"ඉතාලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: යුරෝපා රටකි.ප්‍රවර්ගය:යුරෝපා රටවල්
 
No edit summary
1 පේළිය:
ඉතාලිය
යුරෝපා රටකි.[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]
 
ඉතාලියේ නිල නාමය 'ඉතාලි ජනරජය' යන්නය. ඉතාලිය කොටසක් යුරෝපා මහාද්වීපයේ ද, කොටසක් දකුණු දිග යුරෝපයේ ඉතාලියානු අර්ධද්වීප‍යේ ද, මධ්‍යධරණි මුහුදේ 'සිසිලිස' සහ 'සාඩීනියාව' යන විශාලතම දූපත් දෙකෙහිද ව්‍යාප්තව තිබේ. ඉතාලිය එහි උතුරැ දිග 'ඇල්පයින්' මායිම, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව සහ ස්ලෝවේනියාව යන රටවල් සමග පොදුවේ පරිහරණය කරයි. ස්වාධින රාජ්‍යයන් වන සතුන් මැරිනෝ සහ වතිකානු පුරවනරය, ඉතාලියානු අර්ධද්වීපය තුළ ඉන් වට වී පිහිටා කැම්පියොන් සී ඉටාලියා' (Campione d' Italia) යන ස්වාධින රාජ්‍යය, ස්විට්සර්ලන්තයේ පිහිටියකි. ඉතාලි රාජ්‍යය, වර්‍ග කි.මී. 301338 ක භූමි ප්‍රමාණයක් ආවරණය කෙරේ. එහි සෘතුමය සමශිකෝෂ්ණ දේශතුණයක් බලපැවැත්වේ. මිලියන 60.2 ක ජනතාවකට වාසභූමිය වන ඉතාලිය යුරෝපයේ වැඩිම ජනගහනයක් වෙසෙන හයවන රටද ලෝකයේ ම විසිතු න් වැනි රට ද වන්නේ ය. වත්මනෙහි ඉතාලිය නමින් දන්නා භූමි ප්‍රදේශය යුරෝපීය සභ්‍යත්වයේ සහ එට්‍රස්කන්ස් (Etruscans) හා රෝමවරැන් වැනි ජනතාවකගේ සමාරම්භක ස්ථානය වුයේය. ඉතාලියේ අගනුවර වන රෝමය, ශතවර්ෂ ගණනාවක් තිස්සේ රෝමන් අධිරාජ්‍යයේ අගනගරය වශයෙන්, බටහිර සභ්‍යත්වයේ දේශපාලන මධ්‍යස්ථානය වුයේය. එහි ඇද වැටීමෙන් පසු අනේකවිධ විදේශිය ආක්‍රමණිකයන් , ලොම්බාර්ඩ්ස්, (Lombards) සහ 'ඔස්ට්‍රොලොන්ස්' (Ostrogoths) වැනි ජර්මානු ගෝත්‍රිකයින්ගේ සිට නෝමන්වරැ දක්වා ද වූ අතර පසුව පැමිණි අනෙකුත් ආක්‍රමනිකයින් අතර 'බයිසන්ටයින් ' (Byzantines) වරැද වුහ. යුරෝපයේ වින්දනය හැඩ ගැස්වන, පසු කාලීන ක්‍රියාවලියෙහි දී පරිපූර්ණ බවට ඔප්පුවන , අතිශයින් ඵලදායී බුද්ධිමය ව්‍යාපාරයක් වූ යුරෝපීය කලා ශිල්ප පුනරැදය (Renaissance) ඇරඹෙන ජන්ම භූමිය බවට සිය වස් ගණනාවකට පසුව ඉතාලිය පත්වෙයි.
පශ්චාත් රෝමන් ඉතිහාසයේ වැඩි කාලයක් පුරාවට ඉතාලිය, සාඩිනියා සිසිලි දූපත් ද්වයේ රාජධානිය සහ මිලාන් වසම වැනි වූ විවිධ රාජධානි හා නාගරික ප්‍රාන්ත වශයෙන් කැබලි වලට වෙන් වී ගියේ ය.
 
'රිසෝගිමෙන්ටෝ' (Risorgimento) නමින් දන්නා, ඉතිහාසයෙහි කැළඹිලි සහිත උද්ඝෝෂාකාර කාලපරිච්ඡේසදයක් වූ 1861 වසරේ දී ඉතාලිය ඒකාබද්ධ විය. 19 වන සියවස අග භාගයේ දී ‍පළවන ලෝක යුද්ධ සමය පුරා සහ දෙවන ලෝක යුද්ධ දක්වා ඉතාලි යටත් විජිත අධිරාජ්‍යක් හිමිව සිටියේය. එහි පාලනය ලිබියාව, එරිත්‍රියාව, ඉතාලි සෝමලිලන්තය, ඉතියෝපියාව, ඇල්බේනියාව, රොඩේස් , ඩොඩකනීස් (The Dodecanese) සහ, දෙරටේ කැමැත්තෙන් වෙන්කරගත් චීනයේ 'ටියානින්' (Tianjin) යන රටවල් හා ප්‍රදේශයන් දක්වා විහිද පැවතියේ ය.
 
නූතන ඉතාලි, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වන අතර, ලෝකයේ අධිසංවර්ධිත රටවල් අතුරින් 18 වන ස්ථානය ගනී. ලෝකයේ ජිවන යහගුණ දර්ශක අගය අනුව (Quality of life Index rating) ඊට හිමිවන්නේ ඉතා ඉහළ ස්ථානයයි. ඉතලිය ඉතා ඉහළ ජිවන තත්ත්වයක් භුක්ති විදින අතර. ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදිතයේ ඉහල නාමික අගයක් හිමිවෙයි.
වර්තමානයේ හදුන්වනු ලබන ආකාරයට යුරෝපා සංගමයේ ද උතුරැ අත්ලාන්තික් ගිවිසුම් සංවිධානකයේ ද ඉතාලිය ආරම්භක සාමාජිකයෙක් වන්නේය. 8 කණ්ඩායම ටද (G8) සහ 20 කණ්ඩායමට ද (G20), ඉතාලිය සාමජික රටක් ලෙස ඇතුලත් වෙයි. ලෝකයේ සත්වන විශාලතම නාමික දළ දේශියය නිෂ්පාදිතය දසවන ඉහලම මිලදීගැනීමේ හැකියාවේ අගය ද සහ ලොව වාර්තාවන පස්වන ඉහලම අයවැටද දක්නට ලැබෙන්නේ ඉතාලියෙහි මය. ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබ්‍රද සංවිධානයේ ලෝක වෙළද සංවිධානයේ යුරොපා මණ්ඩලයේ සහ බටහිර යුරෝපා සංගමයේ ද සාමාජික රටක් වන්න‍ේය. ඊට වැඩිමනක් වශයෙන් ආරක්ෂාව සදහා වෙන්කරන මුදල් ප්‍රමාණය අනුව බැලු විට ඉතාලිය ලෝකයේ අටවන ස්ථානය ගන්නා අතර නේටෝ සංවිධානයේ න්‍යෂ්ටික අවි, හවුලේ අයිතිව සිටී.
 
යුරෝපීය සහ ගෝලීය හමුදාමය, සංස්කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී කැපී පෙනෙන කාර්ය භාරයක් ඉතාලිය ඉටුකරයි. ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලෝක ආහාර වැඩ සටහන කෘෂිකර්ම සංවර්ධනය සදහා වූ ජාත්‍යන්තර අරමුදල, ගෝලීය සංසදය හා නේටෝ ආරක්ෂක විද්‍යාලය යන මුලස්ථාන රොමයේ පිහිටුවා ඇති සංවිධාන හා ඉතාලිය අනුබද්ධිතව සිටී. මෙරටෙහි යුරොපීය දේශපාලනමය සමාජමය හා ආර්ථිකමය බලපැම් හේතු කොට ගෙන ඉතාලිය එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය සහ රැසියාව, හැරැනු කොට කලාපයෙහි මහබලවතෙකු බවට පත්ව සිටී.
 
හමුදාමය හා ආර්ථික බලය (Hard Power) පිළිබ්‍රදව කරන ලද අධ්‍යයනයකට අනවු ඉතාලිය එකොළා‍ස් වන ලෝක ව්‍යාප්ත ජාතික බලවතා බවට වාර්ත කර තිබේ. ඉහල අධ්‍යාපන මට්ටමක් ද ඉහල ශ්‍රම බලකායක් ද ඉතාලිය සතුවෙයි. ගෝලීයකරණය වූ ජාතියක් වන ඉතාලිය, 2009 වසරේ හය වන ජාත්‍යන්තර හොදම කීර්තිමත් රට වශයෙන් තේරින්. ලෝකයේ ඉහලම ජිව්‍ය කාලය වාර්තා වන රටවලින් 19 වන ස්ථානයටද ‍දෙවන හොදම සෞඛ්‍ය සේවය පිරිනමන රට ලෙසද, ඉතාලිය පත් ව තිබේ. මිලියන 43.7 ක විදේශිය සංචාරකයින්ගේ සංඛ්‍යාව සලකා බැලූ කළ ඉතාලිය ලෝකයේ සංචාරකයින්ගේ පැමිණිම අතින් පස්වන තැන ගනී. මේ දක්වා යුනෙස්කෝ ලෝක උරැමයන් දක්නට ලැබෙන, වැඩිම ස්ථාන සතවන ඉතාලිය, කලා ශිල්ප විද්‍යාව හා තාක්ෂණය පිළිබදව චිරාගත සම්ප්‍රදායන් පිළිබදව සාඩම්බර වෙයි.
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ඉතාලිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි