"තාප ගති විද්‍යාවේ පළමු නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'විස්තරය තාප ගති විද්‍යාවේ ප්‍රථම නියමය මූලිකව...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
8 පේළිය:
ඉහත සූත්‍රකරණය ඉංජිනේරුවන්ගේ හා භෞතිකඥයන් විසින් වැඩි ඇල්මට ලක්වන බව අවධානයට ලක් කර ගන්න. රසානඥයන් දෙවන ආකාරය වඩාත් භාවිතා කරයි. එහිදී δw අර්ථ දක්වන්නේ පද්ධතිය මත කළ කාර්යය ලෙසය එම නිසා එහිදී ඉහත සමීකරණයේ කාර්ය පදයට ඉදිරියෙන් ධන ලකුණක් යොදනු ලැබේ. මෙම ලිපිය භාවිතා කරන්නේ ප්‍රථම අර්ථ දැක්වීමයි.
ගණිතමය සූත්‍රකරණය
පළමු නියමයේ ගණිතමය ප්‍රකාශනය දෙනු ලබන්නේ මඟිනි.
මඟිනි.
මෙහි dU යනු පද්ධතියේ අභ්‍යන්තර ශක්තියේ ඉතා කුඩා වැඩි වීමකි. δQ යනු පද්ධතියට එකතු කළ ඉතා කුඩා තාප ප්‍රමාණය වන අතර δw යනු පද්ධතිය මඟින් කරන ලද ඉතා කුඩා කාර්යය ප්‍රමාණයයි. ඉතා කුඩා තාපය හා කාර්යය සඳහා d වෙනුවට δ යන්න දී ඇත්තේ ගණිතමය ආකාරයේ දී ඒවා සපිරි අවකලන නොවන නිසාය. වෙනත් වචන වලින් ඒවා කිසිම පද්ධතියක තත්වයක විස්තර නොකරයි. සපිරි නොවන අවකලනයක අනුකලනය තාප ගතික පරාමිතීන්ගේ අවකාශයක් තුළින් ගත් විශේෂිත”මාර්ගයක්” මත රඳා පවතින අතර සපිරි අවකලනයක අනුකලනය ආරම්භක හා අවසාන තත්ව මත පමණක් රඳා පවතී. ආරම්භක හා අවසාන තත්ව එකම නම් සපිරි නොවන අවකලනයක අනුකලනය 0 හෝ 0 නොවිය හැකි නමුත් සපිරි අවකලනයක අනුකලනය සැමවිමට ශුන්‍ය වේ. තාපගතික පද්ධතියක් තත්ව අවකාශය තුළින් ගන්නා ලද පථයක් තාප ගතික ක්‍රියාවලියක් ලෙස හැඳින්වේ.
පළමු නියමයේ ප්‍රකාශනයක් සපිරි අවකලනය ආශ්‍රයෙන්, පද්ධතිය සිදු කළ කාර්යය එහි පීඩනය වරක් එහි පරිමාවේ ඉතා කුඩා වෙනසක් ලෙස ගනිමින් ලිවිය හැක. වෙනත් ආකාරයකින් δw = PdV මෙහි P පීඩනය V එහි පරිමාව වේ. ප්‍රතිවර්ත කළ හැකි ක්‍රියාවලියක් සඳහා පද්ධතියට එකතු කළ මුළු තාපය δQ = TdS ලෙස හැකි විය හැක. මෙහි T උෂ්ණත්වය හා S එන්ට්‍රොපිය වේ. ප්‍රතිවර්ත කළ හැකි ක්‍රියාවලියක් සඳහා ප්‍රථම නියමය මෙලෙස ප්‍රකාශ කළ හැක.
Line 37 ⟶ 36:
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/තාප_ගති_විද්‍යාවේ_පළමු_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි