"මිහින්තලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[Image:p100.jpg|thumb|right|300px|මිහින්තලය]]
'''මිහින්තලය''' හා “මිස්සක පබත ” අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ආසනයේ පිහිටා ඇත. අනුරාධපුර - ත්‍රිකුණාමලය මාර්ගයේ අනුරාධපුර සිට සැතපුම් 8ක් නැගෙනහිරට වන්නට පිහිටා ඇත. මිස්සක පබ්බක අඩි 1000 උසින් යුතු කන්දකි. සේතියගිරිය එසේත් නැතහොත් සෑගිරි ලෙසද හඳුන්වන එය වඩාත් ප්‍රචලිත වන්නේ මිහින්තලය ලෙසටයි. එය ශ්‍රි ලංකාවේ, බුද්ධාගමේ තොටිල්ලයි.ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පොහෝ දින දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස හමු වී බුදු දහම ස්ථාපිත කලේ මිහින්තලයේදීය.
මෙම ‍‍‍‍‍ෛඑතිහාසික හමුවීම සිදුවූ ස්ථානය ශ්‍රි ලාංකික බෞද්ධයෝ ගෞරව බුහුමානයෙන් වැඳුම් පිඳුම් කරති. ඒ නිසාම පොසොන් මාසයේ මිහින්තලයට වන්දනා ගමන් යාමට පුරුදුව සිටිති. පුරාණයේ සිටම මිහින්තලය නැඟීමට පියගැට විශාල සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත. එම ඉදි කිරීම් දේවානම්පියතිස්ස රජතුමා විසින් ආරම්භ කර ඇති අතර විහාර ගෙයක් ද, භික්ෂුන් වහන්සේලාට වැඩ විසීම සඳහා ගුහා 68 ක් ද කරවා ඇත. ඉන් අනතුරුව මිහින්තලය ආශිතව විහාරාරාම කීපයක් ඉදි වී ඇති අතර එවා එම යුගයට ආවේණික ලක්‍ෂණ දරණු දැකිය හැකිය.
 
"https://si.wikipedia.org/wiki/මිහින්තලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි