ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන

1950 ගණන් වලදී, එක්සත් ජනපදයේ සහාය සහිතව, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන දියත් කෙරුණේ සාමය සඳහා පරමාණු වැඩසටහනේ කොටසක් ලෙසිනි.[1][2] ඉරානයේ ෂා රජ බලයෙන් පහ කිරීමට තුඩු දුන් 1979 ඉරාන විප්ලවය සිදු වන තුරු, එක්සත් ජනපදය සහ බටහිර යුරෝපියානු රජයයන්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සහභාගි වූහ.[3]

1979 විප්ලවයෙන් පසුව, මුස්ලිම් නීති සංග්‍රහය තුල, එවැනි අවි හරම් (පාපකාරී) සහ ආචාරධර්මයන්ට පටහැනි හා දුශ්ශීල ලෙසින් සලකා තහනම් කල යුතු ලෙසින් සැලකූ අයතුල්ලා රුහොල්ලා කොමේනි (1902–1989) විසින්, රහසිගත න්‍යෂ්ටික අවි පර්යේෂණ වැඩසටහනක් විසුරුවා හරින ලදි. [4] ජීවවිද්‍යාත්මක අවි සම්මුතිය,[5] රසායනික අවි සම්මුතිය,[6] සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වළකන සම්මුතිය (NPT)[7] ඇතුළු, මහා සංහාරක අවි ප්‍රතික්ෂේපනය කෙරෙන සම්මුති ගණනාවක් සඳහා ඉරානය අත්සන් තබා ඇත.



ආශ්‍රිත සංස්කරණය

  1. Haidar, J.I., 2015."Sanctions and Exports Deflection: Evidence from Iran," Paris School of Economics, University of Paris 1 Pantheon Sorbonne, Mimeo
  2. රෝ, සෑම් (28 ජනවාරි 2007). "ඇන් ඇටමික් ත්‍රෙට් මේඩ් ඉන් ඇමරිකා". චිකාගෝ ට්‍රිබියුන්. http://www.chicagotribune.com/news/nationworld/chi-061209atoms-day1-story,0,2034260.htmlstory. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 ජූලි 2009. 
  3. "ඉරාන් අෆයාර්ස්: බ්ලාස්ට්ස් ෆ්‍රොම් ද පාස්ට්: වෙස්ටර්න් සපෝට් ෆො බරාන්ස් නියුක්ලියර් ප්‍රෝග්‍රම්". 2008. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2008.
  4. යෝසි මෙල්මන්, මියර් ජවෙඩන්ෆාර්, ද නියුක්ලියර් ස්පින්ක්ස් ඔෆ් ටෙහෙරාන්, බේසික් බුක්ස්, 2008 පිටු.89–90.
  5. "සිග්නටරීස් ඔෆ් ද බයලොජිකල් වෙපන්ස් කන්වෙන්ෂන්". Opbw.org. සම්ප්‍රවේශය 23 නොවැම්බර් 2011.
  6. "ස්ටේට් පාර්ටීස් ටු ද කෙමිකල් වෙපන්ස් කන්වෙන්ෂන්". රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය. 20 මැයි 2008. සම්ප්‍රවේශය 22 ජූලි 2008.
  7. "සිග්නටරීස් ඇන්ඩ් පාර්ටීස් ටු ද ට්‍රීටි ඔව් ද නොන් -ප්‍රොලිෆරේෂන් ඔෆ් නියුක්ලියර් වෙපන්ස්". සම්ප්‍රවේශය 17 අප්‍රේල් 2006.