"ශබ්දයේ නිර්මාණාත්මක බලපෑම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'නිර්මාණාත්මකව කෙසේ වුවත් වේගවත් වෙනස්වීමක් අ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:50, 24 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

නිර්මාණාත්මකව කෙසේ වුවත් වේගවත් වෙනස්වීමක් අසීරු වුවද ඇතැම්විට චිත්‍රපට එහි අතීත දිනයන්හි පැවති තත්ත්වයන්ට ආපසු පැමිණේ. කලා ශිල්පියා කැමරාව ඉදිරිපිට හා පිටුපස සිට පැරණි ශබ්ද උපකරණවල ප්‍රබල සීමාවන් හා තමන්ගේම අවිනිශ්චිතතාවන් සමග නව මාධ්‍ය යොදා ගැනීම සම්බන්දයෙන් බොහෝසේ වෙහෙසුනු බැවින් 20 වන සියවසේ අග භාගය සම්පූර්ණයෙන්ම නිහඩ කතා චිත්‍රපටවලින් පිරී තිබුණි. බොහෝ වේදිකා රංගන ශිල්පීන් අධ්‍යක්ෂකවරුන් රචකයන් නිෂ්පාදකයන් දෙබස් මූලික කතා ඉදිරිපත් කිරීමේ ක්‍රමය සොයා ගැනීමත් සමග සිනමාවට හදුන්වා දෙන ලදී. බොහෝ නිහඩ චිත්‍රපට නිෂ්පාදකයින් හා නළුවන්‍‍ට මේ සමග කටයුතු කිරීමට නොහැකි වූ අතර ඇතැම් අයට ක්ෂේත්‍රයෙන් සමුගැනීමට සිදු විය.

මෙම අදුරු යුගය ඉතා කෙටි විය. 1929 වර්ෂය නැවුම් වසරක් විය. William Wellman ගේ “China town Nights” හා The man I hove, Ronben Mamonlia ගේ Applause, Alfred Hitchcock ගේ blachmal (බ්‍රිතාන්‍යයේ ප්‍රථම නාද තලය) ප්‍රබල ද්‍රවතාවයක් කතා චිත්‍රපටවල‍ට එක්කළ අතර බහුලව නාදය යොදා ගැනීම් පිළිබද අත්හදා බැලීමක් ද විය. (Eyman 1997)

මෙහි වාසි දෙපිරිසම අත් කර ගන්නා ලද අතර මයික්‍ර‍ෆෝනයන්හි හා කැමරාවන්හි අතර තාක්ෂණික වැඩිදියුණු කිරීම් මෙන්ම නාද සංස්කරණය හා පසු සමකලනය සඳහා තවදුරටත් උත්සුක විය. ශබ්ද චිත්‍රපට නිහඬ චිත්‍රපටයන්ට වඩා විවිධ ප්‍රභේදයන්ට වාසිදායක විය. ප්‍රත්‍යක්ෂවම සංගීතාත්මක චිත්‍රපට බිහිවිය. පළමු සම්භාව්‍ය සංගීතාත්මක චිත්‍රපටය The Broadway Melody වූ අතර අධ්‍යක්ෂක Busby Berheley මෙම ක්‍රමයේ නිර්මාණකරු වේ. ප්‍රංශයේ සාහිත්‍ය කේෂ්ත්‍රයේ පුරෝගාමී අධ්‍යක්ෂක Rane Clair විසින් නිෂ්පාදනය කළ Surreal චිත්‍රපටයේ විකට දර්ශනවලදී ගීත හා නැටුම් යොදා ගන්නා ලදී. (Eg: Under the root of Paris, Le Million) රටේ සාම්ප්‍රදායික ගීත හා නාට්‍යවල බලපෑම ප්‍රබල ඉන්දියාව මෙම ක්‍රමය ඉක්මණින් ග්‍රහණය කරගත් අතර බොහෝ ශබ්ද චිත්‍රපටවල මූලික පදනම ලෙස මෙම සාම්ප්‍රදායික ගීත හා නාට්‍යවල බලපෑම ලෙස හඳුනාගත හැක.

මේ අවස්ථාවේදී ඇමෙරිකානු සටන් චිත්‍රපට වන (Little Caesar) වෙල්මන්ගේ The public Enemy ප්‍රසිද්ධියට පත්විය. හොල්වුඩ් විකට චිත්‍රපටවලදී විනෝදජනක නාට්‍යයට වඩා සංවාදය වඩා වැදගත් බවට පත්විය. (උදා:The Front Page හෝ It Happened One Night හි විටී බැක්ටර් 1934) මේල් වෙස්ට්ගේ ද්විත්ව තේරුම් රැගත් She done him wrong -1933 හෝ මැක්ස් බ්‍රදර්ගේ බොහෝ අවුල් වියවුල් ඇති වචන රැගත් Duch Soup(1933). The Wizard of O2 හා gone with the wind වැනි චිත්‍රපට බිහිවූ 1939 වර්ෂය ඇමෙරිකානු සිනමාවට දිගු වසරක් විය.



Reference: http://en.wikipedia.org/wiki/History_of_film#Creative_impact_of_sound




"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."