"සංගීත ප‍්‍රසංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
ප‍්‍රසංගයක් යනු පේ‍්‍රක්ෂකයන් පිරිසක් ඉදිරියේ පැවැත්වෙන බොහෝ විට සංගීතමය සජීවී ඉදිරිපත් කිරීමකි. සංගීතය තනි පුද්ගලයෙක් විසින් හෝ වාද්‍ය වෘන්දයක් හෝ සංගීත කණ්ඩායමක් මගින් හෝ ඉදිරිපත් වේ. අවන්හල් , රාත‍්‍රී සමාජ ශාලා , නිවාස , ගවමඩු , විශේෂිත ප‍්‍රසංග ශාලා , බහු කාර්ය ගොඩනැගිලි හා ඇතැම් විට ක‍්‍රීඩාංගන පවා වැනි විවිධ ස්ථාන වල විවිධ ස්වරූපයන්ගෙන් ප‍්‍රසංග පැවැත්වේ. විශාල භූමියක පැවැත්වෙන ප‍්‍රසංග ඇරීනා කොන්සර්ට් ලෙස හඳුන්වනු ලබයි. සාමාන්‍යයෙන් ඉදිරපත් කරන පිරිස වේදිකාවක් මත හිඳ තම ඉදිරිපත් කිරීම සිදු කරයි. තැටිගත සංගීතය පෙරට ඒමට පෙර සංගීත වාදන ඇසීම සඳහා පැවති එකම ක‍්‍රමය වූයේ සංගීත ප‍්‍රසංග වේ.
 
ප‍්‍රසංගයක ප‍්‍රධාන වැදගත්කම වනුයේ සංගීතඥයන් හට පේ‍්‍රක්ෂක පිරිසක් ඉදිරියේ සිය ඉදිරිපත්කිරීමට ඉඩ සැළසීමයි. එය සංගීතඥයන් ට මහජනතාව හමුවේ නිර්මාණ එලි දැක්වීමට ඉඩ සළසයි. එයට පැමිණෙන රසිකයෙක් ප‍්‍රසංගය වටින්නේ නම් නැවත එම ඉදිරිපත් කිරීම සඳහා යයි. කලාකරුවෝ බොහෝ විට තම තැටි සඳහා ප‍්‍රචාරණය ලබා දීමට සංචාර කරන අතර එමගින් නව සංගීත සංයෝජන තම රසිකයනට හඳුන්වා දෙයි. ඇතැම් සංගීතඥයෝ හා කණ්ඩායම් නිරන්තරයෙන් සංචාර පවත්වන අතර ඇතැමුන් එසේ කරන්නේ කලාතුරකිනි.
 
 
== References ==
 
http://en.wikipedia.org/wiki/Concert
 
 
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/සංගීත_ප‍්‍රසංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි