"විශ්වවේදයේ විප්ලවය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'1609 වසරේ අවසාන භාගය වන විට ගැලීලියෝ තම දුරේක්ශ නි...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:18, 5 මැයි 2010 තෙක් සංශෝධනය

1609 වසරේ අවසාන භාගය වන විට ගැලීලියෝ තම දුරේක්ශ නිරීක්ෂණයන් ආරම්භ කරන ලදී.ඉන් අනතුරුව 1610 මාර්තු වන විට The Strray messenger නමින් එතෙක් දර්ශනවාදයේ පවා සාකච්ජාකොත නොතිබුණු සොයාගැනීම් ඇතුළත් පොත් පිංච්ල් පළ කිරීමට පියවර ගත්තේය.චන්ද්රයාගේ කදු,බ්රහස්පතිගේ චන්ද්රයන් සහ සූර්යය ලප පිළිබදව පරිච්ජේදයක්ද ඊට ඇතුළත් විය.

නමුත් මෙම කිසිදු සොයා ගැනීමකින් පෘථිවිය භ්රමණය වන බවට ඔප්පු කිරීමට හෝ ක්රිස්තියානි මතවාද සෘජුව අභියෝගය ලක් කිරීමට හැකියාවක් නොලැබුණි.ගැලීලියානු මතවාද දැරූවන්ට දේවධර්මවාදීන්ගේ සහ ඇරිස්ටෝටලියානු මතවාද දැරූ ස්වභාවික දර්ශනවාදීන්ගෙන් නොයෙක් කරදර වලට මුහුණ දීමට සිදු වුණි.ඇරිස්ටෝටලියානු ඉගැන්වීම් බොහෝ සෙයින්ම කතෝලික පල්ලියේ ඉගැන්වීම් වලට සමපාත විණි.රෝමානු කතෝලික සභාවට අයත් තාරකාඥයන් කතෝලික පල්ලියේ ඉගැන්වීම් මෙන්ම ස්වභාවික දර්ශනවාදය පිළිබදවද දැනුම ඇත්තෝ වූහ.

කෙසේ හෝ තවත් වර්ශයක් හෝ දෙකක් ඇතුළත නවීන දුරේක්ශයන් පරිහරිණයට පැමිණීමත් සමගම අලුතින් නිරීක්ෂණයන්ට මග පෑදිණි.1912 දී රෝමානු කතෝලික සභාවට අයත් වූවන් ගැලීලියෝගේ නිරීක්ෂණයන් නැවත කර තිබූ අතර ගැලීලියෝ රෝමයේ රෝමානු පාසලට පැමිණි අවස්ථාවේදී ඔහුට ගරුත්වයෙන් සලකන ලදී.මෙහිදී රෝමානු කතෝලික සභාවේ ශිෂ්යත්ව ධාරියෙකුව සිටි "ක්රිස්ටොපර් ග්රෙයින්බර්ග් " නැමැත්තා ගැලීලියෝගේ මතවාද මැදිහත් සිතින් අධ්යනය කල අයෙකු විය. එහිදී ඔහු රෝමානු කතෝලික සභාවේ ප්රධාන පිය තුමා වූ, ක්ලෝඩියෝ ගෙනහැර දක්වාතිබූ මතවාද බිද හෙලනලෙස ඉල්ලා සිටියේය.කෙසේ හෝ ගැලීලියෝගේ මත සියල්ල පිළිගැනුනේ නැත.ඔහුගේ සමයේ සිටි අග්රගන්ය තාරකා විද්යාඥයෙකුව සිටි ක්රිස්ටොපර් ක්ලෝඩියස් පවා කිසි දිනක සදේ කදු ඇති බවට කී ගැලීලියානු මත වාද ය පිලිගත්තේ නැත.

මේ අතර රෝමානු පාසලෙන් පිටත පවා ඉහත නිරීක්ෂණවල සත්යතාව පිළිබද මතවාද ඇති විණි.1610 දී ගැලීලියෝ විසින් කෙප්ලර්ට යැවූ ලිපියක තම මතයට විරුද්ධවන ඇතැම් දාර්ශනිකයන් ඒවා ඉවත දමන්නේ දුරේක්ෂයකින් කිසිදිනෙක නිරීක්ෂණයක් පවා නොකර බවට චෝදනා කරයි.

මේ අතර දිගින් දිගටම රෝමානු කතෝලික සභාව සමග ගැටුම් ඇති විණි.සූර්යය ලප පිළිබදව රෝමානු කතෝලික සභාවේ ප්රමුඛයකුව සිටි ***** නැමැත්තා සමග වාදයකට පැටලුණු අතර,එය ඔහුගේ ජීවිත කාලය පුරාවටම පැතිරී ගිය ආරවුලක් විණි.නමුත් ඔවුන් දෙදෙනාම නිවැරදි නොවීය. ඩේවිඩ් හැබ්රිකන් සහ ඔහුගේ පුත්රයා වූ ජොහැන්නස්ගේ පළමු නිරීක්ෂණයන් අපැහැදිලි තත්වයක පැවතුණා විය හැකිය.

තවද මේ කාලය වන විට වස්තූන් ජලයේ පාවීම හෝ ගිලී යාම පිළිබදව ආකිමිඩීස්ට එරෙහිව ඇරිස්ටෝටල් කල අරගලයට විරුද්ධවද ගැලීලියෝ තර්ක කලේය.මෙම වාදයන් මිත්රශීලෙ බවෙන් තොර විය.මෙම මොට සහ උපහාසාත්මක විවේචනයන් එකල විවාදයන් අනුව බලන විට අසාමාන්ය තත්වයක් නොවුනද,එය ඔහුට සතුරන් නිර්මාණය වීම සදහා හේතුවිය.මෙහිදී ගැලීලියෝගේ මිතුරන් කණ්ඩායමක් ඔහුට දක්වා සිටියේ, දර්ශනවාදී මහාචාර්යයවරුන් පිරිසක් ගැලීලියෝට එරෙහිව කතෝලික පල්ලියේ මරණීය චෝදනා ගොනු කරන බවයි.පසුව විස්තර වන කැසිනි දෙශ්නාවල ඒ බව විස්තර වේ.

References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=විශ්වවේදයේ_විප්ලවය&oldid=91647" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි