කහ පත්‍රකාලාවේදයෙ



විශේෂ කටකතා පතුරුවන, උද්වේගය අවුස්සන හෝ සදාචාර විරෝධීව හැසිරෙන පිළිවෙත් අනුගමනය කරන පත්‍රකලාවේදීන් හැඳින්වීම සඳහා යොදන අවමානාත්මක යෙදුමක් ලෙස මෙය භාවිත කෙරේ.

"Puck"කාටූනය නොවැම්බර් 21, 1889


ජෝසොෆ් පුලිට්සර්ගේ නිව්යෝර්ක් වර්ඩ් විලයම් රැන්ඩොල්ෆ්හර්ට් හෝ නිව්යෝර්ක් ජර්නල් අතර සංසරණ ගැටුම්වල දී මෙම යෙදුම ඇරඹුණි. සංසරණය වර්ධනය සඳහා උද්වේගකර ප්‍රවෘත්ති පතුරුවන බවට මෙම පුවත්පත්වලට විවේචන එල්ල විය. එහෙත් මෙම පුවත්පත් වැදගත් පුවත් ද පළ කළේය. 1897 දී නිව්යෝර්ක් ප්‍රෙස්හි ප්‍රසිද්ධ විකට තීරුවක් වූ “ යෙලෝ කඩ් ‘ නැමති යෙදුම මෙම පුවත්පත් සදහා උපහාසයෙන් යෙදුණි. පසුව එය යෙලෝ ජර්නලිසම් හෙවත් කහ පත්‍රකලාවේදය ලෙස කෙටි කෙරුණි.

"https://si.wikipedia.org/w/index.php?title=කහ_පත්‍රකාලාවේදයෙ&oldid=361952" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි