"ශ්‍රී ලංකාවේ වී ගොවිතැන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
වී වගාව - ශ්‍රී ලංකාව යන්න වී ගොවිතැන - ශ්‍රී ලංකාව වෙත ගෙන යන ලදි: සැබෑ ශ්‍රී ලාංකික වගා ක්‍රම�
 
No edit summary
1 පේළිය:
මිනිසා ගොවි යුගයට පරිවර්තනය වූ දා පටන් එදා මෙදා තුර ලාංකිකයාගේ ප්‍රධාන ආහාරය බත් ය. ලංකාවේ තත්ත්වය විමසීමට පෙර ලෝකයේ වී ගොවිතැන පිළිබඳ විමසීමකට ලක්කළහොත් ග්‍රීන්හේ ගේ වර්ගීකරණයට අනුව වී වගාව සියුම් පාරිභෝගික කෘෂිකාර්මික අංශයට අයත් වෙයි. ලෝක ජනගහනයෙන් 2/3ක් පමණ වෙසෙන ආසියානු කලාපය වී ගොවිතැන සඳහා වඩාත් ප්‍රචලිත ය. [[Image:Pic25.gif|right|250px]]
#යළියොමුව [[වී ගොවිතැන - ශ්‍රී ලංකාව]]
 
 
 
ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මයේ මෙන් ම ආහාර භෝග වගාවෙහි ප්‍රධානත ම භෝගය වී වශයෙන් හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙරේ. ඉන් විශාල ශ්‍රම පිරිසකට රැකියා සපයා ඇත. එමෙන් ම අධික ජන සංඛ්‍යාවක් පෝෂණය කරන ධාන්‍ය වර්ගයකි. ශ්‍රි ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ද සැලකිය යුතු අන්දමින් දායක වේ. 1999 ‍වසරේදී දළ ජාතික නිෂ්පාදනයට එකතුව රුපියල් දශලක්ෂ 30197ක් වූ අතර ප්‍රතිශත දායකත්වය 3.04%ක් ෙව්.
 
 
[[Image:Pic2.jpg|center|400px]]
 
 
වී වගා කරන දිස්ත්‍රික්ක අතරින් ද යාපනය, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල වැඩි අස්වැන්නක් ලැබේ.
 
 
==වී ගොවිතැනට අවශ්‍ය භෞතික සාධක==
1. ප්‍රමාණවත් ජල සැපයුම හෝ මි.මී. 1500ක් ඉක්මවන (අගල් 60) ඍතුමය වර්ෂාව.[[Image:Pic9.jpg|right]]
 
2. ඉහළ උෂ්ණත්වය. (සෙ.ග්‍රේ. 24ක් පමණ)
 
3. ජලය රඳවා තැබිය හැකි හා ඉවත් කළ හැකි තැනිතලා බිම් හෝ හෙල්මලු බෑවුම්.
 
4. මැටි සහිත දියලු පස. (හ්‍යුමස්, වැලි, මැටි හා රොන්මඩ අඩංගු වීම)
 
 
 
 
==වී වගා ප්‍රදේශ==
 
ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙ‍රේ. නමුත් වැඩි ම බිම් ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අඩු ම බිම් ප්‍රමාණය නුවරඑළිය දිස්ත්‍රික්කයේත් දැකිය හැකි ය.
[[Image:Pic1.png|center|500px]]
 
'''වගාකරන ආකාරය අනුව ප්‍රදේශ '''2ට''' බෙදිය හැකි ය.'''
 
එනම්,
 
(අ) වර්ෂා ජලයෙන් වී වගා කරන ප්‍රදේශ.
 
(තෙත් කලාපයේ වගා බිම් සියල්ල මීට අයත් වේ.)
 
(ආ) ජල සම්පාදනයෙන් වී වගා කරන ප්‍රදේශ.
 
(වියළි කලාපයේ බොහෝ වගා බිම් මීට අයත් වේ.)
 
==ශ්‍රී ලංකාවේ වී ගොවිතැන ආශ්‍රිත ගැටලු==
 
(1) වී වගා කරන බිම් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීම.
 
ජල හිඟයෙන් ,ජල අතිරික්ත මගින්,කෘමි උවදුරු මගින් වී වගාවන් විනාශ වී යාමත් මේ හේතුවෙන් වගා බිම් අත්හැර දැමීම දක්නට හැකි ය. තව ද රටේ ඇති සිවිල් යුද්ධය නිසා වී වගාවෙන් බලාපොරොත්තු වන ආදායම් නොලැබීම, යෙදවුම් මිල ඉහළ යාම ආදී කරුණු ද වගා බිම් ක්‍රමයෙන් අඩු වීමට හේතු වී තිබේ.
 
(2)වී වගා කරන බිම් ප්‍රමාණයට වඩා අස්වැන්න ලබා ගන්නා බිම් ප්‍රමාණය අඩු වීම
 
ජල හිගය, ජල ගැලීම් මගින් වගාවන් විනාශ වීම, කෘමි උවදුරු හා වල්පැල හේතුවෙන් වගාවන් විනාශ වී අස්වැන්න අවම වී යයි
 
(3) දේශගුණික බලපෑම් මගින් වගාවන් විනාශ වීම.
 
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වගාවන් වර්ෂා ජලය මත පෝෂණය වේ. නමුත් නිරිත දිග මෝසම් මගින් එා සංවහන මගින් ලැබෙන වර්ෂාව නියමිත කාලයට නොලැබීම, අධික වර්ෂාවක් ලැබීමෙන් ජල අතිරික්තයක් ඇති වීම, එමෙන් ම වැඩෙන කාලයේ දී වැසි නොලැබීම ආදිය නිසා වගා විනාශ වේ.
 
වියළි කලාපයේ මහ කන්නයේ වර්ෂාපතනයෙන් ද යල කන්නයේ ජල සම්පාදනයෙන් ද වී නගාව කරයි. එම ප්‍රදේශවල ද අවශ්‍ය කාලයේදී වැසි නොලැබීම ජලය සිඳීයාම, අනවශ්‍ය කාලයේදී අධික වැසි නිසා ගංගා, ඇල දොල හා වැව් පිටාර ගැලීම ආදිය නිසා වගා විනාශ වේ.
 
(4) පස ආශ්‍රිත ගැටළු
 
දීර්ඝ කාලයක් වගා කිරීම, පොහොර භාවිත‍ය යනාදිය හේතුවෙන් පස ආශ්‍රිත ගැටළු රාශියක් මතු වී තිබේ
 
(5) යෙදවුම් භාවිතය අඩුකම
 
බීජවල මිල ඉහළ යාම, පොහොර හා පළිබෝධ මිල ඉහළ යාම හේතුවෙන් යෙදවුම් භාවිතය අඩු වී ඇත.
 
(6) වී නිෂ්පාදන අලෙවි කිරීමේ දුෂ්කරතා
 
ශ්‍රී ලංකාවේ සහතික මිල ක්‍රමයක් පැවතියත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් වී ගොවියා විශාල අර්බුදයකට මුහුණ දී සිටීග
 
(7) දියුණු යන්ත්‍රෝපකරණ භාවිතා නොකිරීම.
(8) ගතානුගතික වගා ක්‍රම අනුගමනය නිරීම.
 
(8) දියුණු වගා ක්‍රම භාවිතා නොකිරීම.
 
(9) සංවර්ධන යෝජනා ක්‍රම පරිහානියට යාම.
 
 
 
==ශ්‍රී ලංකාවේ වී වගාව දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග==
 
(1) ගොවි ජනපද ව්‍යාපාර ඇති කිරීම
 
    1. බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම.
 
    2. කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය.
 
(2) වැව් නවීකරණය කිරීම.
 
(3) දිස්ත්‍රික් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රම.
 
(4) නව බිජ හදුන්වා දීම.
 
(5)පොහොර සහනාධාර ලබා දීම.
 
(6) වී ගොවියාට ඉහළ මිළක් යටතේ රජය මගින් වී මිලදී ගැනීමට කටයුතු කිරීම.
 
(7) පොහොර සහනාධාර ලබා දීම.
 
(8) කෘෂිකාර්මික ව්‍යාප්ති සේවාවන් පුළුල් කිරීම.
 
(9) ගොවීන්ට ණය හා සහනාධාර ලබා දීම.
 
(10)වගා රක්‍ෂණ හඳුන්වා දීම.
 
==මේ අඩවිත් බලන්න==
* [[වී බිස්ස]]
* [[බත් සහ ව්‍යංජන]]
* [[හේන් ගොවිතැන]]
* [[වී වගාව - ලෝකය]]
 
=අඩවියෙන් බැහැර පිටු=
[http://www.kellnielsen.dk/download/Paddy.pdf Paddy Cultivation]
 
[[Category:කෘෂිකර්මය]]
[[Category:ආර්ථිකය - ශ්‍රී ලකාව]]
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_වී_ගොවිතැන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි