"සියම් මහ නිකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සියම් නිකාය හෙවත් සියාමෝපාලි නිකාය උපාලි නම් ස...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

13:32, 5 මැයි 2010 තෙක් සංශෝධනය

සියම් නිකාය හෙවත් සියාමෝපාලි නිකාය උපාලි නම් ස්වාමින් වහනසේ නමක් විසින් ආරම්භ කරනු ලදුව ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශ‍ය ආශ්‍රිතව පැතිර පවතී. එම නිකායට තායිලන්තයේ හටගත් නිසා මෙම නම ලැබී ඇත. (තායිලන්තය පෙර හැදින්වුයේ සියම් රාජ්‍යය නමිනි) සියම් නිකායේ මල්වකු හා අස්ගිරි යනුවෙන් ප්‍රධාන කොටස් දෙක වන අතර මෙම කොටස් දෙක තුළ කොටස් 5 ට බෙදී පවතී. මල්වතු හා අස්ගිරි පාර්ශව දෙක සදහා වෙන වෙනම මහ නායක වහමන්සේලා වැඩ සිටිති.

ඉතිහාසය

ගරැ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ (1698-1778) ආරාධනා පරිදි අපාලි නම් තායිලන්ත ස්වාමින් වහන්සේ කීර්ති ශ්‍රී රාජ්‍ය සමයේදී (1742-1782) මහනුවර 1753 වැඩම කර උපසම්පදා උත්සවය පවත්වන ලදී. (සාමනේර භික්ෂුවන් වහන්සේලා අධි ශීලයේ පිහිටුවීම) ර්‍ශ්‍ර ලංකාවේ බුදු සසුන වසර 500 තුළ තුන්වරක් නැතිවී ගිය අතර I වන විමලධර්ම සුරිය (1591 - 1604) හා II වන විමලධර්ම සුරිය (1687 - 1707) රාජ්‍ය කාලවලදි බුදු සසුන නැවත පිහිටුවන ලදී. නමුත් මෙය ඉතා කෙටිකාලීන විය.


ගෞරවණීය උපාලි ස්වාමීන්වහන්සේ

මහනුවර සංඝ සමාජය එවිට ජ්‍යොතිශ්ශාස්ත්‍රය වැනි බුදුදහමට නුසුදුසු ක්‍රම අනුගමකය කරමින් සිටි අතර උපාලි තෙරැවන් අභිප්‍රාය වුයේ සංඝ සමාජයේ වත්පිළිවෙත් සුපිරිසිදු කිරීමයි. මහනුවර දළදා පෙරහැරේ ආරම්භය සිදුවුයේද උපාලි තේරැන්ගේ මැදිහත්විමෙනි. වාර්ෂිකව බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව කේන්ද්‍රකරගත් මෙම පෙරහැර වර්ෂිකව පැවැත්වේ. මෙම පෙරහැර පළමුව ආරම්භ වුයේ බුදුදහම හා සම්බන්ධ හින්දු දෙවියන්ට ගෞරව දැක්වීමට වුවුද බෞද්ධ ජාතියකට මෙය නුසුදුසු යැයි සැලකු උපාලි තෙරණුවන්ගේ ආභාෂය හේතුවෙන් රජතුමා ' මින් පටන් දෙවියන් හා මනුෂයන් සියළු දෙනාම බුදුරජාණන්වන්සෙගේ සරණ යායුතුයි' යන ප්‍රකාශය නිකුත් කළේය.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=සියම්_මහ_නිකාය&oldid=91624" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි