ඒක් හසිනා ති (රූපවාහිනී කතාමාලාව)

ඒක් හසිතා ති (සිංහල: රූමත් ලලනාවක විය) යනුවෙන් හැඳින්වෙන්නේ සිනෙවිස්ටාස් ලිමිටඩ් ආයතනය විසින් නිර්මාණය කරන ලද අපරාධ සංත්‍රාස රූපවාහිනී කතාමාලාවකි. 2014 අප්‍රේල් 14 ිට 2014 දෙසැම්බර් 20 දක්වා මෙය ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය කෙරිණි.[3] ප්‍රේම් ක්‍රිෂන් විසින් නිෂ්පාදනය කරන ලද ඒක් හසිනා ති කතාමාලාව ලිහිල්ව ඇමරිකානු කතාමාලාවක් වූ Revenge පාදක කොටගෙන නිපදවා ඇත.[4] මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සංජීදා ෂෙයික් සහ වත්සාල් ෂේත් විසින් වන අතර, සිමෝනි සිං සහ ආයුබ් ඛාන් විසින් සහාය චරිත නිරූපණය කරන ලදී.[5] මෙම වැඩසටහන සඳහා පසුබිම් වී ඇත්තේ කොල්කතාව වුවත්, රූගත කොට ඇත්තේ මුම්බායිහි ය.[6] මෙම කතාමාලාව මුලින් නම්කොට තිබුණේ දාග් ලෙස ය.[4] විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් අතින් පැසසුමට පත් මෙම වැඩසටහන එකල ස්ටාර් ප්ලස් නාළිකාවේ වූ වඩාත් සාර්ථකම වැඩසටහන් අතුරින් එකක් විය. මෙහි දී සිමෝනි සිංගේ රංගන ප්‍රතිභාව ප්‍රංශංසාවට ලක් විය.[7][8][9][10]

ඒක් හසිනා ති
කතාමාලාවේ තේමා දසුන
ප්‍රභේදයඅවලම්බන ත්‍රාසකය
අපරාධ නාට්‍ය
අභිරහස්
තැනුවේසිනේවිස්ටාස් ලිමිටඩ්
රචනය කලේසමීර් අරෝරා
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)සිද්ධාර්ත් මල්හෝත්‍රා
රඟපෑමසංජීදා ෂෙයික්
වත්සාල් ශේත්
සිමෝනි සිං
ආයුබ් ඛාන්
ඇරඹුම් තේමාව"ඒක් හසිනා ති" - සුනිධි චෞහාන්[1] විසිනි
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි (ප්‍රධාන)
බෙංගාලි සහ ඉංග්‍රීසි (සුළු)
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන216[2]
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)ප්‍රේම් ක්‍රිෂන්
ස්ථානය(න්)කොල්කතා (පසුතලය)
මුම්බායි (රූගත කිරීම)
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයමිනිත්තු 20
ප්‍රචාරණය
මුල් නාලිකාවස්ටාර් ප්ලස් උර්දු 1
රූප ආකෘතිය576i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනයඅප්‍රේල් 14, 2014 (2014-04-14) – දෙසැම්බර් 20, 2014 (2014-12-20)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

මෙම කතාමාලාව භාෂා ගණනාවකින් හඬකැවිණි. තෙලිඟු බසින් "දුර්ගා" ලෙසත්, මලයාලම් බසින් "ඔරු ෂිෂිරතින්ටේ ඕර්මක්කු" ලෙසත් මෙය හඬකැවිණි. අරාබි බසින් හඬකැවූ මෙම කතාමාලාව "ලහීබ් අල්-හුක්ඩ් / لهيب الحقد" (සිංහල: වෛරයේ ගිනිදැල්) යන තේමාව ඔස්සේ MBC Bollywood නාළිකාවෙන් විකාශය විය. ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකැවූ මෙම කතාමාලාව "සුළඟ වගේ ඇවිදින්" යන තේමාව යටතේ හිරු ටීවී නාළිකාවෙන් විකාශය කොට ඇත.[11][12]

සාරාංශය සංස්කරණය

කථාපුවත ඇරඹෙන්නේ දුර්ගා ඨාකුර් (සංජීදා ෂෙයික්) නැමැති අපේක්ෂාවන්ගෙන් යුත් සහ විශ්වාසයෙන් හෙබි තරුණ යුවතිය එක්සත් ජනපදයේ සිට පැමිණීමත් සමගයි. ඇයට කොල්කතාවේ ගොවෙන්කා පවුල මුණගැසේ. රාජ්නාත් (ආයුබ් ඛාන්) සහ සාක්ෂි ගොවෙන්කා (සිමෝනි සිං) යනු ෂෞර්යා ගොවෙන්කා (වත්සාල් ෂේත්) ගේ දෙමාපියන් ය. ෂෞර්යා ධනවත් පෙනුමැති සල්ලාල තරුණයකු වන අතර, දුර්ගා ඔහුට රැවටෙන්නී ය. සිය මිතුරන් සමග කථා කිරීමෙන් අනතුරුව, ඔවුන් තීරණය කරන්නේ ෂෞර්යාහට දුර්ගාව එක් රැයක ඔට්ටුවකින් දාන ගැනීමට සිදුවන බවයි. කෙසේනමුත්, දුර්ගා හට වෙනත් සැලසුම් ඇති අතර, ඇය පායල් මිත්‍රාගේ (ටීනා චොප්රා) ආරක්ෂිකාව ද වන්නී ය. පායල්හට මානසික ආබාධයක් ඇති අතර, ඇයට ගොවෙන්කා පවුල හා සම්බන්ධ අභිරහස් අතීතයක් ඇත. ඇය ෂෞර්යා දැකීමෙන් අනුතරුවඅඇගේ මානසික සමතුලිතතාව ගිලිහී යයි. ෂෞර්යා සහ දුර්ගා සිය විවේකය උපරිමයෙන් ගත කරමින් දින ගණනක් ගෙවති. මෙය සාක්ෂිගේ අප්‍රසාදයට හේතු වේ. දුර්ගා විසින් ෂෞර්යා කෙරෙහි බලපෑම් ‍කරන හෙයින් සාක්ෂිහට දුර්ගා අසල දී අවිනිශ්චිත බවක් හැඟී යයි. එසේම සාක්ෂි අනුමාන කරන්නේ දුර්ගා සිය පුත්‍රයා සමග සිටින සෑම අවස්ථාවකම කිසියම් ගැටලුවක් ඇතිවන බවයි.

දුර්ගා යනු සැබැවින්ම නිත්‍යා (ආදිති සජ්වාන්) බව හෙළි වේ. ඇය වෛද්‍ය දයාල් ඨාකූර්ගේ (භූපින්දර් සිං) කාරයේ හැපී අනතුරට ලක්වීමෙන් පසුව ප්ලාස්ටික් සැත්කමක් මගින් සිය මුහුණේ ස්වරූපය වෙනස් කරගෙන තිබිණි. අතීතාවර්ජන මාලාවකට පසු හෙළිවන්නේ, වසර දෙකකට පෙර, ෂෞර්යා සහ ඔහුගේ මිතුරන් විසින් නිත්‍යාගෙන් පළිගැනීම පිණිස පායල්ව දූෂණය කොට ඇති බවයි. සියලුම සාක්ෂි සහ සාක්ෂිකරුවන් ෂෞර්යාට පක්ෂව වූ බැවින් මෙම සොයුරියන් (නිත්‍යා සහ පායල්) නඩුවෙන් පරාජය වී තිබිණි. වර්තමානයේ දුර්ගා පැමිණ සිටින්නේ ඇගේ පළිය ගැනීමටයි. පසුව, ෂෞර්යාගේ මස්සිනා වන දේව් (භූවනේෂ් මාන්) ඇමරිකාවේ සිට පැමිණෙන අතර, වසර දෙකකට පෙර වූ සිදුවීම් ඔහුට දැනගන්නට ලැබෙයි.

සිදුවීම් මාලාවකින් පසුව, දේව් නිත්‍යාහට පෙම් කරන බව දුර්ගා වටහා ගනියි. නමුත් ඇය සිය අරමුණ (‍ගොවෙන්කා පවුල විනාශ කිරීම) සිය මනසෙහි රඳවාගත යුතු හෙයින් දේව්ගෙන් ඈත් වන්නී ය. සිය පළිගැනීමේ අරමුණට සමීප වීම සඳහා ව්‍යාජ සියදිවි හානි කරගැනීමේ තැතක් මගින් දුර්ගා ෂෞර්යාහට ඔහුගේ ප්‍රේමය පපොච්ඡාරණයට සලස්වයි. දුර්ගා සහ ෂෞර්යා විවාහ ගිවිස ගන්නා නමුත්, ඇගේ පියා සාක්ෂිගේ ‍සේවකයා (සැබැමින්ම මොහු සාක්ෂි පිළිබඳ ඔත්තු බැලීමට දුර්ගා විසින් යෙදවූවෙකි) වන අකාශ් (මිහිර් මිෂ්රා) හට පවසන්නේ ෂෞර්යාගේ සිහිය නැති කීරමට මැරවරයන් පිරිසක් යොදවන ලෙසයි. එය සාර්ථක වේ.

‍පෙම් යුවළ විවාහ වීමට සූදානම් වේ. නමුත් විවාහ දිනයේ ෂෞර්යා පිටව යන්නේ සිය මවගේ දැඩි බලපෑම හේතුවෙනි. අපාවදය වළක්වා ගැනීම පිණිස සාක්ෂි මනාලයා ලෙස දේව්ගේ නාමය යෝජනා කළ ද, දේව් දුර්ගා සමග විවාහ වීම ප්‍රතික්ෂේප කරයි. නමුත් වෛද්‍ය ඨාකුර් ඔහුට ව්‍යාජ ලෙස විවාහයට පෙනී සිටින ලෙස පවසන්නේ ඒ වෙනුවෙන් තමන් නිත්‍යා පිළිබඳ තොරතුරු හෙළිකරන බව පවසමිනි. දේව් එයට එකඟ වේ. මේ දෙදෙනා විවාපත් වූ බව හඟවති. මේ අතර, රාජ්නාත් සාක්ෂිගේ සුළු-පුත්‍රයා වන අක්‍රම් රෙහ්මත් ඛාන් (හෙවත් ආකාශ්) පොළඹවාලන්නේ ඔහු සතුව පැවති වීඩියෝ පටය (රාජ්නාත් විසින් සිය සහෝදරයා වන අර්නාව්, එනහ් දේව්ගේ පියාට වෙඩි තැබූ බව හෙළිවන) ලබාගැනීමටයි. මෙම වීඩියෝ පටය යොදාගෙන සාක්ෂි ඇගේ සැමියා වූ රෙහ්මත් ඛාන් මරාදමා, තමන් සමග විවාහ වන මෙන් රාජ්නාත්ට තර්ජන එල්ල කොට තිබිණි. සිය බාධාවන් මැඬලීමට වූ එකම සාක්ෂිය එය පමණි.

රාජ් සහ සිය හොඳම මිතුරිය වන රායිමා (කිෂ්වාර් මර්චන්ට්) අතර අනියම් සම්බන්ධයක් ඇති බව සාක්ෂි දැන ගැනීමෙන් පසුව සියල්ල කනපිට හැරේ. කෝපවන සාක්ෂි රායිමා හට වෙඩි තබයි. ඇය කෝමා තත්ත්වයට පත්වේ. සාක්ෂි මෙම මිනීමැරුම වෙනුවෙන් දේව් හසුකරයි. රායිමා කෙසේ හෝ සිහිය ලබා උසාවියේ සාක්ෂි ලබාදේ යැයි බිය වන ඇය, හෙදියකට අල්ලස් ලබා දෙන්නේ රායිමාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් කරවීමට ඖෂධ මාරු කරන ලෙසයි. මේ අතර තමන්ට සිදුකළ ප්‍රහාරයට වෛද්‍ය ඨාකුර් ද සම්බන්ධ බව ෂෞර්යා දැනගනියි. ඔහු ඨාකූර්ට වෙඩි තබයි. මෙය දුර්ගාගේ පළිගැනීමේ චේතනාව පොළඹවාලයි. ඇය ගොවෙන්කා පවුල තුළ ආරවුලක් ඇති කරන්නට උත්සාහ දැරුව ද එය අසාර්ථක වේ.

ෂෞර්යාව මරාදැමූයේ යැයි සිතන සාක්ෂි ඔහුගේ මරණය අනතුරකින් වූ බවට මුසා පවසයි. නමුත් ෂෞර්යා පායල්ව අල්ලාගනන්නා අතර, ආකාශ් සහ රිෂිව ඝාතනය කරයි. නමුත් ඔවුන් ජීවත්ව සිටින බව හෙළිවේ. ගොවෙන්කා පවුලට විරුද්ධව ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරන දුර්ගා, එම පවුලේ සාමාජිකයින් සිරගත කරයි. විනිසුරුවරයා විසින් ෂෞර්යා සහ කරන්ව වරදකරුවන් ලෙස නම්කරනු ලබයි. කෙසේනමුත්, කථාවට විවෘත අවසානයක් ලබාදෙමින්, ෂෞර්යා දුර්ගාට ඉඟි කරන්නේ තමන් සිරභාරයේ පසුනොවන බවයි. මේ නිසා ගොවෙන්කා පවුලට එරෙහි දුර්ගාගේ පළිගැනීමේ ව්‍යායාමය සාර්ථක නොවේ. කථාව අවසන් වන්නේ දුර්ගාහට ෂෞර්යාගේ සිවුරුහන් හඬ ඇසීමෙනි.

චරිත නිරූපණය සහ චරිත සංස්කරණය

 
රංගන කණ්ඩායමේ සාමාජකයින් අතර, සාක්ෂි ගොවෙන්කා ලෙස සිං සිදුකළ නිරූපණය ඇගයුමට ලක් විය. ද ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතේ විචාරයක දැක්වෙන්නේ "ඇගේ ඉරියව්ව සහ අලංකාරය ඇගේ චරිතය තුළින් කැපී පෙනෙන බවයි".[4]
  • සංජීදා ෂෙයික්, දුර්ගා ඨාකුර් / දුර්ගා දේව් ගොවෙන්කා / නිත්‍යා මිත්‍රා ලෙස; පායල්ගේ වැඩිමහල් සොයුරියයි. සැබෑ දුර්ගා මියගොසිනි. වෛද්‍ය ඨාකුර්ගේ (සැබෑ දුර්ගා ඨාකුර්ගේ පියා සහ නිත්‍යාගේ හදාගත් පියා) මෙහෙයවීම යටතේ නිත්‍යා මිත්‍රා ප්ලාස්ටික් සැත්කමක් කරගනියි. ඇයට අවශ්‍ය වන්නේ සිය දිවිය විනාශ කිරීම පිළිබඳ ගොවෙන්කා පවුලෙන් පළිගැනීමටයි.[13]
  • වත්සාල් ෂේත්, ෂෞර්යා ගොවෙන්කා ලෙස; ප්‍රධාන පිරිමි චරිතයයි. ගොවෙන්කා පවුලේ ධනවත්, සල්ලාල උරුමකරුවායි. සිය පවුලේ බලපෑම මත ඔහුට තමන්ට අවශ්‍ය සෑම දෙයක්ම ලබාගත හැකි අතර "බැහැ" යන වදන කිහිදින අසා නැත්තෙකි, මොහු. පායල්ගේ දූෂකයා මොහු වන අතර, දුර්ගා සමග මීට පෙර විවාහ ගිවිසගෙන සිටි තැනැත්තා මොහුයි.[14]
  • සිමෝනි සිං, සාක්ෂි ගොවෙන්කා ලෙස; ප්‍රධාන එදිරිවාදිනියයි. ධනවත් රූමත් තැනැත්තියක වන මැයි රාජ්නාත්ගේ භාර්යාවයි. කොල්කතාහි අවධානය තමන් වෙක නතු කරගැනීමට ඇය ප්‍රිය කරයි. සිය දරුවන් දෙදෙනා වන ෂෞර්යා සහ කන්ගනා රැක ගැනීමට ඇය ඕනෑම දෙයක් සිදු කිරීමට සූදානම් ය. මෙය ඇගේ එකම දුර්වලතාව ද වේ.[15][16][17]
  • ආයුබ් ඛාන්, රාජ්නාත් ගොවෙන්කා ලෙස; දෙවන එදිරිවාදී පිරිමි චරිතයයි. මහත් අපේක්ෂා සහගත මොහු කෲර පුද්ගලයකු වන අතර, කොල්කතාවේ ඉහළ පෙළේ ව්‍යාපරිකයකු ද වේ. සාක්ෂිගේ සැමියායි. සිය සමාජ තත්ත්වය පවත්වා ගැනීමට ඔහු ඕනෑම දෙයක් සිදු කිරීමට සූදානම් ය.[18]
  • භුවනේෂ් මාන්, දේව් ගොවෙන්කා ලෙස; ෂෞර්යාගේ මස්සිනායි. නිත්‍යාගේ හොඳම මිතුරායි. මොහු එක්සත් ජනපදයේ සිට පැමිණෙන්නේ වසර දෙකකට පෙර සිදුවූයේ කුමක්ද යන්න හෙළි කරගැනීමටයි.[19]
  • ආදිති සජ්වාන්, නිත්‍යා මිත්‍රා ලෙස; දේව්ගේ හොඳම මිතුරිය සහ පෙම්වතියයි. පායල්ගේ වැඩිමහල් සොයුරියයි. (ප්ලාස්ටික් සැත්කමට පෙර)[20]
  • කිෂ්වාර් මර්චන්ට්, රායිමා මහේෂ්වරී ලෙස; සාක්ෂිගේ හොඳම මිතුරියයි. සාක්ෂිගේ සැමියා වන රාජ්නාත් සමග අනියම් සම්බන්ධයක් පවත්වන්නී ය.[21]
  • ජ්‍යෝති ගෞබා, සුචිත්‍රා ගොවෙන්කා ලෙස; දේව්ගේ මව වන මැය සමාජ සේවාවන්ට ලැදි කාරුණික තැනැත්තියකි.[22]
  • පූනම් ප්‍රීත්, කන්ගනා රාජ්නාත් ගොවෙන්කා; ගොවෙන්කා පවුලේ එකම දියණියයි. මෙම චරිතය සඳහා පෙළඹවීමක් ඇතිව තිබෙන්නේ ඉන්දියානු නිළි කන්ගනා රනෞත්‍ගේ 2014 ප්‍රහසන චිත්‍රපටයක් වූ Queenහි චරිතය ඇසුරෙනි.[23]
  • මිහිර් මිෂ්රා, අක්‍රම් රෙහ්මත් ඛාන්/ආකාශ් රෝයි ලෙස; සාක්ෂිගේ සුළු පුත්‍රයායි. ඔහුගේ පියාව මරාදමන ලද්දේ සාක්ෂි විසිනි. අක්‍රම් රෙහ්මත් ඛාන් ආකාශ් රෝයි ලෙස පැමිණෙන්නේ සාක්ෂිගෙන් පළිගන්නටයි. ඔහුට දුර්ගා ද සහාය වේ.[24]
  • ටීනා චොප්රා, පායල් මිත්‍රා ලෙස; නිත්‍යාගේ නැගණියයි. ෂෞර්යා සහ ඔහුගේ මිතුරන් විසින් ඇයට අතවර කොට ඇත.
  • විකී අරෝරා, කරන් බාසු ලෙස
  • වික්‍රම් සිං චෞහාන්, රිෂි ලෙස
  • අලිරාසා නම්දාර්, ගිරිෂ් බාසු ලෙස
  • භූපින්දර් සිං, වෛද්‍ය දයාල් ඨාකූර් ලෙස
  • අමිත් බේල්, නවීන් මාථුර් ලෙස; ගොවෙන්‍කා පවුලේ අවංක සේවකයෙකි. ද්‍රෝහීවීමේ චෝදනා නගා සිරගත කොට ඇත.[25]
  • ආමිර් අලි, වෛද්‍ය නීල් භට්ටාචාර්ය ලෙස; අලි විසින් විශේෂ නිරූපණයක් සිදුකරන ලදී. ඔහු දුර්ගා සමග ව්‍යාජ ලෙස විවාහ ගිවිස ගන්නා නීල්ගේ චරිතය නිරූපණය කළේ ය.[26][27][28]
  • වින් රානා, කරන් සෙත් ලෙස
  • ෂාල්මලී දේසායි, සාගරිකා ගංගුලි ලෙස[29][30]

සම්මාන සංස්කරණය

ස්ටාර් පරිවාර් සම්මාන 2014
ඉන්දියානු ටෙල්ලි සම්මාන 2014
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන 2014

පාදක සටහන් සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Sunidha Chauhan sings for Ek Hasina Thi". The Times of India. TNN. 25 March 2014. සම්ප්‍රවේශය 16 December 2014.
  2. "Ek Hasina Thi - 20th December 2014". Star Plus. සම්ප්‍රවේශය 20 December 2014.
  3. "Star Plus to replace 'Meri Bhabhi' with 'Ek Hasina Thi'". afaqs!. 31 March 2014. සම්ප්‍රවේශය 16 December 2014.
  4. 4.0 4.1 4.2 "Ek Hasina Thi / Needs to be more convincing". The Indian Express. 9 May 2014. සම්ප්‍රවේශය 18 December 2014.
  5. Ankita R Kanabar; Priya Adivarekar (28 March 2014). "Sanjeeda Sheikh to team up with Vatsal Sheth for a show". The Indian Express. සම්ප්‍රවේශය 16 December 2014.
  6. "I'm sure that 'Ek Hasina Thi' title track will be appreciated: Sunidhi". IBN Live. IANS. 28 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 December 2014.
  7. "Major revamp on small screen as older shows make way for new". Mid Day. 19 November 2014. සම්ප්‍රවේශය 16 December 2014.
  8. "14 TV shows get axed this year". The Times of India. Shruti Jambhekar. 16 December 2014. සම්ප්‍රවේශය 16 December 2014.
  9. "'Ek Hasina Thi' is about women empowerment: Siddharth P Malhotra". The Indian Express. Express News Service. 18 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
  10. "Interesting premise, but actors fall short in much-delayed show Ek Hasina Thi". Daily News and Analysis. Chaya Unnikrishnan. DNA. 22 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
  11. "Shahid MBC - Laheeb Al-Heqd (شاهد.نت - لهيب الحقد)". සම්ප්‍රවේශය 17 November 2015.
  12. "MBC - Laheeb Al-Heqd (لهيب الحقد- MBC Bollywood - MBC.net)". සම්ප්‍රවේශය 17 November 2015.
  13. "Story of Ek Hasina Thi is gripping: Sanjeeda Sheikh". The Times of Indiaa. 21 March 2014. සම්ප්‍රවේශය 20 December 2014.
  14. "Vatsal Seth on Playing the Baddie in 'Ek Hasina Thi'". India-West. 9 October 2014. 29 September 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 December 2014.
  15. "Simone Singh makes comeback on small screen after nine years". NDTV India. New Delhi: Press Trust of India. 3 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
  16. "Had no apprehensions playing a mother to Vatsal: Simone Singh". The Times of India. Vijaya Tiwari. 12 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
  17. "PICTURES: Meet Simone Singh of TV show Ek Haseena Thi". Dainik Bhaskar. සම්ප්‍රවේශය 20 December 2014.
  18. "Ayub Khan and Simone Singh get together after nine years". The Times of India. Hiren Kotwani. 25 March 2014. සම්ප්‍රවේශය 20 December 2014.
  19. "Bhuvnesh Mann to embark his journey in Ek Hasina Thi". The Times of India. TNN. 17 May 2014. සම්ප්‍රවේශය 20 December 2014.
  20. "Star Parivaar Awards 2014: Aamir Khan and wife Kiran look inseparable (see red carpet pics)". India TV. 24 June 2014. සම්ප්‍රවේශය 20 December 2014.
  21. "When dreams take flight". The Tribune. Chandigarh. 23 August 2014. සම්ප්‍රවේශය 20 December 2014.
  22. "Vatsal Seth's chachi in 'Ek Hasina Thi' was his Maths teacher in school". The Times of India. Iti Shree Misra. 17 September 2014. සම්ප්‍රවේශය 21 December 2014.
  23. "Poonam Preet's role in 'Ek Haseena Thi' inspired by Kangna Ranaut". Mid-Day. The Hitlist Team. 4 October 2014. සම්ප්‍රවේශය 20 December 2014.
  24. "Mihir Mishra – The Mystery Man on Ek Hasina Thi". The Times of India. 28 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
  25. "Ek Hasina Thi : Durga's secret room". Daily News and Analysis (DNA). 2 May 2014. සම්ප්‍රවේශය 21 December 2014.
  26. Indo-Asian News Service (18 July 2014). "Aamir Ali, Sanjeeda Sheikh to Romance On Screen". Ndtv. සම්ප්‍රවේශය 16 December 2014.
  27. "TV couple Aamir, Sanjeeda to romance on `Ek Hasina Thi` show". Zee News. 18 July 2014. සම්ප්‍රවේශය 16 December 2014.
  28. IANS (18 July 2014). "Real life couple Aamir Ali, Sanjeeda Sheikh to work together in 'Ek Hasina Thi'". IBN Live. 25 July 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 December 2014.
  29. "'Ek Hasina Thi' is about women empowerment: Siddharth P Malhotra". The Indian Express. Express News Service. 18 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
  30. "Interesting premise, but actors fall short in much-delayed show Ek Hasina Thi". Daily News and Analysis. Chaya Unnikrishnan. DNA. 22 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
  31. "Star Parivaar Awards 2014: Complete List Of Winners". Filmibeat. 25 June 2014. සම්ප්‍රවේශය 16 December 2014.
  32. "13th Indian Telly Awards 2014 - Winners List; Harshad, Preetika, Karan, Divyanka Shine Bright!". Filmibeat. 20 October 2014. සම්ප්‍රවේශය 16 December 2014.
  33. "Indian Television Academy Awards 2014". MSN. සම්ප්‍රවේශය 16 December 2014.

බාහිර සබැඳි සංස්කරණය