"සංයුක්ත ද්‍රව්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සංයුක්ත ද්‍රව්‍යය (composite material) කාබන් තන්තු වලින් වි...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

08:17, 25 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

සංයුක්ත ද්‍රව්‍යය (composite material) කාබන් තන්තු වලින් වියන ලද රෙද්දක් - සංයුක්ත ද්‍රව්‍යයන් හි මෙය බහුලව භාවිතා වන ද්‍රව්‍යයකි.

සංයුක්ත ද්‍රව්‍ය යනු, අන්තර්ගත ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක්කොට සකස් කරන ලද ද්‍රව්‍යයි. මෙහි අන්තර්ගත ද්‍රව්‍ය වල භෞතික හා රසායනික ගුණ සැලකිය යුතු ලෙස වෙනස් වන අතර අවසන් ව්‍යුහයේ ඒවා එකිනෙක වෙන් වෙන් ව පවති.

ප්ලයිවුඩ් යනු මිනිසුන්ට එදිනෙදා ජිවිතයේ දී බහුලව දක්නට ලැබෙන සංයුක්ත ද්‍රව්‍යයකි.

ඉතාමත් ප්‍රාථමික අන්දමේ සංයුක්ත සංයෝගයක් ලෙස ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු වලදී භාවිතා වන, පිදුරැ හා මඩ අන්තර්ගත වූ ගඩොල් හැඳින්විය හැක. බයිබලය හා සම්බන්ධ වූ එක්සෝඩස් (Exodus) පොතෙහි පාරාවෝ විසින් පිදුරැ රහිතව ගඩොල් සෑදීමට බලනරමින් ආදී හිබෲ ජාතිකයින් පීඩාවට පත් කළ බව සඳහන් වේ. චිත% කලාව පිළිබඳ වූ මොට්‍රෝපොලිටන් කෞතුකාගාරයේ (Metropolitan Museum of Art) ඇති ඊජීප්තු සොහාන් ගෙවල් හි ඇති සිතුවම් වල, ඉපැරණි ගඩොල් සෑදීමේ ක්‍රියාවලිය තවමත් දක්නට ලැබේ. සංයුක්ත ද්‍රව්‍ය සදහා ඉතා ඉහළ මට්ටමේ පරීක්ෂණ දිනපතා ම පාහේ අභ්‍යවකාශයානා සදහා, විශේෂිත වූ පරිසරයන්හි සිදුකරනු ලබයි.

මහාමාර්ගයන්හි අතුරා ඇති වානේ හා සවිගැන්වූ පෝට්ලන්ඩ් සිමෙන්ති හෝ ඇස්ෆල්ට් කොන්ක්‍රීට් අපට නිතරම දක්නට ලැබෙන සංයුක්ත ද්‍රව්‍ය භාවිතා වන අවස්ථාවකි. නාන කාමරයේ ඇති බත්ට, ෂවර්, ස්ටෝල් වැනි දෑ සාදා ඇති කෙදි වීදුරැ ද එවැනි සංයෝගයකි. ඝන මත= පිටවල්, කෘත්‍රීම ග්‍රැනයිට්, පාට ගැන්වූ කිරිගරැඩ සහ කවුන්ටර් මතු පිට ආදී දෑ අප‍ගේ ජීවින රටාවන් උසස් මට්ටමකට ගැනීමට බහුලව භාවිතා කෙරේ. සංයුක්ත ද්‍රවයන් අඩංගු සංඝටකයන්, අච්චුවක් ලෙස හෝ වඩා දැඩි බවක් ලබාදීමට භාවිතා කරන ද්‍රව්‍යයක් ලෙස, ප්‍රධාන වශයෙන් දෙ ආකාරයකින් ප්‍රයෝජනයට ගැනේ. අවම වශයෙන් මෙම ආකාර දෙකින් එකක්වත් සංයුක්ත ද්‍රව්‍ය සෑදීමේ දී ‍යොදාගත යුතුය. අච්චුවක් ලෙස භාවිතා කරන සංයෝගය අනෙකුත් දැඩිකිරීමට භාවිතා කරන ද්‍රව්‍ය වටා ඒවාට ආධාරක ලෙස සකස් කෙරේ. දැඩි කිරීමට භාවිතා කරන ද්‍රව්‍ය ‍ඒවායේ ඇති විශේෂි යාන්ත්‍රික හා භෞතික ගති ලක්ෂණ මගින් අච්චුවක් ලෙස ඇති ද්‍රව්‍ය වල තත්ත්වට වැඩි දියුණු කරයි. සංයෝග එකට එකතු කිරිම මගින්, එම සංඝටකයන් වෙන් වෙන් ව ගත් කළ ඒයායේ දක්නට නොලැබෙන විශේෂිත වූ ගුණාංග ලබා ගත හැක. එමෙන්ම විවිධ වර්ගවල අච්චු වශයෙන් භාවිතා කළ හැකි හා දැඩි කිරිමට භාවිතා කළ හැකි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇති බැවින් නිර්මාණකරැවා හට තම නිෂ්පාදනයට හෝ ආකෘතියට උචිත පරිදි උසස් ගති ලක්ෂණ සහිත ව සාදාගත හැකිය. කෘත්‍රීමව නිෂ්පාදනය කළ හැකි සංයුක්ත සංයෝග කිසියම් හැඩයකට සකස් කළ යුතුය. වඩා දැඩි කිරී‍මේ ද්‍රව්‍යය අච්චුව තුළට හෝ එය මතට දැමීමට පෙර/පසු අච්චුව ලෙස භාවිතා කරන ද්‍රව්‍යය, මිශ්‍ර කිරීමේ ක්‍රියාවලියට පසුව දැඩිවේ. මෙම ද්‍රව්‍යයේ ස්වාභාවය අනුව මෙහිදී රසායනි බහුඅවයවීකරණය හෝ ඝනීභවනය සිදුවිය හැක.

අවසාන නිෂ්පාදනයේ ගුණාංග මත විවිධ වර්ග‍යේ හැඩ වලට සකස් කිරීමේ ක්‍රම භාවිතා කෙරේ. නිෂ්පාදනය කිරී‍මේ ක්‍රමය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක වන්නේ අච්චුවක් ලෙස හෝ වඩා දැඩි කිරීම භාවිත කරන ද්‍රව්‍ය වල ස්වාභාවය මතය. තවත් වැදගත් සාධකයක් වන්නේ සංයෝගයේ නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණයයි. වේගයත් හා ස්වයංක්‍රීය නිෂ්පාදන තාක්ෂණයන් මහා පරිමාණයෙන් නිපදවීම සදහා යොදාගැනිම උචිත වේ. සුලු පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමේ දී අඩු ප්‍රාග්ධනයක් වැය වුව ද ශ්‍රමය හා උපකරණ සදහා වැඩි වියදමක් දැරීමට සිදුවන අතර සාපේක්ෂව, නිෂ්පාදන ක්‍රියාවලිය අඩු වේගයකින් සිදු කෙරේ. වාණිජමය ලෙස හැදින්වෙන බහු අවයවීය, අච්චුවක් ලෙසින් භාවිතා කරන ද්‍රව්‍යයක් උපයෝගී කර ගැනේ. ආරම්භක අමුද්‍රව්‍ය අනුව නොයෙක් ආකාරයේ බහුඅවයවක භාවිතා කළ හැක.

මේවා විවිධ ආකාරයෙන් වෙනස් වූ වර්ගයන් කිහිපයකට පුලුල්ව බෙදා දැක්විය හැක. වඩාත් බහුල ඒවා ලෙස පොලියෙස්ටර්, විනිල් එස්ටර, ඉපොක්සි, ෆීනෝලික, පොලිමයිඩ, පොලිඒමයිඩ, පොලිලප්‍රාපිලින්, පීක් (PEEK) /පොලිඊතර් ඊතර් කීයටා්න හැදින්විය හැක. වඩා දැඩි කරන ද්‍රව්‍ය බොහෝවිට කෙදි වර්ග වුවද ඒවා බහුලව භාවිතා වන කුඩු කරන ලද ඛනිජ වර්ග ද විය හැක. පහත විස්තර කර ඇත්තේ අවසාන නිෂ්පාදනයෙහි රෙසින අන්තර්ගතය අඩු කිරීමට හෝ කෙදි අන්තර්ගතය වැඩි කිරීමට, වැඩිදියුණු කර ඇති විවිධ ක්‍රමය රෑල් ඔෆ් තම්බ් හෑන්ඩ් ලේ අප් (Rule of thumb hand lay up) යනුවෙන් හැදින්වෙන ක්‍රමයකට අනුව 60% ක කෙදි අන්තර්ගතයක් අවසාන නිෂ්පාදනයේ ලබා ගත හැකි අතර වැකියුම් ඉන්ෆියුෂන් (Vacum infusion) මගින් 40% ක රෙසින හා 60% ක කෙදි අන්තර්ගත නිෂ්පාදනයක් ලබා ගත හැක. නිෂ්පාදනයෙහි ඇති ශක්තිමත් බව, මෙම අනුපාතය මත විශාල ලෙස රදා පවතී. එබැවින් කෙදි අන්තර්ගතය ඉහළ වීම, වඩා ශක්තිමත් නිෂ්පාදනයක් ලබා ගැනීමට වැදගත් වේ.



References


"This article has been translated from the English wikipedia by felidae,

http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication

Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural

communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?

id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=සංයුක්ත_ද්‍රව්‍යය&oldid=89478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි