ඉයුජීන් ස්කොට් (උපත : 1945 ඔක්තෝබර් 24) ඇමෙරිකානු සම්භවයක් සහිත භෞතික මානව විද්‍යාඥවරියකි. ඇය "ජාතික විද්‍යා අධ්‍යාපන ආයතනයේ” අධ්‍යක්ෂ ධූරය දැරුවාය. (1987 සිට) තවද, ඇය මැවුම්වාදය සහ බුද්ධිමත් නිර්මාණකරණය යන විෂයයන්වලටද විවේචන ඉදිරිපත් කළාය.

ඉයුජීන් ස්කොට්

ජීවිත කථාව සංස්කරණය

අධ්‍යාපනික ගමන්මඟ

ස්කොට් හැදී වැඩුනේ විස්කොන්සින් ප්‍රදේශයේය. ඇයට මුලින්ම මානව විද්‍යාව පිළිබඳව උනන්දුවක් ඇතිවූයේ කුඩා කල තම සහෝදරිය ගේ පොතක් කියවීමෙනි. පසුව ඇය විස්කොන්සින්, මිල්වෝකී සරසවියෙන් උපාධිය ද, පශ්චාත් උපාධිය ද ලබා ගත්තාය. තවද කොලොම්බියාවේ, මිසුරි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබාගත්තාය. 1974 දී ඇය භෞතික මානව විද්‍යාඥවරියක් ලෙස කෙන්ටති විශ්ව විද්‍යාලයට ඇතුළත් වී නොබෝ කලකින් ම ඇයගේ මුල්ගුරු කොට සැළකූ ජේම්ස් ගේවන් සහ තවත් "මැවුම් වාදියෙකු” වූ ඩුවාන් ගිෂ් සමඟ මැවුම් වාදය පිළිබඳව විවාදයකට සහභාගි වූවාය.

1980 දී, කෙන්ටතිහි පාසල් තුළ මැවුම්වාදය ඉගැන්වීම වැළැක්වීම කෙරෙහි ස්කොට් විසින් මහඟු මෙහෙයක් කරන ලදි.එහි ප්‍රතිඵලයක් ලෙස 1981 දී ජාතික විද්‍යා අධ්‍යාපන ආයතනය පිහිටුවනු ලැබිණි. 1987 දී ස්කොට්ව එහි අධ්‍යක්ෂකවරිය ලෙස පත්වුණි. මෙම කාලයේදී ජාතික පාසල්වල මැවුම්වාදය ඉගැන්වීම නීතියෙන් තහනම් කෙරිණි. දැනට ස්කොට් සහ ඇගේ ස්වාමියා, දියණිය ද සමඟ කැලිෆෝනියා ජනපදයේ ජීවත් වෙයි.

අධ්‍යාපනික සේවය සංස්කරණය

1993 දී මිසුරි සරසවිය ස්කොට් තම ශිෂ්‍ය පරපුරේ වැදගත් පුරුකක් ලෙස ගරුකොට සැලකීය. පහත දැක්වෙන්නේ ඇය හෙබවූ තනතුරු කිහිපයකි.

  • කැලිෆෝනියා විද්‍යා අධ්‍යාපනායතනයේ සාමාජිකත්වය,
  • 1994 ඇමෙරිකානු භෞතික මානව විද්‍යාඥ සංගමයේ සභාපති-
  • 2000-2002, ඇමෙරිකානු විද්‍යා පුනරුද සංගමයේ යාවජීව සාමාජික (2002) සහ සිග්මා හි සභාපති,
  • X කණ්ඩායමේ සාමාජික.

1999 සිට 2008 දක්වා කාලය තුළ ස්කොට් හට ආයතන, සරසවි හා අධ්‍යාපනික මට්ටමින් පිරිනැමෙන සම්මාන හා පිළිගැනීම් රාශියක් හිමිවිණි.

"https://si.wikipedia.org/w/index.php?title=ඉයුජීන්_ස්කොට්&oldid=345034" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි