මේ පරක් තෙරක් නොමැති මහා විශ්වයේ විවිධ ආකාශ වස්තුන් ප‍්‍රකෝටි ගණනින් පිහිටා ඇත. මේවායින් සමහරක් කුඩා වන අතර තවත් සමහරක් අති විශාල වේ. අභ්‍යවකාශයේ සැරිසරන මෙම ආකාශ වස්තුන් සමහර අවස්ථා අවස්ථාවල දී පෘථිවියට ආසන්නව ගමන් කරයි. එවැනි අවස්ථාවල දී පෘථථිවි ගුරුත්වාකර්ෂණයට හසුවන මේවා පෘථිවි වායු ගෝලය හා ගැටී පිළිස්සී විනාශ වී යන අතර, සමහර ඒවා විනාශ නොවීම පෘථිවිය මතට පතිත වේ. මේ අනුව බලන කල උල්කාපාතයක් යන්න පහත පරිදි අර්ථ කථනය කළ හැකිය.“පෘථිවි වායු ගෝලයට ඇතුළු වන අභ්‍යවකාශයේ සැරිසරන ඕනෑම ග‍්‍රහ වස්තුවක් උල්කාපාතයකි (ඉංග්‍රීසි:  Meteor).”

2009 වූ ලියොනිඩ් උල්කාපාත වර්ෂාවේදී දක්නට ලැබුනු ලියොනිඩ් උල්කාපාතයක්.

උල්කාපාත වල ගුණාංග සංස්කරණය

ඈත අභ්‍යවකාශයේ සිට පෘථිවි වායු ගෝලයට ඇතුළු වන සියලුම ආකාශ වස්තුන් පිහිටා ඇත්තේ ගුණාංග සහිත පරිසරයක (සුළඟ නොමැති, වායු නොමැති) නිසා ඒවායේ ගුණාංග ද සෑම උල්කාපාතයකටම එක සේ පොදු ඒවා බව පැවසේ. මේ අනුව උල්කාපාතවල පොදු ලක්ෂණ ලෙස,

  • වායු ගෝලයත් සමග ගැටීම නිසා අධික දීප්තියකින් යුතුව දර්ශනය වීම
  • වායු ගෝලයත් සමග ගැටීම නිසා පිළිස්සී විනාශ වී යාම

දැක්විය හැකිය.

උල්කාපාත වල බලපෑම් සංස්කරණය

වායු ගෝලයක් නොමැති චන්ද්‍රයා ගේ පස් පිටි වගෙයි යන කියමනට මූූලික වී ඇත්තේ අභ්‍යවකාශයේ සිට පැමිණෙන මේ ආගන්තුක වස්තූන්ය. එනම් උල්කාපාතයන්ය. සඳෙහි වායු ගෝලයක් නොමැත. සඳ වෙත ළංවන්න වූ උල්කාපාත සඳ වෙත ඇදී යාමේ දී ඒවා දවාලීමට තරම් ප‍්‍රමාණවත් වායු ගෝලයක් සඳ සතුව නොමැති නිසා ඒවා කෙළින්ම සඳ පෘෂ්ඨය හා ගැටේ. මෙලෙස සඳ වෙතට ඇදී එන සෑම උල්කාපාතයක්ම පෘෂ්ඨය හා ගැටීම නිසා එහි පස් කෙටීමකට ලක් වේ. ඒ හේතුව නිසා පස් පිටි බවට පත් වේ. වායු ගෝලයක් නොමැති ග‍්‍රහ ලෝකවලට ද උල්කාපාතවල බලපෑම මේ ආකාරයෙන්ම බලපායි.

අහඹු උල්කාපාත සංස්කරණය

මුළු රැයක් පුරාවට එක් උල්කාපාතයක් නොව උල්කාපාත රාශියක් දැකිය හැකිය. මේ ප‍්‍රමාණය පැයකට පහත් දහයත් අතර ප‍්‍රමාණයක් ගනී. එනමුත් මේවා අහසේ කුමන දෙසින් කුමන වේලාවක දර්ශනය වේදැයි කීම අපහසුය. මෙවැනි උල්කාපාත “අහඹු උල්කාපාත” යන නමින් හඳුන්වනු ලබයි. මේවායේ විශේෂිත ලක්ෂණයක් වනුයේ රාති‍්‍ර අහසේ ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයකින් නිරීක්ෂණය කළ හැකි වීමයි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=උල්කාපාත&oldid=494212" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි