ඒඩ්‍රියන් බෘඩි (උපත අප්‍රේල් 14, 1973 ) ඇමෙරිකානු නළුවෙකි. රොමන් පොලොන්ස්කි ගේ “ද පියානිස්ට්“(2002) චිත්‍රපටියේ රඟපෑමෙන් පසුව ඔහු ලෝක ප්‍රසිද්ධියට පත් විය. Acadamy සම්මාන උලළේ හොඳම නළුවා ලෙස පිදුම් ලැබීමට සමත් වූ ,අවුරුදු 30 ට අඩු එකම පුද්ගලයා වීමට ඔහු වාසනාවන්ත විය.

ඒඩ්‍රියන් බෘඩි කෑන්ස් චිත්‍රපට උළෙලේදී
උපත අප්‍රේල් 14, 1973 (වයස37)
වුඩ් හෙවන්ස් ,ක්යුවීන්ස් , නිව්යොර්ක්, ඇමෙරිකා එක්සත් ජනපදය
රැකියාව නළුවෙකි
ක්‍රියාකාරි වර්ෂයන් 1988 සිට වර්තමානය දක්වා

විශ්‍රාම ලත් ඉතිහාස මහාචාර්යවරයෙකු වූ එලියට් බෘඩිගේ සහ ජනමාධ්‍ය වේදිනියක වූ සිල්වියා ප්ලැකි ගේ පුත් වූ බෘඩි උපත ලැබුවේ නිව්යොර්ක් හිදිය. පෝලන්ත ජාතිකයෙකු වූ බෘඩි ගේ පියා යුදෙව්වකු විය. කතෝලික පියකුට හා යුදෙව් මවකට උපන් බෘඩි ගේ මව හැදී වැඩුනේ හන්ගේරියාවේ බුඩපේස්ට්හිය .

විෂ්මිත ඒඩ්‍රියන් ලෙස කුඩා කළ මිතුරන්ගේ සාද වලදී ඔහු මැජික් දර්ශන ඉදිරිපත් කළේය. බෘඩි ගේ දෙමාපියන් ඔහු ඇසුරු කළ දඩබ්බර මිතුරන්ගෙන් ඔහුව ඈත් කරනු පිණිස ඔහුව නිව්යෝර්ක් හි Fiorello H. LaGuardia High School of Music & Art and Performing Arts පාසලට ඇතුලත් කළහ.

1992 දී බෘඩි දරුණු රිය අනතුරකට මුහුණ දුන්නේය. එහිදී ඔහු පදවා ගෙන ගිය මෝටර් සයිකලය කාරයක ගැටී බෘඩි විසිවී ගොස් පදික වේදිකාවක් මතට වැටිණි.එමෙන්ම ඔහු ක්‍රියාදාම ජවනිකා රඟපෑමට ගොස් නාසය තුන් වරක් බිඳ ගත්තේය. එමෙන්ම “Summer of Sam” චිත්‍රපටියේ රූගත කිරීම් වල දී ද නැවතත් නාසය කඩා ගත්තේය.

"https://si.wikipedia.org/w/index.php?title=ඒඩ්‍රියන්_බෘඩි&oldid=464884" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි