අප්පල්ලගොඩ අම්බලම

අප්පල්ලගොඩ අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය මහනුවර නගරයේ සිට කිලෝ මීටර 6 ක් පමණ දුරින් පිහිටි අප්පල්ලගොඩ ග්‍රාමයේ ඉදිකොට තිබෙයි.

අතීතය සංස්කරණය

1922 වර්ෂයේ ඉදිකරන ලද්දක් යැයි විශ්වාස කෙරෙන මෙම අම්බලම, මහනුවර කලාපය තුල පිහිටි අම්බලම් අතුරින් විශාලතම ගලින් ඉදිකරන ලද අම්බලම ලෙස සැළකෙයි.[1]

ඉදිකිරීම් ආකෘතිය සංස්කරණය

අම්බලමෙහි බිම් ප්‍රමාණය වර්ග මීටර 80 ක් පමණ වන අතර, ගෙබිමෙහි සිට මුදුන දක්වා උස ප්‍රමාණය මීටර 5.6 ක් පමණ වෙයි. අම්බලමෙහි වහලය ඇතුලත කණු 4 ක් හා පිටත කණු 12 ක් මගින් උසුලා සිටියි.

අම්බලම ඉදිරිපස, පැමිණෙන මගී ජනයාගේ පැන් පිපාසය දුරුකරනු වස් තබන ලද ගලින් කල පිංතාලියක් දැකගත හැකිවෙයි.

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අප්පල්ලගොඩ_අම්බලම&oldid=346363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි