කැන්වසය යනු අතිශයින් බැර-කර්තව්‍ය සඳහා භාවිතා කල හැකි චාම්-ලෙස-වියනලද රෙදි වර්ගයක් වන අතර රුවල්, කූඩාරම්, විශාල මඩු, උරපොදි ආදිය තැනීමටත්, හැඩිදැඩිබව අවශ්‍ය වෙනත් අවස්ථාවලදීත් භාවිතා කල හැක. සාමාන්‍යයෙන් තදින් ඇද සිත්තම් පෘෂ්ඨයක් වශයෙන්ද විලාසිතා අත්බෑග් සහ සපත්තු සඳහාද මෙහි භාවිතය ජනප්‍රිය බව කිව හැක.

සිරවන ලෙස ඇද ඇති කැන්වස

ශබ්දනිෂ්පත්තිය සංස්කරණය

කැන්වස් යන පදය බිඳීඇත්තේ 13වන සියවසෙහි ඉංග්‍රීසි-ප්‍රංශ කැනෙවස් සහ පැරණි-ප්‍රංශ කැනෙවාස් යන පද වලිනි. මෙම පද දෙකම, " හණ වලින් තැනුනු," යන අරුත් දෙන සහ, ග්‍රීක Κάνναβις, කංසා යන්නෙන් උපත ලද, ග්‍රාම්‍ය ලතින් කැනපසෙයස් යන්නෙහි ව්‍යුත්පන්න විය හැක [1].


ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කැන්වසය&oldid=261222" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි