"යුධෝපක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'Ailitany tactics - යුධෝපක්‍රම යුධෝපක්‍රම (ග්‍රික Takkike : හමුද...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

12:28, 27 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

Ailitany tactics - යුධෝපක්‍රම

යුධෝපක්‍රම (ග්‍රික Takkike : හමුදාවක් සංවිධානය කිරිමේ කලාව) යනු සටනේදි සතුැාව පරාජයට පත් කිරිම සදහා අවිආයුධ හා හමුදා ඒකක සංකලනය කර භාවිත කිරිමේ ක්‍රමවේදයයි දර්ශනයේ හා තාක්ෂනයේ සිදුවු වෙනස්කම් යුධෝපක්‍රම වල වෙනස් විම් වල බලපා ඇත.

දහනවන වන සියවස දක්වාම විවිධ යුධෝපක්‍රම විවෘත භූමි වලදි හමුදා ඒකක හැසිරවිම වැනි සටහන් බිමේ කරැණු වල පමණක් සිමා විය. වර්ථමාන හමුදා චින්තනය තුල යුධෝපක්‍රම යනු, පුද්ගලියන් දුසිම් ගණනක සිට සිය ගණනක් අන්තර්ගත වන පහලම මට්‍ටමේ සලසුම් කිරිමයි. බල ඇණි වල ක්‍රියාකාරි යොදාගැනීම නම් උසස් සැලසුම් කිරිමේ මට්ටමක් ඇතුලත් වන හැඩගැසීම් වලට ඒකක සවිධානය කරයි. හමුදා සැලසුම් වල තුන්වන ශ්‍රේණිය වන්නේ සැලසුම් සකස් කිරිම වන අතර, දිගුකාලින් අරමුණක් සාක්ෂාත් කර ගැනීම සදහා අවශ්‍ය සැලසුම් හා ක්‍රියාමාර්ග පිලිබද කටයුතු කරයි. ක්‍රියාකාරි යුධ මාර්ග ඒ අනුව ගත් කල සැලසුම් (ඉහළ ශ්‍රේණිය) යුධෝපක්‍රම (පහලම ශ්‍රේණිය) දක්වා පරිවර්ථනය කර අතරමැදි ශ්‍රේනියකි.

ගහක් ලෙස හැඩගැස්වු 1 වන ලෝක යුධ සමයේ ජර්මානු නිරික්ෂණ කුලුණක්

විවිධ අවස්ථාවන්ට විශේෂිත වු යුධෝපක්‍රම ඇති අතර, කාමරයක් හෝ තනි ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනිමේ සිට යම් කලාපයක් පුරාවට ගුවන් බලය පවත්වාගැනිම වැනි විශාල පරිමාණයේ මෙහෙයුම් දක්වා මේවා විහිදේ. වර්තමානයේදි තනි සෙබළුන්, සෙබල කණ්ඩායම් සිට සම්පුර්ණ හමුදාවන් දක්වා සියළුම අණදෙන ‍ෙශ්‍ර්නි වලදි යුදෝපක්‍රම භාවිතා කරයි. අනිවාර්යයෙන්ම යුද්ධයේදි භාවිතා කරන ඒකක එම කාලයේ පවතින යුධෝපක්‍රමවල ප්‍රතිබිම්භයක් වන අතර ඒවායේ විශාලත්වය හා සදුම්ලත් සම්මිශ්‍රනය අදාල ලෙස වෙනස් වේ.

එක්සත් ජනපද හමුදා ක්සේත්‍ර අත් පොත 3-0 යුධෝපක්‍රම සම්බන්ධයෙන් පහත නිර්වචන ලබා යෙි.

‘’යුධෝපක්‍රම- (ආරක්ෂක දෙපාර්තමේන්තුව) 1. සටන්දි හමුදා ඒකක වල භාවිතය. 2. ස්වකිය සම්පුර්ණ විභවය භාවිතා කල හැකි පරිදි තම තමන්ට හෝ හතුරාට සාපේක්ෂව හමුදා ඒකක ක්‍රමානුකුල සකස් කිරිම හා ස්ථානගත කිරිම මේ සදහා තම තමන්ටත්, භුමියටත් සතුරාටත් සාපේක්සිව ක්‍රමානුකුලව ඒකකයක් හැසිරවිම මගින් සටන් කිරිමේ හැකියාවේ විභවය සටන් ජයග්‍රහණය දක්වා පරිවර්ථනය කිරිම අදාල වේ. (FM 3-0)

එක්සත් ජනපද හමුදාව සාමාන්‍ය හ්‍රේණි 3 ක් ඔස්සේ යුද්ධය නිර්වචනය කරයි. 1. සැලසුම් ශ්‍රේණිිය: මේ සදහා ජාතික මෙන්ම සටහන් ආඥා කාලයද ඇතුලත් වේ. 2. 2. මෙහෙයුම් ශ්‍රේණිය: ඒකාබද්ධ කාර්ය සාධක බලකාය (භුමි මෙහෙයුම් ඒකකය, උපාය ඒකක, ගුවන් හා නාවික යන බලමුළු වල එකතුවෙන්) සිට භට කණ්ඩායම් පෙළගැස්විම දක්වා විහිදේ. 3. යුධෝපක්‍රම ශ්‍රේණිය: භට කණ්ඩායම් හැසිරවීමේ සිට තනි තනි ‍සොල්දාදුවා දක්වා වු පහලම සටන් ඒකක දක්වා විහිදේ.

බොහෝ දෙනා හමුදා වචන මාලාව දන්නා කෙනෙකු වුව ද සැලසුම් හා යුධෝපක්‍රම යන වචන දෙක හුවමාරැ කිරිමට පෙලඹේ.

යුධෝපක්‍රම යනු විද්‍යාවක් හා කලාවකි. අනුගමනය කලහොත් අඩුම තරමේ ව්‍යක්ත භාවයක් ලබා දිය හැකි ප්‍රදාන ප්‍රතිපත්තින් ඇත. දෙන ලද අවස්ථාවකට ස්වයංක්‍රියව ප්‍රතිචාර දැක්වීම හුරැකරවන ‘සටන් සරඹ’ හා විශාල උපදෙස් හා අවවාද මාලාවක් සියවස් ගණනක් ඔස්සේ ලියවී ඇත. සමහරැන්ට යුධෝපක්‍රම සහ‍ජයෙන්ම පිහිටා ඇත. සමහර අවස්ථා වලදි ඒවා ඉගැන්විය හැක. නමුත් මුලිකවම යුදෝපක්‍රම යනු මනෝ විද්‍යාව, භෞතික විද්‍යාව හා සංඛ්‍යාලේඛන අඩංගු වු වෙනස් වන සම්මිශ්‍රණයකි.

සමහර භාවිතයන් හා පුරැදු යුද්ධා‍යන්හි ආරම්භ‍යේ සිටිම නොවෙනස්ව පවති. සැගවී සිට පහරදිම්, සොයාගෙන ගොස් වටකිරිම, තොරතුරැ රැස් කිරිම පවත්වාගැනිම, භාදක හා ආරක්ෂක විධිවිදාන සකස් කිරිම හා භාවිතය වැනි නොයෙකුත් කරැණු මෙයට අඩංගු වේ. භුමිය උපරිම වාසිදායක ලෙස යොදා ගැනිම ද නොවෙනස්ව පැවති ඇත. උස්බිම්, ගංගා හා වගුරැ බිම්, කුඩා ඇලි, ස්වභාවික සැගවුම් ස්ථාන යන මේ සියල්ලම විවිධ ආකාරයට භාවිතා කල හැක.

නිරන්තරයෙන්ම වෙනස් වන කොටස වන්නේ තාක්ෂණික මානය හා සටන්කරැවන්ගේ සමාජවිද්‍යාත්මක පැතිකඩයි. රෝම සොල්දාදුවකු, මොන්ගෝලියානු අශ්වාරෝහකු දුනුවයෙකු, චින හරස් දුනු කරැවකු, බ්‍රිතාන්‍ය රෙඩ්කොට් වරයෙක්, ගුවන් භටයෙකු වැනි විවිධ වර්ගයේ භටයින් නිර්මාණය කිරිමට බලපෑ තාක්ෂණික හා සමාජ විද්‍යාත්මමක වෙනස්කම් මොනවාදැයි කෙනෙකු සිතා බැලිමට තිරණය කළ හැක. මොවුන් තම ආයුධ, හමුදා උපකරණ සැපයිමේ ක්‍රියාමාර්ග හා සමාජිය තරාතිරම මගින් සීමා කරනු ලැබ, සටන් බිම විවිධ අයුරින් භාවිත කිරිමට පෙළඹුන ද සාමානයයෙන් ඔවුන්ගේ යුධෝපක්‍රම භාවිතයෙන් එකම අරමුණක් සාක්ෂාත් කිරිමට පෙළඹේ.



References


"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=යුධෝපක්‍රම&oldid=89867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි