"ජර්මනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: යුරෝපා රටකි.ප්‍රවර්ගය:යුරෝපා රටවල්
 
No edit summary
1 පේළිය:
ජර්මනිය
යුරෝපා රටකි.[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]
ජර්මනියේ නිල නාමය වනුයේ 'ජර්මන් ෆෙඩරල් සමුහාණ්ඩුව' යන්නයි. මෙය මධ්‍යම යුරෝපයේ පිහිටා ඇති රටකි. උතුරින් උතුරැ මුහුද, ඩෙන්මාකය හා බෝල්ටික් මුහුද නැගෙනහිරින් ‍පෝලන්තයසහ චෙක් සමූහාණ්ඩුව දකුණින් ඕස්ට්‍රියාව සහ ස්විට්සර් ලන්තය බස්නාහිරින් ප්‍රංශය, ලක්මිබර්ග්, බෙල්ජියම, සහ නෙදර්ලන්තය යන දේශ සීමාවන්ගෙන් ජර්මනිය වට වී තිබේ. ජර්මනිය සන්තක ප්‍රදේශ වර්ග කිලෝමීටර් 357021 ක් (වර්ග සැතපුම් 137847 ක් ) පුරා පැතිර පවතී. මෙරට සමශිකෝෂණ සෘතුමය දේශගුණයෙන් බලපෑමක් ලබයි. 2010 ජනවාරි මස දී ජනගහනය මිලියන 81.8 ක් වාර්තා වී ඇත. යුරෝප සංගමයේ සාමාජික රටවල් අතරින් වැඩිම ජනගහනයක් සහිත සාමාජික රට වන්නේ ජර්මනියයි. ලොව නන්දෙසින් එන අන්තර්ජාතික සංක්‍රමනිකයන් වැඩිම සංඛ්‍යාවකට නිවහන සපයන රටවල් අතුරින් තෙවන තැන ලැබෙන්නේ ජර්මනියටයි.
 
ක්‍රි.ව. 100 පෙරාතුව ජර්මේනියාව නම් වූ ප්‍රදේශයෙහි ජර්යානු ගති ගක්ෂණ ඇති ‍බොහෝ ජනයා වාසය කර ඇති බැව් දැනගන්නට ලැබී ඇතිවා පමණක් නොව ලේඛනවලින් ඔප්පු කරද තිබේ. 10 වන ශත වර්ෂය ආරම්භයේ දී, ජර්මන් සන්තක ප්‍ර‍දේශ සියල්ලෙන් ශ්‍රද්ධ රෝමන් අධිරාජ්‍යයේ මධ්‍ය‍කොට්ඨාමහය සැකසිනි. මෙය වර්ෂ 1806 දක්වා වූ පැවති‍යේ ය. 16 වන ශතවර්ෂය තුලදී උතුරැ ජර්මනිය 'ප්‍රෙතෙස්තන්ත ප්‍රතිසංස්කරනවාදී නිකායේ මධ්‍යස්ථානය බවට පත් විය. 1871 පැවති ප්‍රංශ - ප්‍රසියන් යුද්ධය මධ්‍යයේ ජර්මනිය නූතන ජාතික රාජ්‍යයක් වශයෙන් එක්සත් කරන ලදි. 1949 යේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව, ජර්මනිය වෙනම රාජ්‍ය දෙකක් ලෙස, එනම් නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය යනු විසින් බෙදා වෙන් කරන ලදි. බර්ලින් සහ සාර් යනුවෙන් තවදුරටත් මිත්‍ර පාක්ෂික රටවල් රැදී සිටි ආකාරය මත දේශපාලනමය විශේෂ තත්ත්වයන් සහිත කොටස් දෙකකට බෙදන ලදි.
 
වර්ෂ 1990 දී ජර්මනි‍ය නැවත ඒකාබද්ධ කරන ලදි. 1957 දී පිහිටුවන ලද 'යුරෝපීය ප්‍රජාව' නමින් වූ සංවිධානයේ ජර්මනිය ද ආරම්භක සාමාජිකයෙක් වුයේය. මෙම සංවිධානය 1993 දී 'යුරෝපා සංගමය ' බවට පත්විය. ජර්මනිය 'ෂෙනගන්' කලාපයේ කොටස් කරැවකු වන අතර, 1999 දී යුරෝ (euro) නමින් හදුන්වන යුරෝපා මුදල් භාවිතය පිළිගත්තේය.
ජර්මනිය ජනපද දහසකින් සෑදුනු ෆෙඩරල් පාර්ලිමේන්තු සමූහාණ්ඩුවකි. මෙහි අගනුවර ද, විශාලතම නගරයද බර්ලින් පුරවරය වන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය නේටෝ 8 කණ්ඩායම (G 8 ) කණ්ඩායම (G20) ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබ්‍රද සංවිධානය (OECD) සහ ලෝක වෙළද සංවිධානය යන (WTO) ජාත්‍යන්තර සංවිධානයන් හි ජර්මනිය ද සාමාජිකත්වය උසුලයි. ජර්මනියේ දළ දේශිය නිෂ්පාදිතයේ නාමික අගය සලකා බැලූ විට එරට සතුව ඇත්තේ ලොව සිව්වන ස්ථානය ‍ගන්නා ප්‍රබල ආර්ථිකයක් බැව් පෙනි යයි. ඒ හැර එරට සතු 'මිලදී ගැනීමේ හැකියාවේ අනුපාතය' (Parchasing Power Parity) අනුව බැලූ විට එය පස්වන ස්ථානයේ පසුවේ. ජර්මනිය දෙවන විශාලතම භාණ්ඩ අපනයන කරැවා ද, තුන්වන විශාලතම ආනයන කරැවා ද වන්නේය. සංවර්ධන ආධාර ස්‍රදහා මුදල් පිරිනමන ලෝකයේ රටවල් අතුරින් ස්වකීය වාර්ෂික අයවැයෙන් ඒ සදහා වෙන්කරන අරමුදල ලෝකයේ දෙවන ලොකුම අරමුදල් ප්‍රමාණය වන අතර යුධ හමුදාව සදහා කෙරෙන වියදම් ප්‍රමාණය අනෙක් රටවල් අතර හයවන ස්ථානය ගනී.
ජර්මනිය උසස් ජිවන මට්ටමක් වර්ධනය කරගෙන තිබේ. තවද පරිපූර්ණ සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කර ඇත. යුරෝපිය කටයුතු පිළිබදව ප්‍රධාන තැනක් හිමිව සිටින ජර්මනිය, ගෝලීය මට්ටමින් සමීප සබදතා රාශියක් පවත්වාගෙන යයි. ජර්මනිය පිළිගනු ලබන්නේ විවිධ කේෂේත්‍රයන්හි ලා විද්‍යාත්මක හා තාක්ෂණික නායකයා ලෙසය.
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ජර්මනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි