"අඟහරු මත ජීවය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
merging fragments |
No edit summary |
||
1 පේළිය:
[[ගොනුව:History of water on Mars.jpeg|thumb|අඟහරු මත අතීතයේ පැවතියා යැයි උපකල්පිත ජලය සිත්තරුන්ගේ ඇසින්.]]
1990 අගභාගයේ දී Mars Globle Surveyor මඟින් සිදු කළ සොයා බැලීම් විසින්. (පෘථිවියේ මෙන් නොව) , අඟහරු මත තව දුරටත් තහවුරු කළ හැකි ගෝලීය චුම්භක ක්ෂේත්‍රයක් නොමැති බවත්, එමනිසා ජීවීන්ට අහිතකර කොස්මික් කිරණ පෘෂ්ඨය මතට පතිතවන බවත් තහවුරු කළේය. තවද පසුගිය අවුරුදු බිලියන කිහිපය තුළදී අඟහරුගේ ක්ෂය වී ඇති ගෝලීය චුම්භක ක්ෂේත්‍රය හේතුවෙන්, සූර්ය සුළං විසින් අඟහරුගේ වායුගෝලය විනාශ කර ඇති බවට විද්‍යාඥයෝ සැක කරති.
=== උල්කාෂ්ම ===
මෑත කාලයේ “ALH84001 අඟහරු උල්කාෂ්මය (Mateorite) පිළිබඳ සිදු කෙරුණු අධ්‍යයන මඟින් විවිධ අනුමානයන් විශාල ප්‍රමාණයක් කර ඇති අතර එය මත ෆොසීලකරණය වූ ක්ෂුද්‍ර ජීවීන් ඇති බවට තහවුරු කොට ඇත. වෙනත් විද්‍යාඥයින් පසුව රසායනික ක්‍රියාදාම මත පමණක් පදනම්ව මෙම සොයාගැනීම් පැහැදිලි කිරීමට නැඹුරු විය. මේ දෙකම විද්‍යාත්මක ප්‍රජාව තුළ විශාල විවාදයන්ට බඳුන් වෙමින් පවතී. “නක්ලා” උල්කාෂ්මය වැනි අඟහරුගේ වෙනත් උල්කාෂ්මවල ජීවය පවා පැවතිය හැකි බවට අදහස් ඉදිරිපත් වී තිබුණ ද 2008 වන තෙක්ම ඒ පිළිබඳ සාක්ෂි හමු වී නැත.
=== Extremophile ===
අඟහරු මත extremophile පැවතීමට තවත් සාක්ෂි හමුවන්නේ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙනි. අඟහරුගේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල අඳුරු වැටි වාර්ෂික ඇතිවීම් හා නැතිවීම්වලට ජීව විද්‍යාත්මක සාධකයක් ඇති බවට යෝජනා වී ඇත.
Haloarchaea අඟහරු මත පැවතිය හැකි තවත් ආකාරයක ජීවයක් බවට යෝජනා වී ඇත. මන්ද අඟහරුගේ වායු පීඩනය ජලයේ ත්‍රික ලක්ෂ්‍යයට වඩා අඩු නිසා මිරිදිය ජීවීන්ට පැවතිය නොහැක.
=== අඟහරු මත ද්‍රව ජලය ===
වයිකින්ග් ගෙන් පසුව කිසිඳු යානයක් අඟහරුගේ ප්‍රාචරණ පාෂාණ ජීවීය ලකුණු පිළිබඳව කෙලින්ම පරීක්ෂණයකට ලක්කර නැත. නාසාහි මෑත ක්‍රියාන්විත තවත් ප්‍රශ්නයක් පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒ අතීතයේ අඟහරු මත ජලාශ හෝ සමුදුරු අතීතයේ තිබුණේ ද යන්නයි. ජලය නිසා ඇති වන ඛනිජයක් වන හිමටයිට් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. මෙය විවිධාකාර භූ විද්‍යාත්මක හැඩ ගැසීම්වල ප්‍රතිඵලයක් බව බොහෝ විද්‍යාඥයින් කලක් තිස්සේ සිටිය ද තවත් අදහස් ද ඉදිරිපත් වී ඇත. උදාහරණ ලෙස සුළං ඛාදනය, ඔක්සිජන් සමුදුරු දැක්විය හැක. මෙලෙස 2004 අඟහරු ගවේෂණ රෝවර්වල කාර්යය වූයේ වර්තමාන හෝ අතීත ජීවය පිළිබඳ සොයා බැලීම නොව අතීතයේ දී තිබූ ද්‍රව ජලය පිළිබඳ සාක්ෂි සොයා බැලීමය.
2000 ජුනි මාසයේ දී අඟහරු පෘෂ්ඨයට යට ජලය ගලායන විට ඇතිවන පීලි ආකාර පවතින බවට සාක්ෂි හමුවිය. ග්‍රහලොවේ ද්‍රව මාධ්‍යය ආසන්නයේ ගැඹුරු උප පෘෂ්ඨ ජල තැන්පතු වර්තමාන ජීවීන්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට ඉඩ ඇත. කෙසේ වුවද 2006 මාර්තුවලදී තාරකා විද්‍යාඥයන් විසින් චන්ද්‍රයා මත ද මෙයට සමාන පීලි ඇති බව සොයා ගන්නා ලද අතර මේවායේ ද්‍රව ජලය කිසිදා නොපැවතුණු බව විශ්වාස කෙරේ. මෙම පීලි ක්ෂුද්‍ර උල්කාෂ්ම ගැටීම්වල ප්‍රතිඵලයක් බව දැන් විද්‍යාඥයින් යෝජනා කරයි.
අතීතයේ අඟහරු තෙත් ග්‍රහලොවක්ව පැවති බව රෝවර් යානය සාක්ෂි සොයාගත් බව 2004 දී නාසා ආයතනය නිවේදනය කළේය. මෙමඟින් අතීත ජීවය පිළිබඳ තොරතුරු සොයාගත හැකැයි බලාපොරොත්තු ඉහළ නැංවුණි.
2006 දෙසැම්බර් මාසයේ දී අඟහරු මතුපිට වරින්වර ජලය ගැලූ බවට සැක කළ හැකි ඡායාරූප “Mars Global Surveyor” මඟින් සොයා ගත්තේය. මේවා ඇත්ත වශනේම ජලය ගලා යනු පෙන්නුම් කළේ නැත. මේවා පෙන්ණුම් කළේ ආවාට හා රොන් මඩ නැත්පතු වූ අතර එමඟින් ජලය අවුරුදු කිහිපයකට පෙර ඒවා මතින් ගලාගිය බවය, සමහර විට දැන් පවා ගලා යන බව දැනට හමු වූ ප්‍රබලතම සාක්ෂි පෙන්වයි. අභ්‍යවකාශ යානා මඟින් දක්නට ලැබෙන මතුපිට ලක්ෂණ වෙන්සවීම් වලට හේතුව ද්‍රව ජලය බව වන මතය පිළිබඳ සමහර විද්‍යාඥයින් සැක පහළ කරති. වැලි හා දූවිලි වැනි ද්‍රව්‍ය පවා ගැලීම් නිසා මෙයට සමාන ප්‍රතිඵල ඇති විය හැකි බව ඔවුන් පවසති. මෙම සොයා ගැනීම් “journal science” හි 2006 දෙසැම්බර් 8 දී ප්‍රකාශනය කළේය.
=== අඟහරු මත මෙතේන් ===
මෙතේන් වායුවට අඟහරු වායුගෝලයේ අවුරුදු සිය ගණනකට වඩා පැවතිය නොහැකි නිසා එහි වර්තමාන පැවැත්මෙන් පෙනී යන්නේ එය හඳුනා නොගත් ගිනි කඳු හෝ භූ විද්‍යාත්මක ක්‍රියාවලියක් හේතුවෙන් නැවත පිරී යන බව හෝ පෘථිවියේ දක්නට ලැබෙන ආකාරයේ extremophile ජීවයක් විසින් කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් පරිවෘත්තීය ක්‍රියාවලියකට භාජනය කරමින් මෙතේන් නිෂ්පාදනය කරන බවය.
1969 දී මැරිනර් 7හි දත්ත පරිශීලනය කරමින් බර්ත්ලී හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දෙපලක් වන ආචාර්ය ජෝර්ජ් සී. පිමෙන්ටල් හා ආචාර්ය කෙනත් හර් අඟහරු වායුගෝලයේ මෙතේන් හා ඇමෝනියා හි පැවැත්ම ප්‍රකාශයට පත් කළේය. එහෙත් මිදුනු කාබන් ඩයොක්සයිඩ් මඟින් ලැබිය හැකි මෙයට සමානව වර්ණාවලි රේඛා නිසා වැරදි අර්ථ කථනයක් සිදුව තිබීමට තිබූ හැකියාව නිසා මෙම වර්තාව මසකට පමණ පසුව ඉල්ලා අස් කරගන්නා ලදී.
[[ගොනුව:Mars water.JPG|thumb]]
2004 මාර්තු මාසයේ දී මාර්ස් එක්‍ස්ප්‍රෙස් නම් කක්ෂගතESA යානාව,අඟහරු වායුගොලයේ මෙතේන් අනාවරණය කරගත් බවට අනාවරණය කළේය. මෙය 2003 දී එක්සත් රාජධානියේ හවායි හි අධෝරක්ත දුරේක්ෂය හා චිලීහි “ජෙමිනි සවුත්” පරීක්ෂණාගාරය මඟින් කළ පරීක්ෂණ මඟින් අනුමාණ කර තිබිණි.
ද්‍රව ජලය හා ඔලිවයින් ඛනිජය අන්තර් ක්‍රියා කොට සර්පන්‍ටයින්කරණය නම් විශේෂ ක්‍රියාවලියක් යටතේ සර්පන්ටයින් නිෂ්පාදනය වීමේ ක්‍රියාවලියක් අඟහරුගේ උපපෘෂ්ඨ තුළ සිදුවන බවත් එම නිසා නිරීක්ෂණ පැහැදිලි කිරීමට තරම් මෙතේන් නිපදවෙන බවත් සමහරුන්ගේ මතයයි.
අඟහරු පෙබරවාරිහි දී European Space Agency’s Mars Express Orbiter හි Planetary Fourier Spectrometer (PFS) මඟින් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වූවාට වඩා සැලකිය යුතු ප්‍රමාණයක ෆෝමැල්ඩිහයිඩ් ප්‍රමාණයක් අනාවරණය කරගත් අතර මෙය ක්ෂුද්‍ර ජීවයක් පැවතීමට වැනි වෙනත් පැහැදිලි කිරීම්වලට ප්‍රබල ඉඟියක් විය.
මෙම ප්‍රකාශ විද්‍යාත්මක ප්‍රජාව තුළ බරපතල ලෙස විවාදයට බඳුන් වෙමින් පවතී. මෙම මිණුම් ගැන සැක පහල කරන විද්‍යාඥයින් පවසා සිටින්නේ PFS මඟින් ලැබුණු දත්ත වැරදි අර්ථ කථනයකට භාජනය වී ඇති බවයි.
=== අඟහරු මත ඇමෝනියා ===
අඟහරු වායුගෝලයේ දී ඇමෝනියා අස්ථායී අතර පවතින්නේ පැය කිහිපයක් පමණි. “ජීවයේ සබඳතාවයක් නොමැතිව අඟහරු වායුගෝලයේ ඇමෝනියා පැවතිය හැකි ක්‍රමයක් නැත”යි වරක් නාසා විද්‍යාඥයෙක් ප්‍රකාශ කළේය. මෙම නිසා අඟහරු මත ජීවයක් පවතී ද යන විවාදයට ඇමෝනියා අනාවරණය ඉතා වැදගත් වනු ඇත.
1969 දී මැරිනර් 7හි දත්ත පරිශීලනය කරමින් බර්ත්ලී හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දෙපලක් වන ආචාර්ය ජෝර්ජ් සී. පිමෙන්ටල් හා ආචාර්ය කෙනත්හර් අඟහරු වායුගෝලයේ මෙතේන් හා ඇමෝනියා හි පැවැත්ම ප්‍රකාශයට පත් කළේය. එහෙත් මිදුනු කාබන් ඩයොක්සයිඩ් මඟින් ලැබිය හැකි මෙයට සමානව වර්ණාවලි රේඛා නිසා වැරදි අර්ථ කථනයක් සිදුව තිබීමට තිබූ හැකියාව නිසා මෙම වර්තාව මසකට පමණ පසුව ඉල්ලා අස් කරගන්නා ලදී.
2004 ජුලි මාසයේ දී Planetory Fourier Spectrometer (PFS) හි භාරකරු විද්‍යාඥ විටෝරියෝ ෆෝමිසානෝ ,ළඟඳීම පැවැත්වීමට යන සම්මන්ත්‍රණයක දී ඇමෝනියා අනාවරණය පිළිබඳව ප්‍රකාශ කිරීමට යන බවට කට කතා පැතිර යන්නට විය. නමුත් එබන්දක් සොයාගෙන නැති බවට පසුව පැහැදිලි විය. තවද කාබන්ඩයොක්සයිඩ් වලින් ඇමෝනියා වෙන් කර ගැනීමට PFS ට නොහැකි බව ද පසුව සමහරු ප්‍රකාශ කළහ.
=== අඟහරු මත සිලිකා ===
2007 මැයි මාසයේ දී ස්පිරිට් අඟහරු රෝවරයට ජීවයට ඉතා සුදුසු වූ අතීත පරිසරයක් ගැන සාක්ෂි හමු වූ බව විද්‍යාඥයන් පවසති. මෙය උණු ජල බුබුළු හෝ වාෂ්ප ගිනි කඳු පාෂාණ හා ගැටෙන විට ඇති වන සංසිද්ධිය සිහි කරවන සුළුය. පෘථිවිය මත දී මෙවැනි ස්ථාන බැක්ටීරියා බහුලව පවතින බව රෝවර් ප්‍රධාන විද්‍යාඥ ස්ටීව් ස්ක්වයර්ස් පවසයි. “අපි මේ පිළිබඳව උද්‍යෝගිමත්ව සිටිනවා” ඔහු ඇමරිකානු භූ භෞතික එකමුතුවේ (AGU) රැස්වීමක ප්‍රකාශ කලේය. මෙම ප්‍රදේශය වීදුරු තැනීම සඳහා ගන්නා ප්‍රධාන සංඝටකය වන සිලිකාවලින් ඉතා පොහොසත්ය. මෙම දීප්තිමත් මූලද්‍රව්‍ය නිෂ්පාදනය වීමට ක්‍රම 2ක් ඇති බවට විද්‍යාඥයන් නිශ්චය කර ඇත. පළමුවැන්න, ජලය මඟින් සිලිකා දිය කොට එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාමෙන් උණු බුබුළු තැන්පත් වීම (උණු දිය උල්පත්) දෙවැන්න, පාෂාණවල ඇති ගැලීම්වලින් ඉහල නඟින ආම්ලික වායූන්ගෙන් ඒවා සංඝටක මූලද්‍රව්‍යවලට වෙන් කරමින් සිලිකා වෙන් කිරීම. වැදගත් දෙය වන්නේ මෙය උපකල්පනයක් වුවද නැත ද, අතීතයේ අඟහරු මත ජීවයට සුදුසු පරිසරයක් පැවතුණු බවට ගම්‍ය වීම එසේම පවැතීම”යි. BBC ප්‍රවෘත්ති සේවයට මහාචාර්ය ස්ක්වයර්ස් ප්‍රකාශ කළේය. උණු ජලය මඟින් ක්ෂුද්‍ර ජීවීන්ට පැවතිය හැකි පරිසරයක් නිර්මාණය කෙරෙන අතර සිලිකා තැන්පතු මඟින් ඒවා භූමිගතව ආරක්ෂාව වේ. “ඔබ පෘථිවිය මත උණු වායු බුබුළු හෝ වාමුවකට ගොස් බලන්න. ඒවා ජීවයෙන් පිරී ඇත. ක්ෂුද්‍ර ජීවයෙන්” ස්ක්වයර්ස් පවසයි.
|