ඒබ්‍රම් ලින්කන් හැරිස්

ඒබ්‍රම් ලින්කන් හැරිස්, ජුනියර්(1899 ජනවාරි 17 - 1963 නොවැම්බර් 6) ඇමරිකානු ජාතික ආර්ථික විද්‍යාඥයෙක්,ශාස්ත්‍රඥයෙක්,මානවවේදියෙක් සහ ඇමරිකානුවාසී කළු ජාතිකයින් පිළිබඳ සමාජ විචාරකයෙකි.[1]ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය දිනාගත් ප්‍රථම අප්‍රිකා-ඇමරිකානුවා ලෙස බොහෝ දෙනා සළකන අතර, ඇමරිකාව තුළ කළු ජාතික විප්ලවවාදය හා නියෝ-කොන්සවේටිව්(neo-conservative) අදහස් සඳහා ලැබුණු විශාල අනුබලය උදෙසා ද හැරිස් ප්‍රචලිතය.[2] හැරිස්, ආර්ථික විද්‍යාඥයෙකු ලෙස 1931 දී ස්ටර්ලින් ස්පෙරෝ(Sterling Spero) නම් දේශපාලන විද්‍යාඥයා සමඟ සහයෝගීත්වයෙන් නිකුත් කළ කළු ජාතික කම්කරුවා (The Black Worker) නම් අප්‍රිකා-ඇමරිකානු කම්කරු ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය සහ කළු ජාතික ව්‍යාපාරිකයින් අන්තර් ජාතික වෙළඳාම ව්‍යාප්ත නොකිරීම පිළිබඳ විවේචනය කරමින් 1931 දී කළ නීග්‍රෝ ජාතිකයා ධනවාදියෙකු ලෙස (The Negro as Capitalist) නම් අධ්‍යයනය සඳහා ඉතා ප්‍රසිද්ධය.[1] ඔහු 1936 සිට 1945 දක්වා හොවඩ් විශ්ව විද්‍යාලයේ (Howard University) ආර්ථික විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස ද, එතැන් සිට මිය යන තෙක්ම චිකාගෝ විශ්ව විද්‍යාලයේ(University of Chicago) ඉගැන්වීම් කටයුතු වලද නිරත වූයේය.[3] හැරිස් සමාජ විචාරකයෙකු ලෙස, වැඩබිම තුළ ඉතිහාසයේ සිට කළු ජාතික මැදිහත්වීම පරීක්ෂාවට බඳුන් කරමින් ජාතිවාදී සබඳකම් පිළිබඳ ක්‍රියාශීලී විප්ලවවාදී මතයක් ගොඞනැගු අතර, අප්‍රිකා-ඇමරිකානුවන් විසින් ජාතික සබඳකම් පිළිබඳව වැඩි වශයෙන් ක්‍රියකළ යුතු බව යෝජනා කරන ලදි.[2]

ඒබ්‍රම් ලින්කන් හැරිස්, ජුනියර්
උපත1899 ජනවාරි 17
රිච්මන්ඩ්, වර්ජිනියා
විපත1963 නොවැම්බර් 6, අවු 64
චිකාගෝ, ඉලිනොයිස්
වෘත්තියආර්ථික විද්‍යාඥයෙක්,ශාස්ත්‍රඥයෙක්,මානවවේදියෙක්


මුල් දිවිය සංස්කරණය

1899, ජනවාරි 17 දින වර්ජිනියාවේ රිච්මන්ඩ් (Richmand,Verginia) හිදී මධ්‍යම පාන්තික අප්‍රිකා-ඇමරිකානු පවුලක හැරිස් උපදින ලදී. ඔහුගේ පියා මස් වෙළඳපලක මස් වෙළෙන්ඳෙක් වූ අතර ඔහුගේ මව පාසල් ගුරුවරියකි.[1] හැරිස්ගේ පියා සේවය කළ මස් වෙළඳපළෙහි හිමිකරුවන් වූයේ ජර්මන්-ඇමරිකානු ජාතික පවුලකි. මෙම පවුල සමඟ ඇතිවූ නිරන්තර සබඳකම නිසා හැරිස් ජර්මානු භාෂාව ඉගෙනගත් අතර චතුර ජර්මානු කථිකයෙක් ද වූයේය. හැරිස්ගේ භාෂාව පිළිබඳ විශාරදත්වය පසුකාලීන ජීවිතයේදී කාල් මාර්ක්ස්(Karl Marx) වැනි සමාජ සංශෝධකයන් හා ජර්මානු ආර්ථික විද්‍යාඥයින් විසින් ලියන ලද ලිපි විමර්ශනය සඳහා ඔහුට ප්‍රයෝජනවත් වන්නට ඇත.[1]

ඔහු වර්ජිනියා යූනියන් විශ්ව විද්‍යාලයට(Virginia Union University) ඇතුළත්වී 1922 දී විද්‍යාවේදී උපාධියක්(Bachelor of Science) ලබා ගත්තේය.[4] 1924 දී ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගැනීම සඳහා පිට්ස්බර්ෆ් විශ්ව විද්‍යාලයට(University of Pittsburgh) ඇතුළත් විය.[2] "පිට්ස්බර්ෆ්හි නීග්‍රෝ කම්කරුවා" (The Negro Laborer in Pittsburgh) ඔහුගේ උපාධි නිබන්ධනය වූ අතර එය ජීවිත කාලය පුරාවටම ඔහුගේ විමර්ශනයට බදුන් වූ අප්‍රිකා-ඇමරිකානු කම්කරු බලකායේ ආරම්භය විය.

වෘත්තිය සංස්කරණය

පසුව ඔහු නැෂනල් අර්බන් ලීග් ජර්නලයේ(National Urban League Journal) ලිපි දෙකක් පළ කරන ලදි. අප්‍රිකා-ඇමරිකානු පතල් කරුවන් මුහුණපාන දුෂ්කරතා පිළිබඳව ඒ හරහා සාකච්ඡා කරන ලදී. මෙම ක්ෂේත්‍රය තුළ ඔහුගේ ක්‍රියකාරකම් තුළින් ඔහුගේ අවධානය කළු ජාතිකයින් හා ඔවුන්ගේ සුදු ජාතික ප්‍රතිපූර්ණය පිළිබඳව යොමු විය. කළු ජාතිකයින් පිළිබඳව සුදු ජාතිකයින් තුළ ඇති පූර්වමතය පිළිබඳව හැරිස් විමර්ශනය කරන ලදි.[1]මේ අතරතුර ඔහු කළු ජාතික පාසලක් වන බටහිර වර්ජිනියාවේ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ(West Virginia State University) ඉගැන්වීම් කටයුතුවල නිරත විය. ඔහු එම වසර තුළදීම වී.එෆ්.කාල්වර්ටන්(V.F.Calverton) සමඟ දිගුකාලීන මිත්‍රත්වය ඇති කර ගන්නා ලදි. ඔහු මෙහි වසරක කාලයක් ඉගැන්වීම් සිදු කළේය. ඉන්පසුව ඔහු අර්බන් ලීග් මිනෙපොලිස්(Minneapolis Urban League)හි අධ්‍යක්ෂ තනතුරට පත් විය. එහි අධ්‍යක්ෂවරයා වශයෙන්, ඔහු මිනෙපොලිස් මිනෙසොටා(Minneapolis Minnesota)හි සිටින අප්‍රිකා-ඇමරිකානුවන්ගේ ජීවන තත්වයට බලපාන ජාතික සබඳකම් පිළිබඳ සවිස්තර වාර්තාවක් ප්‍රකෘත කළේය.[5] සංගණන හා සමීක්ෂණ දත්ත යොදා ගනිමින්, වැඩබිමේදී සුදු ජාතිකයින් හා කළු ජාතිකයින් අතර සමාජමය භේදයක් ඇති බව පෙන්වීමට උත්සාහ කළේය.[1]ඉන්පසුව ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය සඳහා කොළොම්බියා විශ්ව විද්‍යාලය(Columbia University)ට ඇතුළත් විය. 1927 දී ඔහු හොවඩ් විශ්ව විද්‍යාලය (Howard University)ට ඇතුළත්වී සමගාමී කළු ජාතික මිත්‍රයන් වූ රැල්ෆ් බන්ච්(Ralph Bunche) හා ඊ.ෆ්‍රැන්ක්ලින් ෆ්‍රසියර්(E.Franklin Frazier) සමඟ සහයෝගීත්වයෙන් ජාතිය පිළිබඳ දර්ශනය හා අතීත වටිනාකම් පිළිබඳව හඬ නඟන ලදි.[2]

පෙර විමර්ශනයන්ම ඉදිරියට කරගෙන යන අතර ඔහුගේ උපාධිය සඳහා නිබන්ධනය වශයෙන් ඇමරිකාව තුළ සුදු ජාතිකයින් හා අප්‍රිකා-ඇමරිකානු කම්කරුවන් අතර ඇති මතභේද පිළිබඳව ලියන ලදි. 1930දී, ඇමරිකාව තුළ ආර්ථික විද්‍යාව උදෙසා ආචාර්ය උපාධිය ලබාගත් දෙවන අප්‍රිකා-ඇමරිකානුවා විමට ඔහු සමත් විය.[1] ඊළඟ වසරේදි ඔහුගේ උපාධි නිබන්ධනය සඳහා ස්ටර්ලින්ග් ස්පෙරෝ(Sterling Spero) නම් දේශපාලන විද්‍යාඥයා සමඟ සහයෝගයෙන් ක්‍රියාකර අප්‍රිකා-ඇමරිකානු කම්කරු ඉතිහාසය පිළිබඳ සුප්‍රසිද්ධ අධ්‍යයනයක් වන "කළු ජාතික කම්කරුවා, නීග්‍රෝ ජාතිකයා හා කම්කරු සංචලනය" (The Black Worker, the Negro & The Labor Movement)එළි දක්වන ලදි.[2] ඇමරිකාව තුළ කම්කරු පාන්තික දේශපාලන පක්ෂයේ සංවර්ධනයට අප්‍රිකා-ඇමරිකානුවන් දායක විය යුතු බව හැරිස් විශ්වාස කළේය. තවද, කැරළි ගැසීම්, ඉවත්වීම් හා නැවත අප්‍රිකාව වෙත සංචලනය වීම (මෙය මාර්කස් ගාවේ, හෙයිලී සෙලැසී ආදී පුද්ගලයින් විසින් මෙහෙය වන ලදි) ආදී උපාය මාර්ග පිළිබඳ ඔහුගේ අකමැත්ත ප්‍රකාශ කලේය. [1]

කළු ජාතික කම්කරුවා ලිපියේදි හැරිස් හා ස්පෙරෝ විසින් තරයේ ප්‍රකාශ කර සිටියේ අප්‍රිකා-ඇමරිකානුවන්ට, කම්කරු පන්තිය තුළ ජාතිවාදී එදිරිවාදිකම් සඳහා නැවතීමේ තිත තැබිය හැකි බවයි. වහල් සේවය පැවති වකවානුවේ සිට පැවති සුදු හා කළු ජාතික අසීරුතාවයන් පිළිබඳ ඉතිහාසය ඔහු ලිපියට නඟන ලදි. අප්‍රිකා-ඇමරිකානුවන් ඉතා මෑතකදී නාගරික පසුබිමකට සංක්‍රමනය වූ බවද වෙළද සංගම්වාදය පිළිබඳ නොදැනුවත්කම ගැනද ඔවුන් තර්ක කළේය. 1930දී ඇමරිකාව තුළ කම්කරු පාන්තික දේශපාලන පක්ෂයක නිර්මාණය සඳහා හේතු වූ ප්‍රගතිශීලී කම්කරු පක්ෂ(Progressive Labor Party) පත්‍රිකාවේ නිර්මාතෘ වූයේද හැරිස්ය.[1] හැරිස් හා සුදු ජාතික පුවත්පත් කලාවේදියෙක් වූ බෙන්ජමින් ස්ටොල්බර්ග්(Benjamin Stolberg), එකිනෙකාගේ ක්‍රියවන් විවේචනය කරගනිමින් එකිනෙකාගේ නිපුණත්වය වර්ධනය කරගත්තේය.

1933 ඇමෙනියා සම්මන්ත්‍රණයේ(Amenia Conference)දී හැරිස්, ෆ්‍රසියර් හා බන්ච් සමඟ සහයෝගයෙන් NAACPහි වැඩිහිටි පරම්පරාවට බලපෑම් එල්ල කරන ලදි. හැරිස්ගේ විප්ලවවාදී මතයන් තුළින් 1935දී නිකුත් වූ "හැරිස් වාර්තාවේ" (Harris Report) යෝජනා වූයේ ඇමරිකාව තුළ ජාතිවාදී සබඳකම් පිළිබඳ ක්‍රියාකාරී ස්ථිර මතයක් NAACP තුළින් ගත යුතු බවයි.[2] ආර්ථික බිඳවැටීම් හැරිස්ගේ රැඩිකල්වාදය දුර්වල වීමට හේතු විය. බැංකු කටයුතු හා වෙළඳාම පිළිබඳ සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යා අධ්‍යයනයක් වූ "ද නීග්‍රෝ ඈස් කැපිටලිස්ට්" (The Negro as Capitalist) 1936දී එළි දැක්විය. සුදු ජාතිකයින් හා කළු ජාතිකයින් අතර පැවති ජාතිවාදී සහයෝගීතාව පිළිබඳ වූ පරාජිත හැඟීමට කළු ජාතික ව්‍යාපාරිකයින් යටත්ව සිටි බව හැරිස් තර්ක කලේය. සුදු ජාතික ව්‍යාපාරිකයින් සමඟ වෙළඳ සංගම්වාදයට අප්‍රිකා-ඇමරිකානුවන් සහභාගී විය යුතු බව ඔහු ප්‍රකාශ කර සිටියේය. කළු ජාතිකයින්ගේ ව්‍යාපාර සංවර්ධනයට ඇති වූ ප්‍රශ්න වලට හේතුව මෙය විය.[6]

හැරිස් 1945දී හොවඩ් විශ්ව විද්‍යාලයෙන් චිකාගෝ විශ්ව විද්‍යාලයට මාරු වූ අතර එහිදී සුදු ජාතික අධ්‍යයනායතනයක උසස් ස්ථානයක් ලබා ගත් ප්‍රථම අප්‍රිකා-ඇමරිකානුවා වීමට හැකි විය. චිකාගෝ ආර්ථික විද්‍යා අධ්‍යයනායතයේ(Chicago School of Economics) ආදි කතෘවරයෙක් වූ ෆ්‍රැන්ක් නයිට්(Frank Knight)ගේ ප්‍රයත්නයන් හැරිස්ගේ මෙම සංචලනයට පහසුකම් සලසා දෙන ලදි. හැරිස් හොවඩ් විශ්ව විද්‍යාලයේ සිටි වකවානුවේ පටන් හැරිස්ගේ ආර්ථික විද්‍යා මතයන් අන්තර්ගත වූ ලිපි "දේශපාලන ආර්ථික ජර්නලයේ" (The Journal of Political Economy) පළ කිරීමට නයිට් දායක විය.හැරිස්ගේ චිකාගෝ සංචලනයත් සමඟ ආර්ථික විද්‍යා මතයන් වෙනස් වූ බව පෙනෙන්නට විය.ඔහුගේ ලිපි ශාස්ත්‍රීය ආර්ථික විද්‍යා(Orthodox Economics) නැඹුරුවක් ගෙන ඇති බව දක්නට ලැබුණි.[1] කෙසේනමුත් හැරිස් ජාතිය නම් වූ මාතෘකාව තුළ නිශ්ශබ්ද වූවා මෙන්ම ඒ පිළිබඳ කිසිවක් ලිපියට නොනඟුවේය. හැරිස් තම ඉතිරි දිවිය චිකාගෝ විශ්ව විද්‍යාලයේ ගත කළ අතර, 1963 නොවැම්බර් 18 දින මිය ගියේය.

දායාදය සංස්කරණය

අප්‍රිකා-ඇමරිකානු ව්‍යාපාරය පිළිබඳ සමාජ විවේචනය හා ආර්ථික විද්‍යාඥයෙකු ලෙස සිදුකළ ක්‍රියාකරකම් සඳහා හැරිස් ප්‍රසිද්ධය. ඔහු තුළ කළු ජාතික විප්ලවවාදය හා නියෝ-කොන්සවේටිව්(neo-conservative) අදහස් සදහා විශාල අනුබලයක් විය.[2] මොහු 1935, 1936, 1943, 1953 වසර වලදී ආර්ථික විද්‍යාව සඳහා ගූගන්හයිම් සභාධ්‍යායත්වය(Guggenheim Fellowship) හිමිකර ගැනීමට සමත් විය.[7]හැරිස්, විසිවන සියවස මුල් භාගයේ හා මැද භාගයේ කළු ජාතික ආර්ථික විද්‍යාඥයින් අතර ප්‍රධානතම පුරුකකි. ඔහුගේ මූලාරම්භයක් වූ "නීග්‍රෝ ජාතිකයා ධනවාදියෙකු ලෙස" (The Negro as Capitalist) ආදී විවේචන වර්තමාන අප්‍රිකා-ඇමරිකානු විප්ලවවාදී අදහස් සඳහා පූර්වාදර්ශයක් විය. "කළු ජාතික කම්කරුවා" (The Black Worker) ආදී ඔහුගේ ජාතිවාදී සබඳකම් පිළිබඳ ක්‍රියාවන් අප්‍රිකා-ඇමරිකානු අධ්‍යාපන ආකෘතියක් ගොඩනැගීමට ඉඩ සලසන ලදි. ඔහු විසින් "දේශපාලන ආර්ථික ජර්නලය" (The Journal of Political Economy)ට රචිත ලිපි ආර්ථික විද්‍යා මතය පිළිබඳ අධ්‍යයනය සඳහා සැළකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ලදි.[1] විසිවන සියවස මුල් භාගයේ සිටි ප්‍රමුඛතම අප්‍රිකා-ඇමරිකානුවෙක් ලෙසද, අප්‍රිකා-ඇමරිකානුවන් ආශ්‍රිත පුළුල් මාතෘකා පිළිබඳ බලවත් දර්ශනයක් සහිත පෞර්ෂයක් ලෙසද බොහෝ දෙනා අදටත් මොහුව පිළිගනී.

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 "Abram Lincoln Harris, Jr. Biography". Encyclopedia of World Biography. සම්ප්‍රවේශය 2006-01-25.
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 "Abram Harris applied economics and race". The African American Registry. 2005-08-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-01-25.
  3. "Abram Lincoln Harris Profile". Columbia Encyclopedia. සම්ප්‍රවේශය 2006-01-25.
  4. William Banks (1996). "African American History Vignette: Abram Harris". W. W. Norton & Company. සම්ප්‍රවේශය 2006-01-27.
  5. Abram Harris (1926). "The Negro Population in Minneapolis: A Study of Race Relations". National Urban League. සම්ප්‍රවේශය 2006-01-27.
  6. Young, James O. (1973). Black Writers of the Thirties. Baton Rouge, Louisiana: Louisiana State University Press. pp. 35–63. ISBN 0-8071-0060-9.
  7. "Guggenheim Fellows whose last names begin with H". John Simon Guggenheim Memorial Foundation. 2005-12-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-01-29.