කෘෂි කර්මාන්තයේ දී කෘෂි ව්‍යාපාරය යනු ගොවිතැන් කිරීම, බීජ සැපයීම, කෘෂි රසායනිකඝ ගොවිතැන් යන්ත්‍රෝපකරණ, තොග වශයෙන් විකිණීම හා බෙදා හැරීම, සැකසීම වෙළඳපොළකරණය හා සිල්ලර වෙළඳාම ඇතුළත් ආහාර නිෂ්පාදනය හා සම්බන්ධ විවිධ ව්‍යාපාර හැඳින්වීමට යෙදෙන පොදු වදනකි. මෙම වදනට එහි අන්තර්ගතය මත පදනම්ව වෙනස් අර්ථ 2ක් පවතී.

කෘෂිකර්මාන්ත කර්මාන්තය තුළ දී කෘෂි ව්‍යාපාර, කෘෂිකර්මාන්තයට හා වෙළඳාමට ගැලපෙන ගමන්මල්ලක් ලෙස බහුලව භාවිතා වන අතර එමඟින් නූතන ආහාර නිෂ්පාදනයට අයත් වන ක්රියා හා විෂය පරාසයක් සම්බන්ධ වේ. ලොව පුරා කෘෂි ව්‍යාපාර දෙපාර්තමේන්තු, කෘෂි ව්‍යාපාර වෙළඳ සමාගම්, කෘෂි ව්‍යාපාර ප්‍රකාශන, හා එවැනි සංවිධානවල අධ්යාපනික උපාධි පවතී. මෙහි දී වදන විස්තරාත්මක පමණක් වන අතර වඩාත් පුළුල් භාවිතයේ දී ආහාර කර්මාන්තය සමඟ තුල්යාර්ථ වේ.

මහා පරිමාණයේ, කාර්මීකරණයට ලක් වූ, සිරස්ව සංගෘහිත කරන ලද ආහාර නිෂ්පාදනයේ විවේචකයන් අතර කෘෂි ව්‍යාපාර යන වදන ඍණාත්මක, සංයුක්ත ගොවිතැන්කරණය සමඟ තුල්යාර්ථව භාවිතා වේ. එමෙන්ම එය බොහෝ විට පවුල් ගොවිතැන සමඟ වෙනස්කම් දක්වයි. සමහරක් ඍණාත්මක අර්ථ දැක්වීම් යටත් විජිතවාදයේ හෝ ඒකාබද්ධ අතිරික්තයේ විවේචකයන් විසින් ව්‍යාපාරය හා සංස්ථාවේ ඍණාත්මක සම්බන්ධය හරහා ව්යුත්පන්න විය.

කෘෂි ව්‍යාපාරයකට උදාහරණය වන්නේ උතුරු කැරොලිනාහි ඕල්ඩ් නෝර්ත් ස්ටේට් වයින් ග්රෝවර් සංස්ථාවයි. වයින් මිදි ගොවීන් ඔවුන්ගේ මිදි නොවිකිණීමට එකඟතාවයකට ආ අතර ඔවුන් වයින් නිෂ්පාදකයා හා වෙළඳ නාමය සමඟ වයින් නිෂ්පාදන ආයතනය බෙදා ගැනීම සිදු කරයි.

බොහොමයක් වර්ධනාත්මක කෘෂි ව්‍යාපාර වර්තමානයේ දී සබැඳි (online) ව්‍යාපාර ලෙස ක්‍රියාත්මක වේ. දිනෙන් දින වැඩි වන ඉන්ධන වියදම එදිනෙදා ධාවනය වන කෘෂිකාර්මික සමාගම් මත වාණිජමය කාර්යයක් පටවනු ලැබේ. සබැඳි කෘෂි ව්‍යාපාරයකට උදාහරණයක් වන්නේ FarmingPages.com ය.


මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කෘෂි_ව්‍යාපාරය&oldid=472446" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි