උත්ස්වේදනය සංස්කරණය

උත්ස්වේදනය යනු, ශාක පත්‍ර වලින් හා ශාක දේහයේ අනෙකුත් වායව කොටස් වලින් සරල විසරණය මඟින් ජලය වාෂ්ප ලෙස ශාකයෙන් ඉවත්ව යාමේ ක්‍රියාවලියයි.

ජලය ඉවත් වීමෙන් වැඩිපුර ප්‍රමණයක් පූටිකා හරහා සිදු වේ.මෙය පූටිකා උත්ස්වේදනය ලෙස හැදින්වේ.මීට අමතරව යම් ප්‍රමණයක් උච්චර්මය මඟින් සිදු වේ.එය උච්චර්මීය උත්ස්වේදනය ලෙස හැදින්වේ.මීට අමතරව තවත් ප්‍රමණයක් වා සිදුරු හරහා ඉවත්ව යාම සිදු වේ.

උත්ස්වේදනය ක්‍රියාවලිය. සංස්කරණය

දිවා කාලයේදී අන්තර් සෛලිය අවකාශ වල අඩංගු වාතය ජලය වාෂ්ප වලින් සංතෘප්තව පවති.එයට හේතුව ඒවා තෙත් සෛල බිත්ති සමඟ ස්පර්ශව පැවතීමයි.සාමාන්‍යයෙන් ශාකයෙන් පිටත අඩංගු වාතය ශාකයේ ඇතුළත අඩංගු වාතයට වඩා වියළි වේ.මේ නිසා ශාකයෙන් පිටත අඩංගු වාතයේ ජල විභවය ශාකයේ ඇතුළත අන්තර්ගත වාතයේ ජල විභවයට වඩා අඩුය.මේ හේතුවෙන් හටගන්නා ජල විභව අනුක්‍රමණය ඔස්සේ අන්තර් සෛලිය අවකාශ වල අඩංගු ජල වාෂ්ප සරල විසරණය මඟින් ශාකයෙන් ඉවත් වේ.


"https://si.wikipedia.org/w/index.php?title=උත්ස්වේදනය&oldid=491320" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි