"සුද්ධෝදන රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
13 පේළිය:
පුරාවෘත්තයන්ට අනුව සිද්ධාර්ථගේ නික්ම යාමෙන් සුද්ධෝදන බොහෝ කම්පාවට පත් වී ඔහු සිටින තැනක් සෙවීමට උත්සාහ ගත්තේය. අවුරුදු ගණනාවකට පසු සිද්ධාර්ථ බුදු පදවිය ලබා ගත් බව සුද්ධෝදනට අසන්නට ලැබුනේය. ඔහු දහදාහක පරිවාර පිරිසක් සමග පණිවුඩකරුවෙකු බුදුන් වහන්සේ මුණ ගැසීමට යවා උපන් බිමට නොහොත් ශාක්‍ය දේශයට වඩින ලෙස ඉල්ලා සිටියේය. බුදුන් වහන්සේ එම පිරිසට ධර්ම දේශනා කළ අතර ඔවුන් සියලු දෙනාම සඟ සසුනට ඇතුළත් වූහ. කිසිවෙක් ආපසු නොපැමිණියේය. අනතුරුව සුද්ධෝදන කළේ සිද්ධාර්ථයන්ගේ කුලුපග මිතුරෙකු වූ කාලුදායි බුදුන් වහන්සේ වෙත යවා ශාක්‍ය දේශයට වඩින ලෙස ඉල්ලීමක් කිරීමයි. කාලුදායිද භික්ෂුවක් විය යුතු යයි කල්පනා කළේය. එහෙත් ඔහු රජුට වූ පොරොන්දුව කඩ නොකළේය. ඔහු බුදුන්ට තමන් පැමිණි කාරණය පවසා සිටියේය. බුදුන් වහන්සේ පියාගේ ඉල්ලීම පිළිගෙන තමන් උපන් ප්‍රදේශය කරා වැඩියේය. මෙම ගමනේදී උන්වහන්සේ සුද්ධෝදන රජුට දහම් දේශනා කළේය.
 
සුද්ධෝදන මරණාසන්නව සිටින බව ඇසූ බුදුන් වහන්සේ නැවතත් තමන් උපන් දේශයට වැඩම කළේය. උන් වහන්සේ මරණාසන්නව සිටි පියාට ධර්ම දේශනා කළ අතර සුද්ධෝදන අරහත් ඵලයට පැමිණියේය.
 
 
 
== References ==
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/සුද්ධෝදන_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි