අනෝජා වීරසිංහ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ සහ සම්මානනීය රංගන ශිල්පිනියකි.[1][2][3]

අනෝජා වීරසිංහ
උපත
අනෝජා කාන්ති සිරිවර්ධන

1955 January (age 69)
රැකියාවසිනමා නිළියක
සක්‍රීය වසර1978 - සිට

වෘත්තීය දිවිය සංස්කරණය

1978 වසරේදී යසපාලිත නානායක්කාරගේ ටක් ටික් ටුක් චිත්‍රපටයේ තත්පර 30 ක පමණ කොටසකට පෙනීසිටිමින් ශ්‍රී ලංකා සිනමාවට පිවිසි අනෝජා, ඉන්පසුව දිගින් දිගටම මෙරට සිනමා කෘති විශාල සංඛ්‍යාවක් සඳහා සිය දායකත්වය ලබා දුන්නාය.

1986 වසරේදී තිරගත වූ ඩී. බී. නිහාල්සිංහගේ මල්දෙනියේ සිමියොං චිත්‍රපටියේ සමාජ විෂමතාවට ගොදුරු වූ මවක හා දියණියක ලෙස ද්විත්ව චරිත නිරූපණයක යෙදෙමින්[4] අනෝජා සිදුකල විශිෂ්ට රංගනය හේතුවෙන් ඇයට ඊළඟ වසරේ ඉන්දියාවේ පැවැති නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලදී හොඳම නිළියට හිමි රිදී මයුර සම්මානය හිමි වූ අතර,[5] 1990 වසරේදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා විසින් ඇයට, කොහිනූර් සම්මානයද (Kohinoor Award) පිරිනමන ලදී. මීට අමතරව ශ්‍රී ලංකාවේදී ඇය කලා ශූරි සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. පෝල්කොක්‌ස්‌ නමැති ප්‍රකට විදේශීය චිත්‍රපටකරුවාගේ 'දි අයිලන්ඩ්' චිත්‍රපටයේද රංගනයේ නියෑළුණාය.

රංගනයන් සංස්කරණය

වසර චිත්‍රපටිය අධ්‍යක්ෂණය වසර චිත්‍රපටිය අධ්‍යක්ෂණය
1978 අනුරාගම් 1979 මොනරතැන්න යසපාලිත නානායක්කාර
1980 සිංහබාහු පතිරාජ දයානන්ද 1980 ටක් ටික් ටුක් යසපාලිත නානායක්කාර
1980 රත්නන්තින් රත්තමේ 1981 සාරංගා ගාමිණි හේවාවිතාරණ
1981 ආරාධනා විජය ධර්මශ්‍රී
1981 දයාබර නිලූ කන්දපොල කුමාරතුංග 1981 අම්මේ මට සමාවන්න විල්ෆ්‍රඩ් සොයිසා
1981 ගීතිකා යසපාලිත නානායක්කාර 1982 කැලේ මල් සුනිල් ආරියරත්න
1983 මැණික් මාළිගා ගාමිණී හේවාවිතාරණ 1983 මොනරතැන්න 2 අරුක්ගොඩ
1983 මුහුදු ලිහිණි සුනිල් ආරියරත්න 1983 හස්ති වියරුව එච්. ඩී. ප්‍රේමරත්න
1983 කලියුගය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1983 පසමිතුරෝ ආනන්ද හේවගේ
1984 නිවන් දක්න ජාති දක්වා සෝමවීර බෝපිටිය 1984 තාත්තයි පුතයි අරුක්ගොඩ
1984 හිතවතිය කැමිලස් පෙරේරා 1984 බට්ටි දයානන්ද ජයවර්ධන
1985 මව්බිම නැත්නම් මරණය ලුවී වැන්ඩ්‍රස්ට්‍රන් 1985 වසිටි කෙල්ල කන්දපොල කුමාරතුංග
1985 මිහිදුම් සළු සුනිල් ආරියරත්න 1985 අරලිය මල් අරුක්ගොඩ
1985 චෙන්නායි කෙල්ලො දෙන්නයි අරුක්ගොඩ 1985 ඇය වැරදිද ඔබ කියන්න විල්ෆ්‍රඩ් සිල්වා
1985 ඔබට දිවුරා කියන්නම් සුනිල් සෝම පීරිස් 1985 මිස් ලංකා
1986 මල්දෙනියේ සිමියොං ඩී. බී නිහාල්සිංහ 1986 පෙරළිකාරයෝ දිනේෂ් ප්‍රියසාද්
1986 මල් වරුසා කේ. ඩී. දයානන්ද 1986 දෙව් දුව දයා විමලවීර
1987 ජනේලය චන්ද්‍රන් රත්නම් 1987 හිත හොඳ චණ්ඩියා රංජිත් සිරිවර්ධන
1987 අහිංසා මාලිනී ෆොන්සේකා 1987 සත්‍යග්‍රහණය ඩී. බී. වර්ණසිරි
1987 කැලෑ කෙල්ල බර්නාඩ් රෙජිනෝල්ඩ් 1988 නැවත අපි එක්වෙමු අනුර ද සිල්වා
1988 කෝ හතුරෝ සුනිල් ටී ප්‍රනාන්දු 1989 ඔබට රහසක් කියන්නම් සුනිල් සෝම පීරිස්
1988 යුක්තියට ච්ණ්ඩියා 1989 සිනාසෙන්න රත්තරනේ සුනිල් සෝම පීරිස්
1989 මමයි රජා සුනිල් සෝම පීරිස් 1989 රන්දෙණිගල සිංහයා රංජිත් සිරිවර්ධන
1989 සිරි මැදුර පරාක්‍රම නිරිඇල්ල 1990 යුක්තියට වැඩ සුනිල් සෝම පීරිස්
1990 පෙම් රජදහන දයානන්ද ජයවර්ධන 1990 හිත හොඳ පුතෙක් රෝයි ද සිල්වා
1990 වීර උදාර ෂර්ලි විජේරත්න 1991 සිහින අහසේ වසන්තේ යසපාලිත නානායක්කාර
1991 හිතට දුකක් නැති මිනිහා දිනේෂ් ප්‍රියසාද් 1991 රන් හදවත සුනිල් සෝම පීරිස්
1991 කෙළිමඩල ඩී. බී නිහාල්සිංහ 1991 ඇසල සඳ ලයනල් පණ්ඩුවාවල
1991 මම ඔබේ හිතවතා
1992 රජ දරුවෝ දයා විමලවීර 1992 රණබිමේ වීරයා රංජිත් සිරිවර්ධන
1992 මේ වාරෙ මගේ ලයනල් පණ්ඩුවාවල 1993 වැලි සුළඟ නිශාන්ත ප්‍රදීප්
1993 ගුරු ගෙදර විජය ධර්ම ශ්‍රී 1993 සුරබිදෙන චන්ද්‍රරත්න මාපිටිගම
1994 ශක්ති ෂර්ලි විජේරත්න 1995 විජේ සහ අජේ රෝයි ද සිල්වා
1995 සෙයිලම එච්. ඩී. ප්‍රේමරත්න 1998 ඇය ඔබට බාරයි සුනිල් සෝම පීරිස්
1998 ජුලියට්ගේ භූමිකාව ජැක්සන් ඇන්තනී 1999 අඳුරු සෙවනැලි රංග විජේන්ද්‍ර
2002 තහනම් ගහ ක්‍රිස්ටි ෆර්නැන්ඩෝ 2003 පුර සක්මන ටිකිරි රත්නායක
2003 යකඩ පිහාටු උදයකාන්ත වර්ණසූරිය 2014 තන්හා රතී රඟා නිලේන්ද්‍ර දේශප්‍රිය

නිෂ්පාදනයන් සංස්කරණය

වසර චිත්‍රපටිය අධ්‍යක්ෂණය
1982 කැලෑ මල් සුනිල් ආරියරත්න
1985 ඔබට දිවුරා කියන්නම් සුනිල් සෝම පීරිස්
1989 ඔබට රහසක් කියන්නම් සුනිල් සෝම පීරිස්
1991 කෙලිමඩල ඩී. බී. නිහාල්සිංහ
1998 ජුලියට්ගේ භූමිකාව ජැක්සන් ඇන්තනී

ලැබූ සම්මාන සංස්කරණය

  • 1984 - ජනාධිපති විශේෂ සම්මානය - මුහුදු ලිහිණි
  • 1985 - හොඳම සහාය නිළිය - සරසවිය - හිතවතිය
  • 1985 - කුසලතා සම්මානය - ජනාධිපති - හිතවතිය
  • 1986 - කුසලතා සම්මානය - සරසවිය - මිහිඳුම් සළු
  • 1986 - හොඳම නිළිය - රාජ්‍ය නාට්‍ය උළෙල
  • 1986 - හොඳම ඇඳුම් නිර්මාණය - රාජ්‍ය නාට්‍ය උළෙල
  • 1986 - ජනප්‍රියම චිත්‍රපට නිෂ්පාදක - සරසවිය - ඔබට දිවුරා කියන්නම්
  • 1987 - හොඳම නිළිය - සරසවිය - මල්දෙණියේ සිමියොන්
  • 1987 - හොඳම නිළිය - ඕ. සී. අයි. සී. - මල්දෙණියේ සිමියොන්
  • 1987 - හොඳම නිළිය - ජනාධිපති - මල්දෙණියේ සිමියොන්
  • 1987 - හොඳම නිළිය - රජත මයුර සම්මානය - 11 වන ඉන්දීය අන්තර් ජාතික සිනමා උළෙල - මල්දෙණියේ සිමියොන්
  • 1987 - හොඳම රූපවාහිනි නිළිය - තාරා දේවි
  • 1987 - රණ තිසර සම්මානය - සරසවිය
  • 1987 - කාලාසූරී සම්මානය - ජනාධිපති රණසිංහ ප්‍රේමදාස අතින්
  • 1987 - ගෞරව සම්මානය - රොටරි අන්තර් ජාතික සමාජය
  • 1987 - වසරේ කාන්තාව - වනිතා සම්මාන
  • 1990 - හොඳම නිළිය - සරසවිය - සිරිමැදුර
  • 1990 - හොඳම නිළිය - ඕ. සී. අයි. සී. - සිරිමැදුර
  • 1990 - කොයිනූර් රත්න සම්මානය - ප්‍රදානය තමිල්නාඩු ආණ්ඩුකාර ශ්‍රී විශ්ව නාරායන් අතින්
  • 1991 - ජනප්‍රියම නිළිය - වනිතා සම්මානය
  • 1992 - හොඳම නිළිය - සරසවිය - කෙළීමඬල
  • 1992 - හොඳම නිළිය - ඕ. සී. අයි. සී. - කෙළිමඬල
  • 1992 - හොඳම නිෂ්පාදක - සරසවිය - කෙළිමඬල
  • 1994 - හොඳම නිළිය - සරසවිය - සුරබිදෙන
  • 1994 - හොඳම නිළිය - ජනාධිපති - ගුරුගෙදර
  • 1994 - හොඳම නිළිය - ස්වර්ණ සංඛ - සුරබිදෙන
  • 2005 - ෆ්‍රින්ගි ප්‍රථම සම්මානය - එංගලන්ත එඩින්බරෝ නාට්‍ය උළෙල - චිල්රන් ඔෆ් ද සී නිෂ්පාදක ( සුනාමි ව්‍යසනයට ගොදුරු වූ දරුවන්)
  • 2005 - ස්ප්‍රිට් ඔෆ් ද ෆ්‍රින්ග් ප්‍රථම සම්මානය - එඩින්බරෝ නාට්‍ය උළෙල
  • 2005 - ටැප් වෝටර් සම්මානය - එඩින්බරෝ නාට්‍ය උළෙල
  • 2006 - හොඳම නිළිය - රාජ්‍ය නාට්‍ය උළෙල - දිරිය මව සහ ඇගේ දරුවෝ

අන්තර් ජාතික සම්මාන සංස්කරණය

  • 1994 - නවදිල්ලි නෙට්පැක් සංවිධානය මගින් පවත්වන ලදී
  • 1994 - කේරළ අන්තර් ජාතික සිනමා උළෙල
  • 1994 - කල්කටා අන්තර් ජාතික සිනමා උළෙල
  • 1995 - මියුනිච් අන්තර් ජාතික සිනමා උළෙල

ආශ්‍රිත සංස්කරණය

  1. "අනෝජා'ස් රෝල් ඈස් මදර් කරේජ්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකා). 18 මාර්තු 2006. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  2. "හීලිං වූන්ඩඩ් මයින්ඩ්ස්". සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකා). 19 මාර්තු 2006. 2011-06-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-05. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. "ඩ්‍රාමා ගෘප් ඒඩ්ස් සුනාමි වික්ටිම්ස්". බීබීසී නිව්ස්. 11 අගෝස්තු 2005.
  4. සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2015/06/14/feature08.html, ප්‍රතිෂ්ඨාපනය 2016-08-18 
  5. "ලංකන් ෆිල්ම් ස්ටාර්ස් ෂයි එවෙයි ෆ්‍රොම් පෝල් කැම්පේන්". හින්දුස්තාන් ටයිම්ස්. 4 නොවැම්බර් 2006. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අනෝජා_වීරසිංහ&oldid=657022" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි