"එක්සත් ජාතික පක්‍ෂය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: de, en, fr, ja, sv, ta
No edit summary
1 පේළිය:
එක්සත් ජාතික පක්ෂය
 
 
 
 
Line 28 ⟶ 25:
 
 
==ඉතිහාසය==
බහුතර සිංහල ප්‍රජාවෙන් සහ සුළුතර දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගෙන් බිහි වුණු දක්ෂිණාංශික කණ්ඩායම් තුනකගේ එකමුතුවෙන් 1946 සැප්තැම්බර් හයවන දින එ.ජා.ප ය ආරම්භ විය. එක්සත් රාජධානියෙන් නිදහස ලබා ගැනිමේ අරගලයෙහි පෙරමුණ ගෙන සිටි දොන් ස්ටීවන් සේනානායක එහි ආරම්භකයා විය. එ.ජා.ප ය නියෝජනය කළේ ව්‍යාපාරික සහ ඉඩම් හිමි ප්‍රජාවය. එහෙත් බිම් මට්ටමේ පක්ෂය පිළිගැන්වීම සදහා සේනානායක මහතා විසින් ඡනප්‍රියවාදි ප්‍රතිපත්ති ද යොදා ගැණුනි.
 
 
ඩොමීනියන් නිදහස ලබා ගැනීම, වාමාංශික පක්ෂ (ලංකා සමසමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය ) මගින් තර්ජනයට ලක්ව තිබූ සාම්ප්‍රදායික ජීවන රටාව සහ බහුතර ආගම වූ බුදුදහම ආරක්ෂා කිරීම යන පදනම මත එජාපය 1947 මැතිවරණයට තරග වැදුනි. එහෙත් එයට බහුතර බලයක් ලබා ගත නොහැකි වූ අතර සිංහල සහ ද්‍රවිඩ කොටස් සමග එක්ව සන්ධාන රජයක් ගොඩනැගුවේය. 1948 දී ශ්‍රී ලංකාව ඩොමීනියන් නිදහස ලැබූ අතර ප්‍රථම අගමැති වශයෙන් ඩී. එස්. සේනානායක පත්විය. ඔහු අනුගමනය කළේ බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියක් වූ අතර මෙය සෝවියට් සමූහාණ්ඩුවෙහි අප්‍රසාදයට ලක්විය. ත්‍රිවිධ හමුදාපතිවරු බ්‍රිතාන්‍යය ජාතිකයන් වූ අතර රටේ මිලිටරි හමුදා බලය බ්‍රිතාන්‍යය සතු විය.
 
 
1948 පුරවැසි පණත සහ 1949 පාර්ලමේන්තු මැතිවරණ සංශෝධන පණත මගින් ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහෝසි කිරීමට නව රජය උත්සාහ දැරුවේය. මේවායේ මූලික අරමුණ වූයේ වමේ පක්ෂ දුර්වල කිරීමය.
 
 
1952 දී අගමැති සේනානායක මහතා අසුපිටින් වැටි මියගිය අතර ඔහුගේ පුත් ඩඩ්ලි අගමැති ලෙස පත්විය. එජාපයේ ඡ්‍යෙෂ්ඨ නායකයෙකු වූ බෞද්ධ ජාතිවාදී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මෙයට විරෝධය දක්වා පක්ෂයෙන් ඉවත් විය. ඔහු ශ්‍රී .ල.නි.ප ඇරඹුවේ එ.ජා.ප ය සහ මාක්ස්වාදී පක්ෂ අතර තුලනයක් ඇති කරමිනි. සුළුතර ආගමික කණ්ඩායම්, විශේෂයෙන් කතෝලිකයන්ට වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා බහුතර බෞද්ධයන් අතරේ මේ වන විට එ.ජා.ප ය අප්‍රසාදයට ලක්ව තබිණි. මෙයින් ප්‍රයෝජන ගත් බණ්ඩාරනායක මහතා 1956 දී ශ්‍රී .ල.නි.ප ය ජයග්‍රහණය කරා මෙහෙය වූයේය. ඉන් පසුව ඔහු විවාදාත්මක ස්වභාෂා පනත සම්මත කල අතර එය 1958 දී ජාති වාදී ගැටුම් වලට මුල්විය.
 
 
 
1962 දී යුධ හමුදාවේ දක්ෂණාංශික බලවේග සහ ඩග්ලස් ලියනගේ වැනි සිවිල් නායකයින් සමග එක්ව රජය පෙරලිමට කුමන්ත්‍රණ කළැයි එ.ජා.ප ය ට චෝදනා එල්ල විය. 1965 දී ඩඩ්ලි සේනානායකගේ නායකත්වයෙන් එ.ජා.ප ය බලය පැමිණිය ද 1970 දී වේ දී ශ්‍රී.ල.නි.ප ය සහ මාක්ස්වාදී බලවේග එක්ව ගොඩ නැගුන ද සමගි පෙරමුණ අතිවිශාල ජයක් අත් විය.
 
 
ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්ති සහ විවෘත ආර්ථික ප්‍රතිපත්ති වලට කැමැත්තක් දැක්වූ ජේ. ආර්.ජයවර්ධන සහ ඩඩ්ලි සේනානායක අතර මේ වකවානුවේ දී නායකත්ව අරගලයක් දක්නට ලැබිණි. ඇමරිකානු ගැති ප්‍රතිපත්ති නිසා ජයවර්ධනව “යැංකි ඩිකී” ලෙසද හැදින්වින. 1973 ඩඩ්ලිගේ අභාවයෙන් පසු ජයවර්ධන එ.ජා.ප නායකයා වූ අතර පක්ෂය තුල බිම් මට්ටමේ ප්‍රතිසංස්කරන ඇති කෙරිනි.
 
 
සමගි පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති සම්භන්ධයෙන් පැවති පොදු අප්‍රසාදය සහ සමග පෙරමුණ විසින් 1971 ජවිපේ කැරැල්ල කෲර ලෙස මර්ධනය කිරීම නිසා එ.ජා.ප ය යලි 1977 බලයට පත්විය. ඔවුන්ට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක්ද හිමිවිය. ජයවර්ධන ආර්ථිකය විවෘත කල අතර රටේ දෘෂ්ඨිය සම්පූර්ණයෙන් වෙනස් කළේය. ජනාධිපත ධූරය බලතල රාශියක් සහිත විධායක ධූරයක් බවට පත් කල ව්‍යවස්ථාවක් හදුන්වා දුන් අතර ඔහු 1978 දී අගමැති ද ධූරයෙන් ඉවත්ව ජනාධිපති ධූරයට පත් වූවේය. උතුරු පළාතේ ද්‍රවිඩ කැරලිකරුවන් මර්ධනය සදහා 1979 දී විවාදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත හදුන්වා දුන්නේය.
 
 
ආර්ථික කරුණු සැලකිමේ දී පෙනි යන්නේ නිදහස් ආර්ථික ප්‍රතිපත්ති මගින් මුලන්ම විදුලි උපකරන සහ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳපොල සහ තේ කර්මාන්තයට දැඩි බලපෑම් සිදු කොට නිෂ්පාදන අංශයේ රැකියා 100000 පමණ අහිමි වූ බවය. විරැකියාව අවම කිරීම සදහා නිදහස් වෙළෙඳ කලාප ඇති කෙරුණ ද, විරැකියාව ප්‍රධාන වශයෙන්ම අවම කෙරුනේ ජනතාව සුළු රැකියා සදහා මැද පෙරදිග යැවීමෙන් ජල විදුලිය සහ කෘෂිකර්මාන්තය දියුනු කිරීමට රජය විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේය. එහෙත් උද්ධමනය ඉහල යෑම නිසා ජනතාව අප්‍රසාදයට පත්වී වැඩවර්ජන රැල්ලක් ඇති විය. 1980 දී ඇතිවූ මහා වැඩවර්ජනය පොලිසිය සහ අවිගත් එ.ජා.ප පාක්ෂිකයන් විසින් මර්ධනය කෙරුණි.1982 දී පාර්ලිමේන්තුවේ කාලය දික් කර ගැනිම සදහා ජනමත විචාරණයක් පැවතියේ ඡන්ද දූෂණ මධ්‍යයේය. මේ අතර බෙදුම්වාදී දෙමළ කැරළි කරුවන් උතුරු හා නැගෙනහිර පලාත්වල කැරැල්ලක් ගෙන ගියේ වෙනම ද්‍රවිඩ රාඡ්‍යයක් ඇති කර ගැනිමටය. රජ රට රයිෆල් බලකායේ සෙබලුන් 13 ක් දෙමල කැරළි කරුවන් විසින් මරාදැමීම නිසා රජය රටපුරා ද්‍රවිඩ ජාතිකයන්ට වදහන්සන පැමිණවීමට අනුබල දුන්නේය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නව සමසමාජ පක්ෂ සහ විශ්ව විද්‍යාල වලට දැඩි බලපෑමක් ඇති කල ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම සදහා රජය මෙම කෝලහාලය භාවිතාකළේය. ජයවර්ධනගේ ඇමරිකානු ගැති ප්‍රතිපත්ති වලට විරුද්ධ වූ ඉන්දියාව දෙමළ කැරළි කරුවන්ට පුහුණුව සහ ආයුධ ලබාදුන් බවට චෝදනාවක් විය. සමාජවාදී විප්ලවයක් උදෙසා ජවිපේ රජයට පහර දීමට උත්සාහ කලද එය අසාර්ථක විය. එම කැරැල්ල මර්ධනයට රජය මාරක භට පිරිසක් යොදා ගත් අතර සිවිල් වැසියන් 40000 ක් පමණ අතුරු දහන්වි ජවිපේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීම සදහා වධකාගාර බොහෝමයක් ද පිහිටවනු ලැබීය. බොහෝ තරුණයන් මරා දමනු ලැබූ අතර මෙම දැඩි මර්ධනයෙන් කැරළි කරුවන් දුර්වල කෙරිනි. ජවිපේ නායක රෝහන විජේවීර හමුදා අත්තඩංගුවට ගෙන මරා දමන ලදි. මේ අතර ජයවර්ධන, ඉන්දීය අගමැති රාජිව් ගාන්ධි සමග ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේය. පසු කලක රජිව් ගාන්ධි ඝාතනයට මෙය බලපෑවේය.
 
 
 
1988 ජයවර්ධන විශ්‍රාම යෑමත් සමග පහළ පන්තියේ මතුවූ ඉන්දිය - විරුධී, ජනප්‍රීය නායකයෙකු වූ රණ සංහ ප්‍රේමදාස බලයට පත් විය.ඔහු ඇරඔු දිලුදු කම තුරන්කරීමේ වි්‍යාපාර සහ නිවාස වියපෘති නිසා ඔහු බිම මට්ටමේ බොහෝ ප්‍රසිද්ධවිය. 1993 මැයි දින රැළිය අතර තුරදී ඔහුව බෙදුම්වාදී LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ඝාතනය කරන ලදි. එ.ජා.ප රජයට එරහිව පැවති දූෂන චෝදනා නිසා මේ වන විට ජනතාව වෙනසක් අපේක්ෂා කල අතර 1994 දී ශ්‍රී.ලා.නි.ප ය බලය ලබාගත්තේ 17 වසර එ.ජා.ප පාලනය අවසන් කරමිනි. විපක්ෂයේ සිටියදී ජනාධිපතිවරන ඇතුලු රැළියකදී එ.ජා.ප ජනාධිපතවරන අපේක්ෂක ගාමිනි දිසානායක ඇතුළු ඡ්‍යෙෂ්ඨ නායකයින් රැසක් LTTE ත්‍රස්තවාද ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය. මෙය ශ්‍රී.ල.නි.ප C කුමාරතුන්ගගේ ජය පහසුකලේය. එ.ජා.ප නායකත්වය හමිවූයේ බටහිරවාදි නව ලිබරල්වාදී තරුණ නායකයෙකු වූ ජයවර්ධනගේ බෑනා වූ රනිල් වික්ක්‍රමසිංහටය.
 
 
2001 දී ඉහල යන උද්ධමනය සහ ශක්ති අරබුදය හමුවේ රට මුහුණපා සිටියේ නිදහසේ සිටි මුහුණ පෑ දරුණුතම ආර්ථික අවපාතයටය. යටය දළ ජාතික නිෂ්පාදිතය සියට 2.5% අඩුවිය. ශ්‍රී.ල.නි.ප රජයට එරහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාව හමුවේ ජනාධිපති කුමාරතුංග විසින් ඉක්මන් මැතිවරණයක් කැදවන ලදි. කුමාරතුංගගේ හිටපු සමීපතමයන් වන මහාචාර්ය ජී. එල්. පිරිස් එස්. බී. දිසානායක වැනි අයගේ උදව් සහිතව මැතිවරණය ජය ලැබීමට වික්‍රමසිංහට හැකිවිය. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ පදනම වූයේ සාමය සහ ආර්ථිකය ගොඩනැගිමය. රටේ දිස්ත්‍රික්ක එකක් හැර අනෙක් සියල්ල එ.ජා.ප ය ජය ලැබුවේ දෙවන වරටත් වික්‍රමසිංහ අගමැති වූ අතර ඔහු ජනාධිපති කුමාරතුංග සමග සහජීවන රජයකට මුල පිරුවේය. මාස දෙකක් තුල වික්‍රමසිංහ LTTE යත් සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කලේය. ඉන්පසු ගිවිසුමක් ගැටළුවට පිළිතුරු සෙවීම සදහා සාම සාකච්ඡා ඇරඹින.
 
 
 
එ.ජා.ප රජය අනුගමනය කල දැඩි මූල්‍ය විනය සහ වෙළෙඳපොල හිතකර ප්‍රතිපත්ති නිසා ආර්ථිකය ගොඩණැගුණු අතර මහා පරිමාණ ආයෝජන සහ ආර්ථික වර්ධනය ඇතිවිය. ආයෝජන මණ්ඩලය කුඩා හා ග්‍රාමීය ව්‍යවාසාය අමාත්‍යය අංශය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතන වැනි ආර්ථිකමය වටිනා කමක් ඇති කළ ඉහලම අගය වූ 6% වාර්තාකෙරුණි.උද්ධමනය ද 2% වඩා අඩුවිය. දේශිය හා විදේශිය අපේක්ෂාව වූයේ මේ වේගය යටතේ ශ්‍රී ලංකාව 10% වැඩි ආර්ථික වර්ධනයක් නොදුරු කාලයේ දී ලබාගනු ඇති බවය.
 
 
LTTE යේ සටන් විරාම ගිවිසුම කඩ කරීමේ හමුදා බුද්ධි නිලධාරීන්ගේ ඝාතනය වැනි හේතු නිසා ජවිපේ දේශ හිතේෂී ජාතික ව්‍යාපාරය වැන ජාතිවාදී කොටස් උද්ඝෝෂණ ඇති කළේ මෙකලය. ඔවුන් ජනතාවට පැවසුවේ වික්‍රමසිංහ LTTE යට උපකාර කරන බවය. සිහළ උරුමය වැනි දැඩි සිංහල බෞද්ධ සංවිධානද මෙම හේතු මත රජය විවේචනය කළේය. ඔවුන්ගේ තවත් චෝදනාවක් වූයේ රජයේ බටහිර ඉවැන් ජලිත ක්‍රිස්තියානි සංවිධාන වලට සහය දී බෞද්ධ ආගමට තර්ජනයක් ඇතිකර තිබෙන බවය. සිහළ උරුමය පසු කළක ජාතික හෙළ උරුමය ලෙස වෙනස් කර මැතිවරණ සදහා බෞද්ධ භික්ෂූන් වහන්සේ ඉදිරිපත් කළේය.
 
 
2003 අවසාන භාගයේ ජනාධිපතිවරිය ජාතික ලොතැරයි මණ්ඩලය පවරාගත් අතර එ.ජා.ප ය එය වැලැක්වූයේ ගැසට් පත්‍රය මුදද්‍රණය කල නොහැකි වන පරිදි රාජ්‍ය මුද්‍රණාලය වටකරමිනි. මෙයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරිය විසින් ජන සන්නිවේදන ,ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ අංශ පවරාගත්තේ අගමැති වික්‍රමසිංහ වොෂින්ටන් හි ජෝප් w බුෂ් හමුවීමට ගොස් සිටියදීය. කුමාරතුංග සහ ඇගේ පාක්ෂිකයෝ වික්‍රමසිංහට එරෙහිව දැඩි මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන ගිය අතර ඔවුන් ඔහුව දේශ ද්‍රෝහියෙකු ලෙස හදුන්වා එජාප රජය ජාතික උරුමය විදේශකයන්ට අලෙවි කරන බවට චෝදනා කළහ.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/UNP
 
[[en:UNP]]
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
 
[[de:United National Party]]
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතික_පක්‍ෂය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි