"ලේසර්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
1960 මැයි මාසයේ දී තියඩෝ මේමන් (Theodore Maiman) විසින් “හියුජ්” පරීක්ෂණ විද්‍යාගාරයේ දී පළමු ක්‍රියාකාරී ලේසරය ආදර්ශනය කරන ලදී. වර්තමානයේ ලේසර් නිර්මාණය භාවිතය ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක් බවට පත් වී තිබේ. වඩාත් ප්‍රචලිත ලේසර් භාවිතයන් වනුයේ සංයුක්ත තැටි හා DVD ධාවක වැනි ප්‍රකාශ සංචායක උපකරණ ආශ්‍රිත ‍වේ. මෙහි දී ලේසරය (විශාලත්වයෙන් මිලි මීටර් කීපයක් වූ) තැටියේ මතුපිට පෘෂ්ටය පරිලෝකනය කිරීමට භාවිතා වේ. ලේසර්වල අනෙකුත් පොදු භාවිතයන් අතර බාර්කෝඩ් කියවන ලේසර් මුද්‍රණ යන්ත්‍ර හා ලේසර් සූචක ආදිය අයත් වේ.
කාර්මිකව වානේ හා වෙනත් ලෝහ කැපීම සඳහාත් විවිධ රටා මුද්‍රණය (පරිගණක යතුරු පුවරුවක අකුරු මුද්‍රණය වැනි) සඳහන් ලේසර් කිරණ භාවිතා වේ. වර්ණාවලීක්ෂණය ආදී විවිධ විද්‍යාත්මක ක්ෂේත්‍රවල දී ලේසර් කිරණ භාවිතා වන අතර ලේසර් කිරණ නිශ්චිත තරංග ආයාම සහිත වීම‍ හෝ ස්පන්ද ලේසර් කිරණවල කුඩා ස්පන්ද කාලය සාමාන්‍යයෙන් මෙසේ යොදා ගැනීමට හේතු වේ. තවද යුදමය කටයුතුවලදි පරාස සූචක ඉලක්ක හඳුනාගැනීමේ උපකරණ සඳහා හා අවි ආයුධ ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රදීපනයට ලේසර් භාවිතා කරයි. තව ද වෛද්‍ය විද්‍යාවේ දී අභ්‍යන්තර ශල්‍යකර්ම හා අංගරාග යෙදුම් (cosmetic applications) සඳහා ලේසර් යොදා ගැනේ.
 
http://en.wikipedia.org/wiki/Laser

සංස්කරණ

5,824

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/94865" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි