"ඇපලෝ වැඩසටහන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ඇපලෝ වැඩ සටහන 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත ච...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Apollo program|ඉංග්‍රීසි|en}}
ඇපලෝ වැඩ සටහන 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත චන්ද්‍ර ගමන් ඇති කිරීමේ අරමුණ මත නාසා මගින් අරඹන ලදී. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනකි. ජනාධිපති ‍ජෝන් එෆ් කෙනඩි විසින් මෙම අරමුණ 1961 දී ප්‍රකාශයට පත් කළ අතර එය 1969 ජුලි 20 වන දා නිල් ආම්ස්ට්‍රෝන් හා බස් ඔල්ඩ්‍රින් විසින් ඇපලෝ 11 මෙහෙයුම අතර තුරදී ඉටු කරන ලදී. වෙනත් ඇපලෝ මෙහෙයුම් 5 ක් ද ගගන ගාමීන් චන්ද්‍රයා මතට ගොඩ බස්වන ලදී. එවායින් අවසාන ගමන සිදු වුයේ 1972 දීය. මෙම ඇපලෝ අභ්‍යවකාශ ගමන් 6 මිනිසුන් වෙනත් ලෝකයක් මත පා තැබූ එකම අවස්ථාව විය. ඇපලෝ වැඩ සටහන විශේෂයෙන් චන්ද්‍ර ගොඩබෑම, මනුෂ්‍යය ඉතිහාසය විශාලම ජයග්‍රහණයක් ලෙස සැලකේ.
 
Line 9 ⟶ 10:
මෙම වැඩසටහන රොකට් කර්මාන්තය හා මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන්වල තාක්ෂණික මෙවලම්වල බොහෝමයක් අංශවල දියුණුවට හේතු වේ. මේවාට ගුවන් තාක්ෂණයේ භාවිතා වන ශිල්ප ක්‍රම විදුලි සන්දේශ හා පරිගණක ආදී ක්ෂේත්‍ර පුළුල් ලෙස ඇතුළත් වේ. මෙම වැඩසටහන ඉන්ජිනේරු ශිල්පය විවිධ ක්ෂේත්‍ර සඳහා ද පුද්ගලයන් උනන්දු කිරීමට හේතු විය. ඒවාට සංරචක කොටස්වලින් සෑදුණු සංකීර්ණ පද්ධතිවල පැවැත්ම අධ්‍යයනය කිරීමට සංඛ්‍යානමය ක්‍රම භාවිතා කිරීම ප්‍රගුණ කිරීම ආදිය ඇතුළත් වේ. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනේ අත්‍යවශ්‍ය උපාංගය වූ භෞතික පහසුකම් හා උපකරණ සිවිල්, යාන්ත්‍රික හා විද්‍යුත් ඉන්ජිනේරු ශිල්පවල වැදගත් සන්ධිස්තාන ලෙස පවතී.
 
වැඩ සටහනෙහි වූ බොහෝමයක් වස්තු හා මෙවලම් ලොවපුරා විවිධ ස්ථානවලදී දැක ගත හැක. ස්මිත් සොනියන්ගේ ගගන හා අභ්‍යවකාශ කෞතුකාගාර මේවා අතරින් විශේෂ වේ.
 
== References ==
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/ඇපලෝ_වැඩසටහන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි