටියර්ස් ජර්නි නමැති 2011 විචිත්‍රාංගයක් සඳහා ඔහුගේ ජීවිතය විෂය මාතෘකා ලෙස ගැණිනි. [2]

සෙසමි වර්ක්ෂොප් වෙතින් ඉල්ලා අස්වීම සංස්කරණය

2012 නොවැම්බර් මාසයේදී, 23-වියැති ෂෙල්ඩන් ස්ටීවන්ස් විසින් කියා සිටියේ, ස්ටීවන් 16 වියැති වූ කල ක්ලාශ් විසින්ඇරඹූ, ක්ලාශ් හා සමගවූ ලිංගික සම්බන්ධතාවයක ඔහු යෙදී සිටි බවකි. මුලින්ම ජූනි මාසයේදී මෙම චෝදනාව සෙසමි වර්ක්ෂොප් වෙත ඉදිරිපත් කෙරුණු අතර, එය පිළිබඳ විභාගයෙන් පසුව ප්‍රමාණවත් කරුණු පදනම් කර නොගත් චෝදනාවක් බවට නිර්ණය කෙරිණි. චෝදකයා සමග තමා සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවට ක්ලාශ් පිළිගත්තේය; කෙසේවෙතත්, ඔහු එම සම්බන්ධතාවය වර්ග කළේ සහමතිය දුන් වැඩිහිටියන් දෙදෙනෙකු අතර වූවක් ලෙසිනි. [1] ස්ටීවන්ස් විසින් ඔහුගේ චෝදනාව පසුව ඉල්ලා අස් කර ගත් මුත්, සති දෙකකට පසුව, සිසිල් සිංගල්ටන් සහ තවත් නම් නොකල මිනිසුන් දෙදෙනෙක් එවැනිම චෝදනා එල්ල කළ අතර ක්ලාශ්ට එරෙහිව අධිකරණයෙහි නඩු පැවරිණි. [3]

2012 නොවැම්බර් 20 වන දිනදී සෙසමි වර්ක්ෂොප් වෙතින් ක්ලාශ් ඉල්ලා අස්වූ අතර, මෙසේ ප්‍රකාශයක් නිකුත් කළේය, "පුද්ගලික කරුණු විසින් 'සෙසමි ස්ට්‍රීට්' විසින් සිදු කරන වැදගත් කර්තව්‍යයන් වෙතින් අවධානය වෙනතකට යොමු කරවන අතර එය එසේ තවදුරටත් සිදුවීමට මට ඉඩ දිය නොහැක. ඉවත්ව යෑම පිළිබඳ මම අතිශයින් කණගාටු වන අතර මෙම පුද්ගලික කරුණු පෞද්ගලික මට්ටමෙන් විසඳා ගැනුමට බලාපොරොත්තු වෙමි." [3] සෙසමි වර්ක්ෂොප් විසින්ද ප්‍රකාශයක් නිකුත් කෙරිණි: "අවසානාවකටදෝ, කෙවින්ගේ පෞද්ගලික ජීවිතය හා බැඳි මතභේදය, අප සියළු දෙනට අනවශ්‍ය වියවුලක් බවට පක්ව ඇති අතර, ඔහු තවදුරටත් ඔහුගේ රැකියාව තුල කාර්යසාධක නොවන බවක් නිශ්චය කර ඇති හෙතෙම 'සෙසමි ස්ට්‍රීට්' වෙතින් ඉල්ලා අස්වී ඇත."[3] ඔවුන් පැවසුවේ අනෙකුත් රූකඩ ශිල්පීන්, ක්ලාශ් යටතේ කටයුතු කිරීම මගින් ඔහුගේ කර්තව්‍යයන් උගෙන ගෙන ඒවා භාර ගැනීමට කටයුතු සිදු කර ඇති බවයි. [4]

පෞද්ගලික ජීවිතය සංස්කරණය

ක්ලාශ් විවාහ ජීවිතයක් ගත කළ අතර විවාහයෙන් ඔහුට එක් දියණියක් සිටී. 2012 නොවැම්බර් වලදී ක්ලාශ් තමන් සම ලිංගිකයෙකු බව ප්‍රසිද්ධියේ පිළිගත්තේය. එය ඔහුට ගෙන ආ චෝදනවට පිලිතුරු වශයෙනි. එය ඔහුට සෙසමි ස්ට්රීට් වැඩසටහනෙන් ඉවත් වීමටද ප්‍රධාන හේතුවක් විය.

සම්මාන සංස්කරණය

1990 හා 2005 වර්ශ වලදී ක්ලාශ් සෙසමි ස්ට්රීට් කථාමාලාවේ එන එල්මො චරිතය සඳහා කැපී පෙනෙන රංග ශිල්පියා ලෙස "ඩේටයිම් එමී අ’වෝඩ්ස්" සම්මානය දිනා ගත්තේය. ඔහු ලැබූ Daytime Emmy සම්මාන සහ එක් Prime-time Emmy සම්මානය ඇතුලුව සම්පූර්ණ Emmy සම්මාන 23 ක් හිමි කරගෙන ඇත.

2007 දී පවුල් හා ළමයින් වෙනුවෙන් කරන ලද මෙහෙය වෙනුවෙන් මේරිලන්ඩ් පබ්ලික් ටෙලිවිෂන් මගින් ලබාදෙන "Miss Jean" යන සම්මානය දිනාගත් ප්‍රථම පුද්ගලයාද ඔහුය.

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 මුවර්, ෆ්‍රේසියර් (2012-11-12). "එල්මෝ පපටියර් කෙවින් ක්ලාශ් ඇකියුස්ඩ් ඔෆ් රිලේෂන්ෂිප් විත් බෝයි, 16, ටේකිං ලීය් ෆ්‍රොම් 'සෙසමි ස්ට්‍රීට්'". දටොරොන්ටෝ ස්ටාර්. http://www.thestar.com/entertainment/television/article/1286384--elmo-puppeteer-kevin-clash-accused-of-relationship-with-boy-16-taking-leave-from-sesame-street. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-11-15. 
  2. ස්රාගෝ, මයිකල් (2011-11-13). "කෙවින් ක්ලාශ් ෂයින්ස් ඉන් නිව් ඩොකියුමන්ටරි 'බීං එල්මෝ'". ද බැල්ටිමෝර් සන්. http://articles.baltimoresun.com/2011-11-13/entertainment/bs-ae-being-elmo-20111113_1_constance-marks-puppeteer-muppets. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-12-09. 
  3. 3.0 3.1 3.2 ජෙන්සන්, එලිසබෙත්; බ්‍රයන් ෂෙල්ටර් (2012-11-20). "එල්මෝ පපටියර් රිසයින්ස් ආෆ්ටර් ෆ්‍රෙෂ් ඇලිගේෂන්". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://mediadecoder.blogs.nytimes.com/2012/11/20/kevin-clash-elmo-puppeteer-resigns/?smid=tw-share. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-11-15. 
  4. මුවර්, ෆ්‍රේසියර් (2012-11-21). "කෙවින් ක්ලාශ්: එල්මෝ ලෙෆ්ට් බිහයින්ඩ් ඔන් 'සෙසමි ස්ට්‍රීට්' ඈස් ඇක්ටර් එක්සිට්ස්". ද වොෂිංටන් ටයිම්ස්. එසෝසියේටඩ් ප්‍රෙස්. http://www.washingtontimes.com/news/2012/nov/21/kevin-clash-elmo-left-behind-sesame-street-actor-e/#ixzz2EbMbyM3h. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-12-10. 

අධෝසටහන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කෙවින්_ක්ලාශ්&oldid=486038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි