"ජේසුස් වහන්සේ වදාළ උපමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
ජේසුස් වහන්සේගේ උපමා, පෙනෙන ලෙසට ඉතා සරල, මතකයෙහි රැ‍ඳෙන-සුලු හා බොහෝ වි‍ට මනසේ චිත්ත රූප මවන කථාන්තර වන අතර සැමෙකක්ම පණිවුඩයක් සහිත වෙයි. ප්‍රාඥයන් අර්ථ නිරූපනය කරන පරිදී, මෙම උපමා සරල ලෙසට පෙනී ගියද, ඒවා විසින් ගෙන එන පණිවුඩ ඉතා ගැඹුරු සහ ජේසුස් වහන්සේගේ උගැන්වීම් හා කේන්ද්‍රගත ඒවා වෙති. ක්‍රිස්තියානු ලේඛකයන් මේවා දකින්නේ හුදු පැහැදිලි කිරීමේ පහසුව සඳහා භාවිත කල සාම්‍යයන් ලෙසින් නොව, අධ්‍යාත්මික ධර්මතා සඳහා සොබාදහම වෙතින් සාක්ෂ්‍ය සපයන අභ්‍යන්තර සාදෘෂ්‍යයන් ලෙසිනි.<ref>ෆ්‍රෙඩ්රිච් ගුස්ටාව් ලිස්කෝ 1850 ''ද පැරබ්ල්ස් ඔෆ් ජීසස්'' ඩැනියල්ස් සහ ස්මිත් ප්‍රකාශකයෝ, ෆිලඩෙල්ෆියා පිටු 9-11</ref><ref>ඇෂ්ටන් ඔක්ෂෙන්ඩන්, 1864 ''ද පැරබ්ල්ස් ඔෆ් අව ලෝඩ්''‎ විලියම් මැක්න්ටොෂ් ප්‍රකාශකයෝ, ලන්ඩනය, පිටුව 6</ref>
 
නිදසුනක් ලෙස ගතහොත්, ජේසුස් වහන්සේ විසින් දේව රාජ්‍යය සමාන කරන ලද්දේ, කුඩා වුවද, වැඩී පක්ෂීන්ට කූඩු තැනීමට පවා හැකි මහත්වූ ගසක් වීමට හැකියාව ඇති [[අබ ඇටය පිළිබඳ උපමාව |අබ ඇටය]]කට වෙයි. මේ අතර උන්වහන්සේ එය නැවතත් සමාන කලේ [[මුහුන් පිළිබඳ උපමාව |මුහුන්]] වලට වන අතර, එහි අභිප්‍රාය වූයේ, මනුෂ්‍යයන් එය සමග සම්මිශ්‍රණය වීමේදී දූෂණය හිස එසවීමට ඉඩ ඇති බව පෙන්නුම් කිරීමටය.
 
බටහිර සභ්‍යත්වයෙහි, මෙම උපමා විසින්, ''උපමාව'' යන වදනට [[මූලාකෘතිය (වාග් විද්‍යාව)|මූලාකෘතිය]] සැපයූ අතර, නූතන යුගයෙහිදී, [[බයිබලය]] පිළිබඳ වැඩි අවබෝධයක් නොමැත්තන් අතර පවා, ජේසුස් වහන්සේ විසින් වදාළ උපමා ලොව ඉතාමත් ජනප්‍රිය කථාන්තර බවට පිළිගැනුමක් පවතියි.<ref>විලියම් බාක්ලේ, 1999 ''ද පැරබ්ල්ස් ඔෆ් ජීසස්'' ISBN 066425828X පිටුව 9</ref>
 
==මූල බීජ සහ මූලාශ්‍රයන්==
{{ජේසුස් වහන්සේ}}
''මෂාල්'' යන හීබ්‍රෑ වදනෙහි පරිවර්තනය ලෙසින් ගත් කල, උපමාව යන වදනට ප්‍රහේලිකාව යන අරුතද දිය හැකිය. ඔවුන්ගේ ඉතිහාසය පුරාවටම, යුදෙව්වෝ, [[උපමාව|උපමා]] මගින් සිදු කල උගැන්වීම් වලට හුරු වී සිටි අතර, [[පුරාණ ගිවිසුම]] තුලද උපමා කිහිප සංඛ්‍යාවක් දක්නට ඇත. එමනිසා, ජේසුස් වහන්සේ විසින් උපමා භාවිතා කිරීම, උන්වහන්සේගේ කාලයෙහි පැවැති සම්ප්‍රදාය අනුව ගිය, ස්වභාවික උගැන්වුම් ක්‍රමවේදයක් විය.<ref>ෆීමි පර්කින්ස්, 2007 ''ඉන්ට්‍රඩක්ෂන් ටු ද සිනොප්ටික් ගෝස්පල්ස්'' ISBN 080281770X පිටුව 105</ref><ref>විලියම් බාක්ලේ, 1999 ''ද පැරබ්ල්ස් ඔෆ් ජීසස්'' ISBN 066425828X පිටුව 9</ref>[[කිතුදහම|කිතුදහමෙහි]] ප්‍රාරම්භයෙහි සිටම, ජේසුස් වහන්සේ විසින් වදාළ උපමා, ගෙන හැර දැක්වීම, උගැන්වීම සහ සාකච්ඡාවන්ට බඳුන් කිරීම සිදු වී ඇත .
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/ජේසුස්_වහන්සේ_වදාළ_උපමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි