"කඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'200x200 px|වම 200x200 px| දකුණ කඩු...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
[[ගොනුව:Beowulf.firstpage.jpeg|200x200 px|වම]]
[[File:Espadon-Morges.jpg|200x200 px| දකුණ]]
කඩුව යනු දිගු තියුණු තලයක් සහිත ආයුධයකි. මෙහි දිග විවිධාකාර වන අතර ඒ අනුව භාවිතා කරන නම් ද විවිධ වෙති. මෙය විවිධ හැඩයන් ද ගෙන ඇති අතර ඒ අනුව භාවිතා කල නම් ද විවිධ වෙති. දිග හෝ හැඩය හෝ වෙනස් කඩු වර්ග අවශ්‍ය හා අනුකූල අවස්ථාවන්හී භාවිතා වේ. ඉතිහාසය පුරා විවිධ ද්‍රව්‍ය වලින් කඩු සාදා ඇත. [[මානව වර්ග |මානවයන්]] ලෝහ නිස්සාරණය ගවේෂණය කල පසුව විවිධ ලෝහයන් භාවිතා කොට කඩු නිපදවා ඇත. එනමුදු ඒකායන අභිමතාර්ථය වූයේ ප්‍රතිමල්ලවයා හා සටනෙහි යෙදෙන විට කඩුව මොට වීම හෝ දෙදරා වැටීම හෝ බිඳී යෑම හෝ වැලැක්වීම විය යුතුය. ශුද්ධ ලෝහයන්ගෙන් නොව ලෝහ හා/හෝ අලෝහ මිශ්‍රණයන්ගෙන් කඩු සැදීමට මානවයන් පෙළඹී ඇත. ප්‍රතිමල්ලවයන් අභිබවා මානව ශිෂ්ඨාචාරයෙහි පෙරමුණ ගැනීමට කිසියම් [[ජාතිය |ජාතියකට]] හෝ ජන කොට්ඨාශයකට හෝ කඩු සැදීමේ [[තාක්‍ෂණය|තාක්ෂණය]] ඉවහල් වූවා නිසැකය. එය අනිවාර්යයෙන්ම ජයග්‍රහණයේ සමාපයනීය සාධකයක් වෙන්නට ඇත.
 
ශිෂ්ඨාචාරයෙහි කිසියම් යුගයක යම් කිසි වර්ගයක කඩු භාවිතා කලේ නම් අවම වශයෙන් එම වර්ගය හෝ භාවිතා නොකල ජාතියක් හෝ ජන කොට්ඨාශයක් ලෝක සිතියමෙන් තුරන් වන්නට ඇත. අනෙකුන් වානේ කඩු භාවිතා කරමින් සිටි සමයෙක ලී කඩු සාදා ඒවා සෞන්දර්යාත්මක හෝ [[සංස්කෘතිය|සංස්කෘතික]] හෝ යැයි දෙඩූ ජාතීන් පිළිබඳ විස්තර සොයා ගැනුම උගහටය.
"https://si.wikipedia.org/wiki/කඩුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි