කඩුගන්නාව අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි පැරණි අම්බලම් අතුරින් එකකි. A1 මහා මාර්ගයේ කොළඹ සිට මහනුවර දක්වා ගමන් කිරීමේදී හමුවන, කඩුගන්නාව වැලමිට වංගුවට මීටර කිහිපයක් මෙපිට පාරේ වම්පසින්, මෙම ඉපැරණි කඩුගන්නාව අම්බලම දැක ගත හැකිවේ.[2]

කඩුගන්නාව අම්බලම
කඩුගන්නාව අම්බලම
සාමාන්‍ය තොරතුරු
තත්ත්වයසංරක්ෂිත
ගෘහනිර්මාණ ශෛලියඅම්බලම
පිහිටීමපහල කඩුගන්නාව, මාවනැල්ල
රටශ්‍රී ලංකාව
නාමකරණයන් පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය[1]

ඉදිකිරීම සංස්කරණය

ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ, 18 වන සියවසේ මුල් යුගයේදී ඉදිකරන්නට ඇතැයි සැළකෙන මෙම අම්බලමට, මේ වන විට වසර 200ක් වත් සම්පූර්ණ වී ඇතැයි පැවසේ.[3][4] එකල මෙය, වෙළෙන්දන් හා විවිධ සංචාරකයින්ගේ ගමන් වෙහෙස නිවාලන ප්‍රකට තාවකාලික නවාතැන් පොළක් වූ බව සඳහන් වෙයි.

වර්ථමානයේදී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඉදිකිරීමක් ලෙස සළකනු ලබන මෙම අම්බලමෙහි වාස්තු නිර්මාණ කලාව, මහනුවර යුගයේ වාස්තු නිර්මාණ කලාවන්ට සමාන බව දැකගත හැකිවේ.

ප්‍රතිසංස්කරණය සංස්කරණය

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේද සහය සහිතව මෑතකදී, ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය විසින් කඩුගන්නාව අම්බලම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලදී.[5]

මූලාශ්‍ර සංස්කරණය

  1. Gazette 1719 22 ජූලි 2011, පිටු අංකය: 510.
  2. "ද 'අම්බලම' වෝස් ද රෙස්ටිං ප්ලේස්". සන්ඩේ ටයිම්ස්. 29 අගෝස්තු 2004. සම්ප්‍රවේශය 11 මැයි 2014. {{cite news}}: |first= missing |last= (help)
  3. කීරියවත්ත, ආර්.එස් (4 මාර්තු 2007). "හිස්ටරි ඔන් ද වෙන්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 11 මැයි 2014.
  4. Author Board, ලංකාදීප (15 ජනවාරි 2012). "අම්බලං ඔෆ් ඒන්ෂියන්ට් ඩේස්". ලංකාදීප. 2014-01-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2014. {{cite news}}: |last= has generic name (help)
  5. de Silva, Lionel (18 ඔක්තෝම්බර් 2009). "අම්බලම්ස්-අවර් ආකිටෙක්චරල් හෙරිටේජ්". සන්ඩේ අයිලන්ඩ්. සම්ප්‍රවේශය 11 මැයි 2014.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කඩුගන්නාව_අම්බලම&oldid=591612" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි