උදයනිධි ස්ටාලින් තමිල්නාඩුවේ නියෝජ්‍ය මහ ඇමති යනු දෙමළ චිත්‍රපටවල කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ නළුවෙකි.[1][2] ස්ටාලින් චිත්‍රපට කර්මාන්තය වෙත පිවිසියේ චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ බෙදාහරින්නකු ලෙස රෙඩ් ජයන්ට් මූවීස් නම් ඔහුගේ නිෂ්පාදන ස්ටූඩියෝව ඔස්සේයි. ඔහු කුරුවි (2008), ආදවන් (2009) සහ මන්මදන් අම්බු (2010) වැනි චිත්‍රපට නිර්මාණය කොට ඇත. අනතුරුව රංගන ශිල්පියකු ලෙස ඔහු සිය වෘත්තිය ආරම්භ කළේ ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන චිත්‍රපටයක් වූ ඔරු කාල් ඔරු කණ්ණාඩි (2012) තුළිනි. එතැන්සිට ඔහු ඔහුගේම චිත්‍රපට නිෂ්පාදනය කරමින් රංගනයේ නියැළෙයි.

උදයනිධි ස්ටාලින්
ස්ටාලින් 2013දී 60වන දකුණු ඉන්දියානු ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී
උපත
උදයනිධි ස්ටාලින්

27 නොවැම්බර් 1977 (1977-11-27) (වයස 46)
නිවහනචෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව
රැකියාවචිත්‍රපට නිෂ්පාදකයකු, නළුවකු
සක්‍රීය වසර2008–වර්තමානය
උස1.74 m (5 ft 9 in)
කලත්‍රයා(යන්)කීරුතිගා උදයනිධි
දරුවන්2
දෙමව්පියන්(s)එම්. කේ. ස්ටාලින් (පියා)
දුර්ගා ස්ටාලින් (මව)
ඥාතීන්එම්. කරුණානිධි (සීයා)
අරුල්නිති තමිලරසු (ඥාති සොහොයුරා)
දයානිධි අලගිරි (ඥාති සොහොයුරා)
සෙන්තාමරෛ (සොයුරිය)
එම්. කේ. කණිමොලි (නැන්දණිය)

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Scripting a family story. Indianexpress.com (10 February 2010). Retrieved on 18 June 2012.
  2. Udayanidhi Stalin’s cameo in Aadhavan!. Sify.com (8 July 2009). Retrieved on 18 June 2012.
"https://si.wikipedia.org/w/index.php?title=උදයනිධි_ස්ටාලින්&oldid=587761" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි