කැසිවලෝනස් යනු, ක්‍රිපූ 54 දී බ්‍රිතාන්‍ය වෙත ජුලියස් සීසර්ගේ දෙවන ගවේෂණයට එරෙහිව රටෙහි ආරක්ෂාව මෙහෙයවූ ඓතිහාසික බ්‍රිතාන්‍ය වර්ග නායකයෙකි. ඔහු විසින් රෝමානු හමුදාවන්ට එරෙහිව ගෝත්‍ර සන්ධානයක් මෙහෙයවුනු අතර, අත්‍යන්තයෙහිදී යටත්වීමට සිදුවූයේ, පරාජය වුනු බ්‍රිටන්වරුන් වෙතින් ඔහු සිටි ස්ථානය සීසර් වෙක හෙළිවූ විටදීය.

කැසිවලෝනස් විසින් බ්‍රිතාන්‍ය සවිඥානකතාව වෙත මහත් බලපෑමක් ඇති කෙරිණි. බ්‍රිතාන්‍ය පුරාවෘත්තයන්හී ඔහු පළවන්නේ, මොන්මුත්හී ජෙෆ්රිගේ බ්‍රිතාන්‍යයෙහි රජුන්ගෙන් එකෙකු ලෙසින් කැසිබෙලානස් නමින් වන අතර බ්‍රිට් අ බ්‍රෙන්හිනෙඩ්, මාබිනෝගියොන් සහ වෙල්ෂ් ට්‍රයෑඩ්ස් යන්නෙහි, බෙලි මවුර්ගේ පුතු කැස්වලවෝන් ලෙසිනි. බ්‍රිතෝනික් භාෂාවෙහි, *කැසියලෝනස් යන්න බිඳී එන්නේ, පූර්ව-කෙල්ටික් *කැසි- "ළැදියාව, ආදරය, ද්වේශය" (විකල්ප ලෙසින්, "දිගු කෙස්", හෝ "ලෝකඩ") + *යල්නා-මොන්- "නායකයා, රාජ්‍යෝශයා" වෙතිනි. [1]

ඉතිහාසය සංස්කරණය

 
ඩෙවිල්ස් ඩයික් නම් ස්ථානයෙහි ඇති ශිලාමය ස්මාරකය

ජුලියස් සීසර්ගේ කොමෙන්ටාරි ඩි බෙල්ලො ගාලිකෝ යන ග්‍රන්ථයෙහි කැසිවලෝනස් පෙනීසිටින්නේ, සීසර්ගේ දෙවන බ්‍රිතාන්‍ය ආක්‍රමණයට විරුද්ධ වන ඒකාබද්ධ බ්‍රිතාන්‍ය හමුදාවන්ට අණ දුන් තැනැත්තේ ලෙසිනි. සීසර් විසින් කැසිවලෝනස්ගේ ගෝත්‍රය සඳහන් කොකල මුත්, තේම්ස් නදියට උතුරින් වූ ඔහුගේ බල ප්‍රදේශය, ක්ලෝඩියස් යටතේ පසුව සිදුවූ ආක්‍රමණයකදී කටුවෙල්ලෝර්නි නමැති ගෝත්‍රය විසින් ජනාවාස කෙරුනු ප්‍රදේශය හා අනුරූප වෙයි.

සීසර් අපට පවසන්නේ, කැසිවලෝනස් විසින් පෙරදී බ්‍රිතාන්‍ය ගෝත්‍ර හා සමගින් සැමවිටම යුද්ධ කරමින් සිටි බවත්, එකල බ්‍රිතාන්‍යයේ මහත් බලගතු ගෝත්‍රයව සිටි ට්‍රයිනොවැන්ටීස් ගෝත්‍රයේ රජු බලයෙන් පහ කල බවත්ය. මෙම රජුගේ පුත්‍රයාවූ, මැන්ඩුබ්‍රේෂස්, ගෝල් දේශයෙහි සිටි සීසර් වෙත පලා ගියේය. සීසර්ගේ හමුදාව විසින් ආහාර පැහැරගැනීම සහ උදුරාගැනීම වැලැක්වීම සඳහා, කැසිවලෝනස් විසින් සැලසුම් කර තිබූ වැනසීමේ උපයාමාර්ග තිබියදීත්, තේම්ස් නදිය දක්වා සීසර් ඉදිරියට පැමිණියේය. නදියෙන් එගොඩ විය හැකිව තිබූ එකම නොගැඹුරු තැන ආරක්ෂා කොට උල් රිටි මගින් ශක්තිමත් කර තිබුනද රෝමානුවෝ එය තරණය කිරීමට සමත් වූහ. ඔහුගේ හමුදාවෙන් බොහෝ කොටසක් විසුරුවාහැරිය කැසිවලෝනස්, භූමිප්‍රදේශය පිළිබඳ ඔහුගේ දැනුම සහ ඔහුගේ යුද්ධ රථවල වේගය මත බලාපොරොත්තු තබමින් ගරිල්ලා උපායමාර්ග වෙතට යොමු විය.

සටහන් සංස්කරණය

  1. ඩෙලමාරේ, සේවියර්, ඩික්ෂනයාර් ඩි ලා ලංග් ගුලුඈස, 2වන සංස්., එඩීෂියොං ඒරොංස්, 2003, පි. 109-110; 311
"https://si.wikipedia.org/w/index.php?title=කැසිවලෝනස්&oldid=310327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි