"කඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{වෙනත්භාවිතා}}
වෙනත් තේරුම් සඳහා [[කඩුව (වක්‍රෝත්තිහරණය)]] බලන්න
[[ගොනුව:Beowulf.firstpage.jpeg|250x250 px|වම]]
[[File:Espadon-Morges.jpg|200x200 px| දකුණ]]
කඩුව යනු දිගු තියුණු තලයක් සහිත ආයුධයකි. මෙහි දිග විවිධාකාර වන අතර ඒ අනුව භාවිතා කරන නම් ද විවිධ වෙති. මෙය විවිධ හැඩයන් ද ගෙන ඇති අතර ඒ අනුව භාවිතා කල නම් ද විවිධ වෙති. දිග හෝ හැඩය හෝ වෙනස් කඩු වර්ග අවශ්‍ය හා අනුකූල අවස්ථාවන්හී භාවිතා වේ. ඉතිහාසය පුරා විවිධ ද්‍රව්‍ය වලින් කඩු සාදා ඇත. [[මානව වර්ග |මානවයන්]] ලෝහ නිස්සාරණය ගවේෂණය කල පසුව විවිධ ලෝහයන් භාවිතා කොට කඩු නිපදවා ඇත. එනමුදු ඒකායන අභිමතාර්ථය වූයේ ප්‍රතිමල්ලවයා හා සටනෙහි යෙදෙන විට කඩුව මොට වීම හෝ දෙදරා වැටීම හෝ බිඳී යෑම හෝ වැලැක්වීම විය යුතුය. ශුද්ධ ලෝහයන්ගෙන් නොව ලෝහ හා/හෝ අලෝහ මිශ්‍රණයන්ගෙන් කඩු සැදීමට මානවයන් පෙළඹී ඇත. ප්‍රතිමල්ලවයන් අභිබවා මානව ශිෂ්ඨාචාරයෙහි පෙරමුණ ගැනීමට කිසියම් [[ජාතිය |ජාතියකට]] හෝ ජන කොට්ඨාශයකට හෝ කඩු සැදීමේ [[තාක්‍ෂණය|තාක්ෂණය]] ඉවහල් වූවා නිසැකය. එය අනිවාර්යයෙන්ම ජයග්‍රහණයේ සමාපයනීය සාධකයක් වෙන්නට ඇත.
 
ශිෂ්ඨාචාරයෙහි කිසියම් යුගයක යම් කිසි වර්ගයක කඩු භාවිතා කලේ නම් අවම වශයෙන් එම වර්ගය හෝ භාවිතා නොකල ජාතියක් හෝ ජන කොට්ඨාශයක් ලෝක සිතියමෙන් තුරන් වන්නට ඇත. අනෙකුන් වානේ කඩු භාවිතා කරමින් සිටි සමයෙක ලී කඩු සාදා ඒවා සෞන්දර්යාත්මක හෝ [[සංස්කෘතිය|සංස්කෘතික]] හෝ යැයි දෙඩූ ජාතීන් පිළිබඳ විස්තර සොයා ගැනුම උගහටය.
 
[[ගොනුව:Espadon-Morges.jpg|thumb|100px|ස්විස් [[දිගුකඩුව]], 15වන හෝ 16වන සියවස]]
[[ගොනුව:Mühlberg - Säbelmensur.jpg|250x250 px| වම]]
'''කඩුව'''ක් යනු දිගු, තියුණු තලැති [[ලෝහ]] අවියක් වන අතර, ලොව පුරා බොහෝ [[ශිෂ්ඨාචාරය|ශිෂ්ඨාචාරයන්]] තුල, ප්‍රාථමික වශයෙන් කැපුම් හෝ වැරෙන් තෙරපා දැමීමේ අවියක් ලෙසින්ද සමහරවිට පොල්ලකින් මෙන් තැලීම සඳහා ද භාවිතා වී ඇත.
[[ගොනුව:Noe sword.jpg|200x200 px|දකුණ ]]
කඩු ගැන දොඩන කල ද්වන්ද්ව සටන් ගැන කොකියාම බැරිය. [[මාර්ටින් වික්‍රමසිංහ|මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්]] විසින් රචිත රෝහිණී හි අතුල හා මිත්‍ර ගේ ද්වන්ද්ව කඩු සටන අපට සිහි වේ. [[ඩබ්ලිව්. ඒ. සිල්වා]] ශූරීන් ගේ විජයබා කොල්ලය හි අසංග ආදීන් වටා ගෙතුනු පෙම් හබයන්හී ද්වන්ද්ව කඩු සටන් බොහෝය. ලක්දිව අවසන් රජු [[ශ්‍රී වික්‍රම රාජසිංහ රජ|ශ්‍රී වික්‍රම රාජසිංහයන් ගේ]] ගේ නියමයෙන් ඇහැලේපොළ දෙටු පුත් මද්දුම බණ්ඩාර කුමරුන්ගේ ගෙල සිඳුන ගහල කඩුව බරැති පළල් එකක් වන්නට ඇත. ද්වන්ද්ව කඩු සටන් ලිං තුල පැවැති කල [[අංගම්පොර|අංගම්]] සටන් විය. ලක්දිව අංගම් කුල සිටි බව කියැ‍වේ. දීර්ඝ කාලීන යුද්ධයක නිමාවට දෙපස රණ විරුවන් දෙදෙනෙකු අතර පැවැති ද්වන්ද්ව සටන් තීරණාත්මක වූ අවස්ථාද ඉතිහාසයෙන් හමුවේ. එක් යුවතියකට බැඳි පෙම නිරවුල් කර ගත නොහැකිව කල ද්වන්ද්ව සටන්ද තැන තැන හමුවේ.
[[ගොනුව:Koshirae.jpg|400x200 px|දකුණ]]
"https://si.wikipedia.org/wiki/කඩුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි