"කෘෂිකාර්මික ප්‍රතිපත්ති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'== ජාතික ආරක්ෂාව == ගෝලීය සැපයුමේ සිදුවන බිදවැටී...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

12:46, 24 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

ජාතික ආරක්ෂාව

ගෝලීය සැපයුමේ සිදුවන බිදවැටීම් වලින් ආරක්ෂා වීම සදහා ඇතැම් ජාතීන් ප්‍රමාණවත් ගෘහස්ථ නිෂ්පාදනයක් තුළින් ගෘහස්ථ අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට උත්සාහ කරයි.

විදේශීය ආහාර නිෂ්පාදකයින් මත සැලකිය යුතු ලෙස යැපීම යුධමය වාතාවරණයක් තුලදී සිදු වන අවහිර වීම් හා වෙළෙද කටයුතු පිළිබඳ ඇතිවන තාවකාලික තහනම නිසා රටකට උපක්‍රමශීලිව බලපෑම් එල්ල විය හැකිය. ප්‍රමාණවත් ගෘහස්ථ ආහාර නිෂ්පාදනයක් පවත්වාගෙන යාම තුළින් රටකට දේශපාලනික හේතු නිසා ඇති වන සැපයුම් කම්පන තුළින් ආරක්ෂා විය හැක.

ගෘහස්ථ නිෂ්පාදකයන්ට දේශීය හා ජාත්‍යන්තර වෙළඳ පොළවල් විවෘත කිරීම සදහා කෘෂිකාර්මික ප්‍රතිපත්ති යොදා ගත හැකිය. මෙය ඔවුන්ට තනියම නැගීසිටීමට හැකිවන තෙක් සිදු කරන තාවකාලික ක්‍රියාමාර්ගයකි. සමහර විට එය නිෂ්පාදිතයේ තරඟකාරීත්වය වැඩි කිරීමට හෝ විදේශීය තරඟකාරීත්වය කප්පාදු කිරීමට යොදා ගත හැකිය. මෙහිදි රජයට මැදිහත් වීමේ පිරිවැයක් දැරීමට සිදුවුවත් ශුද්ධ වශයෙන් වාසි දායක් තත්ත්වයක් උදාවේ. එයට හේතුව ඒ තුළින් අපනයන කර්මාන්තය ශක්තිමත් වීමත් ආනයන දුර්වල වීමත්ය.

== පරිසර සංරක්ෂණය සහ භූමි කළමණාකරණය ==

බොහෝ රටවල වැඩි භූමි ප්‍රමාණයක් වගාබිම් වලින් හා නොදියුණු ඉඩම් සමන්විත වේ. පරිසර සංවර්ධනය පිලිබද උනන්දුවක් දක්වා අනෙකුත් පාර්ශවයන්ට වඩා ඉඩම් හිමියන් පරිසර ප්‍රතිපත්ති තුළින් ධෛර්යමත් කළ හැක. උදාහරණ වශයෙන් සුවිශේෂි වගාක්‍රම වන වගාව ඉඩම් එලිකිරීම දුෂණය අඩු කිරීම වැනි ක්ෂේත්‍ර පිළිබද දැනුවත් කළ හැක.


ග්‍රාමීය දුගීබව හා විරැකියාව සමනය කිරීම

තමන්ගේ යැපීම් වලට මෙන්ම ආදායමක් උපයා ගැනීමටද මිනිසුන් අතිරේඛ වගාවන් කෙරෙහි යොමු වේ. මෙය බොහෝ විට තුන් වන ලෝකයේ ගොවියන්ගෙන් පිරි රටවලට අදාල වුවත් පෝලන්තය වැනි සංවර්ධිත රටවලට ද අදාළ වේ. පෝලන්තයේ ඉතා ඉහළ විරැකියා අනුපාතයකට හිමිකම් කියන අතර ගෙවිපලවල් විශාල ප්‍රමාණයකින් සහ යැපුම් කෘෂිකර්මයේ නියුතු ග්‍රාමීය ජනගහනයකින් සමන්විත වේ. මිල පාලනය දුප්පත් ගැමියන්ට උපකාරයක් වශයෙන් යොදා ගත හැක. බොහෝ රටවල් මෙවැනි සුභ සාධන ක්‍රම භාවිතා කරන අතර ඒ තුළින් දුප්පතුන්ට පහසුවෙන් ආහාර ලබා ගැනීමට හැකිවේ. මේ නිසා මිනිසුන්ගෙන් බදු අයකර මූල්‍යමය ආධාර සැපයීම අවශ්‍ය නොවේ.


කාබනික කෘෂිකර්මය පිළිබද තොරතුරු ලබාදීම

පෞද්ගලික ක්‍රියාකාරකම් තුළින් සමහර අවස්ථා වලදී අනෙකුත් පාර්ශවයන්ට සමාජ පිරිවැය දැරීමට සිදුවන බව ශුභ සාධන ආර්ථික න්‍යායෙන් පෙන්වා දෙයි. කාලීන කෘෂිකර්මය පලිබෝදනාශක දුෂණය හා නයිට්‍රේට් දුෂණය (Nitrate Pollutiol) හරහා සමාජ පිරිවැය ඇති කරයි. මීට අමතරව කෘෂිකර්මය විශාල ජලය ප්‍රමාණයක් භාවිතා කිරීමත් දුර්ලභ සම්පත් භාවිතා කිරීමත් මෙම තත්ත්වය තවත් ත්‍රීව කරයි. පලිබෝධ නාශක අඩු වශයෙන් භාවිතා කරන සහ නයිට්‍රේට් අඩු වශයෙන් පිට කරන කෘෂිකාර්මික කටයුතු සදහා බදු සහන ලබා දිය යුතු බව සමහර ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙයි. මෙවැනි කෘෂිකාර්මික කටයුතු සහනාධාර වලින් ශක්තිමත් කළයුතු බව ඔවුන්ගේ අදහසයි. 2002 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂික සහනාධාර වලින් 65% ක් එනම් දළ වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 16.5% ක් ඉහළම සිටින ගොවීන් 10% ක් අතරේ බෙදී යයි. එයට හේතුව සහනාධාර නිෂ්චිත පාරිභෝගික භාණ්ඩ හා සම්බන්ධ වී පැවතීමයි. අනික් අතින් කාබනික කෘෂිකර්මාන්තය සදහා උදවු වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 5 ක් ද අවුරුදු 5 ක කාලසීමාවක් සදහා වු පර්යේෂණ සදහා ඇමරිකන් ඩොලර් මිලියන 15 ක් ද ලබාදී ඇත.

Reference: http://en.wikipedia.org/wiki/Agricultural_policy#Objectives_of_market_intervention



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."