කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණය


කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණය යන්න මගින් වඩා පටු ආකාරයකට රජය මගින් සිදු කරන හෝ රජය මැදිහත් වීමෙන් සිදු කරන කෘෂිකාර්මික බිම් නැවත බෙදා දීම (භූමි ප්‍රතිසංස්කරණය බලන්න) හෝ වඩා පුළුල් ආකාරයකට බොහෝ විට භූමි ප්‍රතිසංස්කරණය මිණුම් ඇතුළත් වන රටක කෘෂිකර්මික පද්ධතිය සම්පූර්ණයෙන්ම නැවත දිශාගත කිරීම හැඳින්වේ. කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට ණය දීම් , පුහුණු කිරීම්, භූමි ඒකාබද්ද කිරීම්, etc ඇතුළත් වේ.

බෙන් කවුසින්ස් විසින් කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණය හා භූමි ප්‍රතිසංස්කරණය අතර වෙනස පහත පරිදි අර්ථ දක්වයි.

භූමි ප්‍රතිසංස්කරණය භූමියේ හිමිකම් හා ලක්ෂණ , ශක්තිය හා ව්‍යාප්තිය සමග සලකනු ලබන අතර කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණය මේවා මත පමණක් නොව විශාල ගැටළු ප්‍රමාණයක් මත අවධානය යොමු කරයි. ඒවා නම් ගොවිතැන්කරණයේදී හා ඒ ආශ්රීත ව්‍යාපාරවලදී නිෂ්පාදනය හා බෙදා හැරීම සම්බන්ධ කාණ්ඩ ලක්ෂණ හා මෙය වඩා පුළුල් කාණ්ඩ ව්‍යුහයකට සම්බන්ධවන්නේ කෙසේද යන කරුණුයි.

ඒ හා සමාන පාඨ වලින් යුතුව 2003 ලෝක බැංකු වාර්තාව කියා සිටින්නේ

භූමි ප්‍රතිසංස්කරණය කිරීම් ළඟා කර ගැනීමට හා ඒවායින් ප්‍රතිඵල ලබන්නන්ගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීම කාර්යක්ෂම කිරීම සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ ප්‍රතිඵල ලබන්නන් මගින් සිදු කරන නිෂ්පාදිත සුළු ඉඩම් හිමි කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා සුදුසු පරිසරයක් ගොඩ නැංවීම හා දුප්පත්කම නැති කිරීම කෙරෙහි යොමු වූ පුළුල් ප්‍රතිපත්තියකට එවැනි වැඩසටහන් ගැළපෙන පරිදි සකස් වී තිබීමයි.

අනෙකුත් ගැටළුවල උදාහරණවලට ගොවිපල වැඩකරන්නන්, කම්කරුවන්, ගොවිපල පදිංචිකරුවන් හා පුලී ගොවියන් සඳහා බුක්ති ආරක්ෂණය ඇතුළත් වන අතර එමගින් එම කම්කරුවන්ට එහා කුලීකරුවන්ට පුද්ගලික අංශයේ ණය පහසුකම් ලබා ගැනීමට ඉඩක් ලබා දේ. මේ සඳහා තවත් උදාහරණ ලෙස යටිතල පහසුකම් හා සහය සේවා , කෘෂිකර්මාන්තයට අවශ්‍ය ප්‍රදේශීය ව්‍යාපාර ආකාර සඳහා රජයේ සහාය හා දුෂ්කර ප්‍රදේශවල රජයේ තීරණයට අනුව ක්‍රමයෙන් වැඩිවන සමාජ සහභාගීවීම ඇතුළත් වේ.