"මාර්ටින් ලූතර් කිං" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මාර්ටින් ලූතර් කිං උපත - 1929 ජනවාරි 15 උපන් ස්ථාන...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
16 පේළිය:
ආගම - බැප්ටිස්ට්
බලපෑ චරිත - ජේසුස් වහන්සේ, හෝවඩ් තුර්මන්, මහත්මා ගාන්ධි, හෙන්රි ඩේවිඩ්
තොරියා, රෝසා පාක්ස්, බේයාඩ් රස්ට්න්
බලපෑම් ඇතිකළ චරිත - කොරීටා ස්කොට් කිං, ජෙසේ ජැක්සක්
 
මාර්ටින් ලූතර් කිං (1929 - 1968) වූ කලි ඇමරිකානු මහජන අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් සටන් කළ ප්‍රධාන නායකයෙකි. ඔහු බැප්ටිස්ට් දේවගැතිවරයෙක් වූ අතර එවකට ඔහු වැනි කළු මිනිසුන් හට නායකත්වය ලැබුණේ ඉතා කලාතුරකිනි. නමුත් ඔහු මානව අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සටන් කළේය. මොන්ට්ගොමෙරි බස් බෝයිකොට් සංවිධානය (1956-1957) පිහිටවූ ඔහු පසුව දකුණු ක්‍රිස්තියානි නායකත්ව සමුළුවට සහභාගී විය. එම සමුළුවේ සභාපතිවරයා විය. 1963 වොෂින්ටන් හිදී ඔහු ‘මට සිහිනයක් ඇත’ මැයෙන් ඔහු පැවැත්වූ කතාවෙන් ඔහු මානව අයිතිවාසිකම් පිළිබදව සාමාන්‍ය ජනයා දැනුවත් කිරීමට සමත් වූයේය.
 
1964 ඔහු නොබෙල් ත්‍යාගය දිනාගන්නා ලාබාලතමයා වීමට තරම් භාග්‍යවන්ත වුයේය. එම සාම ත්‍යාගය ඔහු හට හිමිවූයේ ජාතිවාදය සහ අනෙකුත් ආකාර වල සමාජ බෙදීම් නොයෙකුත් සමාජ තර්ජන ගර්ජන මධ්‍යයේ වුවද විවේචනය කිරීම හේතුවෙනි.
 
මාර්ටින් ලූතර් කිං 1968 අප්‍රේල් 4 වැනිදා ඝාතනය කරන ලද්දේ වෙන්නෙසීහි මෙම්පිස් හිදීය. ඔහුගේ මරණින් පසු ජනාධිපති ජිම් කාටර් විසින් 1977 දී ඔහු Presidential Medal of Freedom සම්මානයෙන් පුදනු ලැබීය. මාර්ටින් ලූතර් කිං ඝාතනය කරන ලද දිනය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික දිනය වශයෙන් 1986 දී සම්මත කරන ලදී. මරණින් පසු ඔහු Congressional Gold Medal සම්මානයෙන් ද පුදනු ලැබීය. මාර්ටින් ලූතර් කිං උපත ලැබුවේ 1929 ජනවාරි 15 ජෝර්ජියා හි ඇට්පන්ටාහිදීය. පූජක මාර්ටින් ලූතර් කිං සහ ඇල්බර්ටා විලියම්ස් කිං යන දෙපළගේ පුත්‍රයා ලෙස ඔහු උපත ලැබීය. ඔහුගේ පියාගේ නම මයිකල් කිං වූ අතර එම නිසාම ඔහුගේ උපන් නම ලෙස භාවිතා කරන ලද්දේ මයිකල් කිං යන්නයි. ඒ 1935 වනතුරුය. ඔහුගේ පියා විසින් පසුව දෙදෙනාගේම නම් ජර්මානු රෙපරාමදුකරුවකු වූ මාර්ටින් ලූතර්ට ගරු කිරීමක් ලෙස වෙනස් කර ගැනීමෙන් පසු ඔහු මාර්ටින් ලූතර් කිං ලෙස වෙනස් විය. විලි ක්‍රිස්ටින් ඔහු වැඩිමහලු සොහොයුරිය (1927 සැප්. 11) වූ අතර බාල සොහොයුරා ඇල්පඩ් ඩැනියෙල් (1930 ජුලි 30 – 1969 ජුලි 01) වූයේය.
 
මාර්ටින් ලූතර් කිං 1939 දී පල්ලියේ ගිතිකා කණ්ඩායම සමග Gore with the wind නම් චිත්‍රපටියේ මංගල දර්ශණය දවසේදී ගායනයක් ඉදිරිපත් කළේය. පාසලේ නවවන පන්ති‍යද දොළොස්වන පන්තියද මගහරිමින් උසස්වීම් ලද ඔහු වයස අවුරුදු 15දී මෝහවුස් විද්‍යාලයට ඇතුළත් විය. ප්‍රථම කලා උපාධිය අවසන් කළේ සමාජ විද්‍යා විෂය ධාරාවෙනි.
 
පසුව පෙන්සිල්වේනියාවේ චෙස්ටර්හි ක්‍රෝසර් දේවධර්ම විද්‍යාලයට ඇතුළු වූ ඔහු දේවධර්ම ශාස්ත්‍රය පිළිබඳ ප්‍රථම උපාධිය දිනා ගත්තේ 1951 දීය. 1951 සැප්තැම්බර් වලදී ඔහු ආචාර්ය උපාධියට සුදානම් වූ අතර ඒ බොස්ටන් සරසවියේ දීය. ඔහු හැදෑරුවේ ව්‍යවස්ථික දේවධර්ම ශාස්ත්‍රයයි. 1955 ජුනි 5 වන දින ඔහු ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. අවුරුදු 24 දී ඩෙක්ස්ටර් ඇවෙනිව් බැප්ටිස්ට් පල්ලියේදී (මොන්ටොගොමෙරි, ඇලබාව) ඔහු පාදලි තනතුරට පත්විය.
 
 
"https://si.wikipedia.org/wiki/මාර්ටින්_ලූතර්_කිං" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි