"ක්‍ෂුද්‍රජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[ගොනුව:Agar plate with colonies.jpg|thumb|ක්ෂුද්‍ර ජීවීන් වැඩුණු රේඛ…' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
6 පේළිය:
ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ දැනට බොහෝ අධ්‍යයන කර දැනුවත්ව සිටින නමුත් නිතර නිතර එම දැනුම තවදුරටත් දියුණු වීම සිදුවේ. එසේ වුවත් පෘථිවියේ ඇති ක්ෂුද්‍ර ජීවීන්ගෙන් මෙතෙක් අප අධ්‍යයනය kර ඇත්තේ 1% පමණ විය හැක. ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳව සොයාගෙන ක්ෂුද්‍ර ජීවීන් ගැන අධ්‍යයනය අරඹා වසර 300 ටත් වඩා ගතට ඇති නමුත් සත්ව විද්‍යාව, උද්භිත විද්‍යාව සහ කිට විද්‍යාව වැනි වෙනත් ජෛව විද්‍යා ක්ෂේත්‍ර සමඟ සැසඳීමේ දී ක්ෂුද්‍ර ජීව විද්‍යාව තවමත් ප්‍රාථමික අවධියක පවතී.
 
==උප විෂයන්==
 
*ක්ෂුද්‍රජීවීය කායික විද්‍යාව - ක්ෂුද්‍රජීවී සෛල ක්‍රියාකාරිත්වය (ජීව රසායනිකව) ගැන අධ්‍යයනය. ක්ෂුද්‍රජීවී වර්ධනය, ක්ෂුද්‍රජීවීය පරිවෘත්තීය සහ ක්ෂුද්‍රජීවී සෛල ව්‍යුහය.
== References ==
http://en.wikipedia.org/wiki/Microbiology
 
*ක්ෂුද්‍රජීවීය ජාන විද්‍යාව - ක්ෂුද්‍රජීවියා තුළ ජාන සංවිධානය, නියාමනය සහ සෛල තුළ ක්‍රියාකාරිත්වයට එවායේ\ ඇති සම්බන්ධතාවය අධ්‍යයනය. අණුක ජීව විද්‍යාවට සමීප සම්බන්ධතාවයක් ඇත.
 
*වෛද්‍ය ක්ෂුද්‍රජීව විද්‍යාව - මිනිසාගේ රෝග කාරක ක්ෂුද්‍රජීවීන්ගේ භූමිකාව ගැන අධ්‍යයනය කිරීම. ක්ෂුද්‍රජීවීය ව්‍යාධ ජනකත්වය සහ වසංගත ඇති කිරීම ගැන හැදෑරීම මීට ඇතුළත් වේ. රෝග ව්‍යාධි විද්‍යාව සහ ප්‍රතිශක්ති විද්‍යාවට සම්බන්ධතාවයක් දක්වයි.
 
*පශු ක්ෂුද්‍රජීව විද්‍යාව - පශු වෛද්‍ය විද්‍යාව සහ සත්ව වර්ගීකරණy සම්බන්ධයෙන් ක්ෂුද්‍ර ජීවීන්ගේ භූමිකාව අධ්‍යයනය.
 
*පරිසර ක්ෂුද්‍රජීව විද්‍යාව - ස්වාභාවික පරිසරයේ දී ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වය සහ විවිධත්වය ගැන අධ්‍යයනය කිරීම ක්ෂුද්‍රජීවී පරිසර විද්‍යාව, භූ ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ක්ෂුද්‍රජීවී ‍මාධ්‍යයක පෝෂක චක්‍රනය වීම, ක්ෂුද්‍රජීවී විවිධත්වය, ජීව හායනය ද ඊට ඇතුළත් වේ. ප්‍රකට ක්ෂුද්‍ර ජීවී වාසස්ථාන එනම් මූල ගෝලය, පත්‍ර ගෝලය , පස හා භූගත ජල පරිසර පද්ධති, සාගර සහ කටුක පරිසර පද්ධතින් වැනි ප්‍රදේශයන්හි පාරිසරික ලක්ෂණ අධ්‍යයනය ද ඊට ඇතුළත්ය.
 
*පරිණාමික ක්ෂුද්‍රජීව විද්‍යාව - ක්ෂුද්‍රජීවීන්ගේ පරිණාමය ගැන අධ්‍යයනය. මෙයට බැක්ටීරියා විවිධත්වය සහ වර්ගීකරණය හැදෑරීම ඇතුළත් වේ.
----
 
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
*කාර්මික ක්ෂුද්‍රජීව විද්‍යාව - කාර්මික ක්‍රියාවලියන්ගේ ද ක්ෂුද්‍රජීවීන්ගේ උපයෝජනය ගැන අධ්‍යයනය. උදාහරණ ලෙස කාර්මික පැසීමේ ක්‍රියාවලිය සහ අපජලය පිරිසිදු කිරීම දැක්විය හැක. ජීව තාක්ෂණ විද්‍යාව සමග සමීප සම්බන්ධතාවයන් පවත්වයි. මෙම ක්ෂේත්‍රය ක්ෂූද්‍රජීව විද්‍යාවේ වැදගත් යෙදුමක් වන මධ්‍යසාර නිෂ්පාදනයට ද සම්බන්ධ වේ.
 
*ස්වායු ක්ෂුද්‍රජීව විද්‍යාව - වායුගෝලයේ සැරිසරන (වාසර) ක්ෂුද්‍රජීවීන් පිළිබඳ අධ්‍යයනය.
 
*ආහාර ක්ෂුද්‍රජීව විද්‍යාව - ආහාර නරක් වීම සම්බන්ධ ක්ෂුද්‍රජීවීන් ගැන අධ්‍යයනය.
 
*ඖෂධ ක්ෂුද්‍රජීව විද්‍යාව - ඖෂධ විෂවීම සහ නරක්වීම සම්බන්ධ ජීවීන් ගැන අධ්‍යයනය.
 
*මුඛ ‍ක්ෂුද්‍රජීව විද්‍යාව - මුඛය සම්බන්ධ ක්ෂුද්‍රජීවීන් ගැන අධ්‍යයනය. දත් දිරායාම, දත් සම්බන්ධවන අස්ථිවල හා වීදුරුමස් රෝගවලට ක්ෂුද්‍රජීවීන් මීට අයත් වේ.
"https://si.wikipedia.org/wiki/ක්‍ෂුද්‍රජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි