අරුන්දතී (2014 චිත්‍රපටය)

අරුන්දතී යනුවෙන් හැඳින්වෙන්නේ 2014දී තිරගත වූ බෙංගාලි සංත්‍රාසමය චිත්‍රපටයකි. සුජිත් මොන්දාල් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය නිෂ්පාදනය කරන ලද්දේ ශ්‍රී වෙන්කටේෂ් ෆිල්ම්ස් සහ සුරින්දර් ෆිල්ම්ස් යන ආයතන විසිනි. චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන කොයෙල් මලික් විසින් රණකාමී රැජිනකගේ චරිතය නිරූපණය කරනු ලබයි. මෙම චිත්‍රපටය 2009 වර්ෂයේ තෙලිඟු චිත්‍රපටයක් වූ අරුන්දතීහි ප්‍රතිනිර්මාණයකි‍. මෙම චිත්‍රපටය විචාරකයන් වෙතින් ඍණාත්මක ප්‍රතිචාර හිමි කරගත් අතර, බොක්ස් ඔෆිස් අතින් අසාර්ථක චිත්‍රපටයක් ලෙසින් සැලකේ.

අරුන්දතී
අධ්‍යක්‍ෂණයසුජිත් මොන්දාල්
තිර රචනයඑන්. කේ. සලීල්
නිශ්පාදනයහ්‍රීකාන්ත් මෝහ්තා
නිෂ්පාල් සිං
රංගන ශිල්පීන්කොයෙල් මලික්
ඉන්ද්‍රනීල් සේන්ගුප්තා
ස්වාගතා මුඛර්ජී
දේබ්ෂංකර් හල්දාර්
භාරත් කොවුල්
සිනෙමාරූපණයකුමුද් වර්මා
සංස්කරණයරවිරංජන් මෛත්‍රා
සංගීතයජීත් ගංගුලි
සලුරි කෝටේස්වරා රාඕ
බෙදාහැරීමශ්‍රී වෙන්කටේෂ් ෆිල්ම්ස්
සුරින්දර් ෆිල්ම්ස්
නිකුත්වූ දිනය
  • මැයි 30, 2014 (2014-05-30)
තිර කාලය
මිනිත්තු 137
රටඉන්දියාව
භාෂාවබෙංගාලි
පිරිවැයඉන්දියානු රුපියල් කෝටි 6.0 (ඇ.ඩො. 930,000)
ආදායමඉන්දියානු රුපියල් කෝටි 1.2 (ඇඩො. 190,000)

සංවර්ධනය සංස්කරණය

මෙම චිත්‍රපටය හවුලේ නිෂ්පාදනය කරන ලද්දේ රජීබ් ටන්ඩූන් විසින් ඔවුන්ගේ නිෂ්පාදන නිවසේ සන්නාමය යටතේ ය. මෙම චිත්‍රපටය අනුෂ්කා ෂෙට්ටි සහ සෝනු සූඩ් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන ලද 2009 අතිශය ජනප්‍රිය තෙලිඟු චිත්‍රපටයක් වූ අරුන්දතී චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි.[1] මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ ඉන්දියානු රුපියල් කෝටි 6-7ක අයවැයක් යටතේ ය. 2009 තෙලිඟු චිත්‍රපටයේ නිෂ්පාදකයා විසින් මෙහි බෙංගාලි ප්‍රතිනිර්මාණය සඳහා පිටපත් අයිතිය විකිණීමට අති විශාල මුදලක් ඉල්ලා සිටි බව වාර්තා වේ. හමුවීම් සහ සාකච්ඡා ගණනාවකින් පසු එය දැරිය හැකි මට්ටමක් තෙක් අඩු කරගන්නා ලදී.[2]

චරිත නිරූපණය සංස්කරණය

නිෂ්පාදනය සංස්කරණය

නළුවරණය සංස්කරණය

කොයෙල් මලික් විසින් රණකාමී රැජිනකගේ චරිතය නිරූපණය කළේ පළමු වරට මෙම චිත්‍රපටයේ ය. මෙම චරිතය සම්බන්ධයෙන් ඇය පැවසූයේ, "ඔබ අත්හදා බැලීම සිදු නොකරන තෙක් සහ අවදානම් නොගන්නා තාක් ඔබට ගමන් කළ හැකි මට්ටම ඔබ වටහා නොගනීවි. මෙම දැවැන්ත චරිත නිරූපණය කිරීමට පහසු නැහැ. විශේෂයෙන්ම මා එවැන්නක් මින් පෙර සිදු කර නොතිබීම එයට හේතුවයි. පළමුව මා හට මෙම විෂය විශ්වාස කිරීමට අවශ්‍ය වූවා. මම පුනරුත්පත්තිය සහ මරණින් පසු උපත විශ්වාස කරනවා. එයට එකඟ වීමෙන් පසු, අරුන්දතීගේ ශරීර භාෂාව නිවැරදිව ඉගෙනීමට මා හට දැඩිව වෙහෙසෙන්නට සිදු වූවා."[4]

චිත්‍රපටය සංස්කරණය

අරුන්දතී රූගත කිරීම් කටයුතු 2013 ඔක්තෝබර් 24 දින ඇරඹිණි.[2] අරුන්දතී රූගත කරන ලද සමය මලික් හට අතිශය කාර්යබහුල කාලයක් වූ බැව් වාර්තා වේ. මෙම චරිතය නිරූපණය සඳහා ඇයට අසුන් පැදවීම සහ කඩු සටන් ඉගෙනීමට සිදු විය. ඇගේ අසුන් පැදවීමේ පන්ති මෙහෙයවන ලද්දේ කොල්කතා මයිදාන්හි විශේෂඥ වික්‍රම් රථෝර් විසින් දිනයේ මුල් පැය කිහිපය තුළ ය. මෙහි රූගත කිරීම් සිදුවූ ස්ථාන අතරට බෝල්පූර් සහ කොල්කතා යන ප්‍රදේශ අයත් වේ.[2] ඇගේ අසිපත් සටන් දර්ශන රූගත කෙරුණේ කලාරිපායාට්ටු ඇසුරෙනි.[4]

නාදපථය සංස්කරණය

Untitled

පථ ලැයිස්තුව සංස්කරණය

නාදපථය ගීතය ගායක(යා) කාලපරාසය (මිනි:තත්) සංගීතය පද රචක
1 "හේ නරෝපිශාච්" මොනාලි ඨාකුර් 3:46 ජීත් ගංගුලි සහ සලුරි කෝටේස්වරා රාඕ චන්ද්‍රාණි ගංගුලි
2 "බොරොන්දලා සාජා" මධුරා භට්ටාචාර්ය සහ වෘන්දය 3:01 ජීත් ගංගුලි චන්ද්‍රාණි ගංගුලි
3 "ජෝයි ජෝයි මා" කෛලාශ් ඛේර් 4:29 ජීත් ගංගුලි සහ සලුරි කෝටේස්වරා රාඕ චන්ද්‍රාණි ගංගුලි

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Bong Rocks (12 November 2013). "Arundhati: New Kolkata Bangla Movie Preview; Another South remake to hit Tollywood soon". Sholoana Bangaliana. සම්ප්‍රවේශය 30 December 2014.
  2. 2.0 2.1 2.2 "Koel as Arundhati". Anandabazar Patrika. 2 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 November 2013.
  3. කහානි අධ්‍යක්ෂක සමග වරදවා වටහා නොගන්න.
  4. 4.0 4.1 "Canter queen". The Telegraph (Calcutta). සම්ප්‍රවේශය 23 November 2013.
"https://si.wikipedia.org/w/index.php?title=අරුන්දතී_(2014_චිත්‍රපටය)&oldid=591311" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි