"බුද්ධර්මයේ දැක්වෙන සමාව දීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'බුද්ධර්මයේ දැක්වෙන සමාව දීම බුද්ධධර්මමයට අනු...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

12:33, 5 මැයි 2010 තෙක් සංශෝධනය

බුද්ධර්මයේ දැක්වෙන සමාව දීම


බුද්ධධර්මමයට අනුව සමාවදීම පුද්ගලයෙකුගේ මානස තුළ ඇතිවන හිංසාකාරී සිතුවිලි නිසා හටගන්නා මානසික පීඩනය නැතිකර ගැනීමේ ක්‍රමයකි. වෛරය හා ව්‍යාපාදය සිතුවිලි අපේ මානසික ධර්මයට දීර්ඝ කාලීන බලපෑමක් ඇති කරමින් ඒ වෙනුවට බුදුදහමේ පුහුණු කරන්නේ යහපත් බලපෑම් ලගා කරවන සිතුවිලිය. කර්මය මෙනෙහි කළ විට අපට වැටහෙන්නේ පළිනීමට අවස්ථා සේවීම නොව මෛත්‍රී හා සමාව දීම වඩා වැදගත් බවයි. මක්නිසාදයත් පලිගන්නා තැනැත්තා සියල්ලන්ටම වඩා අවාසනාවන්ත තතත්ත්වයකට පත්වන බැවිනි. අමනාපකමක් හටගත් විට බුදුදහමට අනුව සිදුකළ යුත්තේ සන්සුන්ව එයට හේතුව සොයාගෙන එම අමනාපය අත්හැරීමයි. බුදුදහමේ හරය වන්නේ අවිද්‍යාව හා දුකින් මිදීමට භාවනාවෙන් යථාර්ථයේ ස්වභාවය අවබෝධය කර ගැනීමයි. බුදුදහම තණ්හාවේ නියම ස්වරෑපය මෙන්ම තණ්හාව හටගැනීමට හේතුවු වස්තූන්ගේ යථාර්ථයද අධ්‍යයනය කරයි. අපි සමවදීමට අකමැති නම් අපි අපගේ වේදනාව තවත් වැඩිදියුණු කරගන්නා අතර නැවත ඉපදීමේදී දුක ලෙස හටගන්නේ මෙමයයි.

වෛරය ඇතිවීම වළක්වා ගැනීම සදහා බුදු දහමේ මෛත්‍රිය, කරැණාව, මුදිතව හා උපේක්සාව යන කරැණු පිළිබද අවධානය කරයි. මෙමගින් අපතුළ හා අනුන්තුළ ඇති වීඩාව අවබෝධකර ගැනීමට හැකිවේ. 9/11 ප්‍රහාරයට ගැන අජානී ජයසරෝ නම් බෞද්ධ භික්ෂුව තම ශිෂ්‍යයන් අමතා මෙසේ පැවසිය " අපි අපගේ උපත, මහළු විය, රෝගී බව හා මරණය යන කරැණු වලදී ලෝක වාසී අනෙක සත්වයන් සමග ඇති බැදීම පිලිබද"ව ගැඹුරින් සිතන විට එමගින් අපට නව යථාවබෝධයක් ලැබේ"

"යමෙක් මට හිරිහැරකළා, පහරදුන්න, පරාජයකළා, සොකරකම් කළ යන සිතුවිලි රදවා තබා ගන්නා තැනැත්තාගේ වෛරය නොසන්සිදේ."

"යමෙක් මට හිරිහැරකළා, පහරදුන්න, පරාජයකළා, සොකරකම් කළ යන සිතුවිලි සිතෙන් අතහරින පුද්ගලයාගේ වෛරය සන්සිදේ."


- ධම්මපදය 1.3 -4 -

References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."